Published On:
Posted by gossip lanka live

Chat With Nadeesha Hemamali මට ආදරයක් ලැබිලයි තියෙන්නේ. මං ආදරවන්තියක්

නදීෂා හේමමාලි පිළිබඳව විවිධ පුවත් වාර්තා වුවද ඇය විවාහවීමට යන බවක් මෙතෙක් වාර්තා වුනේ නෑ.

නමුත් ඇය පුවත්පතකට හෙළිකර තිබෙන්නේ ඇය දැන් පෙම්වතියක් බවයි. ඉදිරියේදී විවාහවීමට නියමිත වුනත් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කිරීමට ඇයට කළ නොහැකි බවත් පවසා තිබුණා.

ජීවත්වෙන්න ආදරය අවශ්‍යයිද නදීෂා?
මට නම් ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ආදරය ඕනෑ. ආදරය නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.

ආදරය වෙනුවෙන් ඔයාට ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන්ද?
මට නම් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න බෑ. මම මගේ නිදහස් සියයට සියයක්ම අගය කරන කෙනෙක්. ආදර වෙනුවෙන් මගේ නිදහස වෙනස් කරන්න මට බෑ. ඒකට මම කැමති නෑ.

මගේ අනන්‍යතාවය මට තියෙන්න ඕනෑ. මං මාව වෙනස් කරගන්න කැමති නෑ. එහෙම වුනොත් එතැන ඉන්නේ මම නෙවෙයිනේ

ආදරයේදී වෛරය වගේ දේකට ඉඩක් තියනවද?
අපි කවුරුත් පෘථග්ජන මිනිස්සුනේ. එහෙම දේවල් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පසුතැවිල්ල වගේ ව්‍යාධීන් ඇතිවෙන්නත් පුළුවන්. ඒත් හොඳම දේ ඒ වගේ දේවල් ඇති නොවෙන විදිහට කටයුතු කරන එකයි.

රැවටීම බොරුව කියන දෙයක ආදරය තියෙන්න පුළුවන්ද?
එහෙම දේවල් තියනවා නම් ඒක සැබෑ ආදරයක් නෙවෙයි.

ඔයා එහෙම රැවටුන අවස්ථා තියනවද?
හ්ම්ම්...තියනවා.

මැරෙන තුරාවට වෙන් වෙන්නැති ආදරය ගැන මොකද හිතෙන්නේ
ආදරේ ගැන එහෙමත් කියනවා. මං විශ්වාස කරන්නේ හිතට බරක් නැති ආදරයක්. වචන වල අර්ථයට වඩා වැඩි දෙයක් එතන තියනවා.

එහෙම ආදරයක් ඔයාට ලැබිලා තියනවද?
ඔව්. මට එහෙම ආදරයක් ලැබිලයි තියෙන්නේ. මං ආදරවන්තියක්

ඒ ආදරය කලා ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන්ද?
ඒක රහසක්.

ලඟදීම ඔයාගේ ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනවද?
මට තව වගකීම් ටිකක් තියනවා. ඒ දේවල් ඉවර වුනහම මං විවාහ වෙනවා. ඒක හින්දා දැන්ම දින වකවානු කියන්න බෑ.


About the Author

Posted by gossip lanka live on 4:17 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:17 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Nadeesha Hemamali මට ආදරයක් ලැබිලයි තියෙන්නේ. මං ආදරවන්තියක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.