Published On:
Posted by gossip lanka live

20/20 ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට

පන්දුවාර 20/20 ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන හට හිමිවී ඇත.

මෙවර 20/20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ තණ තීරුවල පවතින තත්ත්වයන්ට වඩා හොඳින් මුහුණ දුන් ලොව පුරා සිටින ක්‍රීඩකයින් 11 දෙනෙකු මෙලෙස තේරී පත්වී ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධන, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.

මෙවර 20/20 ලෝක කුසලානයේ අනුශූරතාවය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු මෙම ලෝක 20/20 කණ්ඩායමට ඇතුළත්ය.

එමෙන්ම එහිදී ශූරතාවය ලබාගත් බටහිර ඉන්දීය කොදව් පිලේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මෙහි වේ.

තවද ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ පකිස්තානයෙන් ක්‍රීඩකයින් ද මීට ඇතුළත්ව සිටියි.

පන්දුවාර 20/20 ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශූරතාවය ලබාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් සහ එංගලන්තයෙන් සිව් දෙනෙකු පන්දුවාර 20/20 ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

අනෙකුත් ක්‍රීඩිකාවන් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ නවසීලන්තය යන කණ්ඩායම්වලින් තේරී පත්වී තිබේ.

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක රංජන් මඩුගල්ල මහතා ද සහභාගී වී ඇත.

About the Author

Posted by gossip lanka live on 10:58 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:58 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "20/20 ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට "

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.