Published On:
Posted by gossip lanka live

Chat With Dayasiri jayasekara - ගායකයකු ලෙස යන්න දුරක් මට නැහැ.



සංසාරේ ආල සිනා

ශෘංගාරේ යා කෙරුණා

පිනියායේ සැරි සරනා

වරුගානේ කොඳුරමිනා

සිත අස්සේ ඈ රැඳුනා

සිත මාගේ පිනි ඉසිනා

නෙතු යායේ ඉඟි බසිනා

රතු දෙතොලක පැහැසර රැඳුණා

වතු සුදු මල හද තුළ පිපුනා.

ඔබෙ සුවඳ දිදී මදනල වෑහිලා පායා......

මේ ගීතය ගයන ඔහු කවුද කියා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඔහු දේශපාලන කරළියේ ජනප‍්‍රිය චරිතයක් ලෙස ඔබ හොඳින් දන්නා හඳුනන දයාසිරි ජයසේකරය. අද ඔහු ගැන වැඩිදෙනා කතා බහ වන්නේ ‘‘සංසාරේනමැති මේ මියුසික් වීඩියෝව නිසාය. වත්මනෙහි
විකාශය වන මියුසික් වීඩියෝ අතරින් ඉහළ ජනප‍්‍රියත්වයක් ලැබෙමින් පවතින මියුසික් වීඩියෝවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. හදපත්ලෙන්ම දැනෙන ආදරය ගීතයෙන් ප‍්‍රකාශ කරන අපූරු ආමන්ත‍්‍රණයක් ලෙස ඔහු ගයන මෙම ගීතය නම් කළ හැකිය. සාමාන්‍යයෙන් ජනතාව අතර
දේශපාලනඥයින් ප‍්‍රකටව ඇත්තේ බයිලා කියන පිරිසක් හැටියටය. එවැනි ආමන්ත‍්‍රණයක් තිබියදී සැබෑලෙස ගීතයක් ගයමින් සොඳුරුතම ආමන්ත‍්‍රණයක යෙදෙන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සමඟ දේශපාලනයෙන් තොර ගීතවත් පිළිසඳරක යෙදෙමු.



ඇයි ඔබට මියුසික් වීඩියෝවක් කරන්න හිතුණේ?

එක් එක් අවස්ථාවලදී ගීත කීපයක් ගායනා කරලා තිබුණා. වසර කීපයක් තිස්සේ කළ ඒ ගීත එසේ තිබියදී තමයි මෙගා ස්ටාර් වැඩ සටහනට දායක වුණේ. මෙගා ස්ටාර් අවසන් වූ පසු මියුසික් වීඩියෝවක් කරමු කියන මේ අදහස සචිත් පීරිස් තමයි කිව්වෙ. ඒ විදියට නිර්මාණය වූ මෙය
දිනෙන් දින ජනප‍්‍රිය වෙමින් තිබීම ඇත්තටම සතුටට කරුණක්.



මෙය කළේ තවත් විදියකට ජනප‍්‍රියත්වය රඳවා ගැනීමේ උපායක් ලෙසද?

නැහැ, කොහෙත්ම නැහැ. තවත් විදියකට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස මුළු රටේම ජනතාව අතර කිසියම් ජනප‍්‍රියත්වයක් ලබලා ඇති. මෙය ඊට කොහෙත්ම සම්බන්ධ නැහැ. ජනතාව නිතර මා හමුවන අවස්ථාවලදී මෙවැනි දෙයක් කරන්නය කියන
ඉල්ලීම බොහෝවිට කළා. මගේ හිත මිතුරන්ද එලෙස නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කවදද සී.ඞී.එකක් කරන්නෙ? කියන එක තමයි නිතර ඇහුවෙ. ඒ සියල්ලට අනුව කළ නිර්මාණ එළි දැක්වීමක් ලෙස මෙය නම් කරන්න පුළුවනි.



නමුත් වත්මනෙහි ගීත කලාව ගැන සමාජයේ බොහෝ දෙනා අතර, එතරම් පිළිගැනීමක් සහ හැඟීමක් නැහැ. එවැනි සමාජයක ඔබ මේ තෝරාගත් රචනය ගැන

සෑහීමකට පත් වෙනවද?

ඔය කියන දේට එක්තරා විදියකට මාත් එකඟයි. සමාජයේ සමහර කොටස් අතර ගීත කලාව ගැන එතරම් උනන්දුවක් නැති බව ඇත්ත. නමුත් විවිධ රචකයින්ට වගේම ශිල්පීන්ගේ හඬට සාපේක්‍ෂව ගීතය විවිධාකාර වෙනවා. මෙම ගීතයේ සංකලනය පද රචනයට සාපේක්‍ෂව
නියමාකාරයෙන් මුසුවූ බව මගේ හැඟීමයි. පද රචනය කළ ෂෙහාන් ගලහිටියාව, රූප රචනය මෙන්ම තනුව කළ සචිත් පීරිස්ගේ සංගීතය මෙන්ම නිෂ්පාදන කටයුතු ආදී සියල්ලගේ නිර්මාණ දායකත්වය ඊට බලපෑවා. මෙය තනිකර මගේ නිර්මාණයක් නොවෙයි. මේ සියලූ දෙනාගේ
නිර්මාණයක්. මෙය සරල අත්දැකීමක්. පෙම්වතා එය යළි ආවර්ජනය කිරීම තමයි ගීතයෙන් ප‍්‍රකාශ වන්නෙ. මේ විදියට සරලව රස විඳිය හැකි ගීත වගේම මහා ගැඹුරු අරුතක් දනවන ගීත ආදී විවිධ ගීත මෙම කලාවට අයත්. ඒ සියල්ල ගීත කලාවට අවශ්‍ය බව මගේ හැඟීමයි.



පුද්ගලිකව ඔබ ගීතය යන මාතෘකාව ගැන හිතන්නෙ කොහොමද?

රචනයට මුසුවූ තනුවට සාපේක්‍ෂව නිර්මාණය වූ ගීතය අපේ ජන සමාජයට විටෙක පණිවුඩයක් ගෙන දෙනවා. කෙනෙකුගේ කිසියම් අත්දැකීමක් තවත් පිරිසකට දනවන්න පුළුවනි. මේ විදියට බොහෝ දේ ප‍්‍රකාශ කළ හැකි සංවේදී මාධ්‍යයක්. සංවේදී සන්නිවේදන භාෂාවක්.



මෙය ඔබේ පුද්ගලික අත්දැකීමක්ද?

නැහැ නමුත් කාට හෝ අත්දැකීමක් බවට පෙරළුණ තේමාවක් වෙන්න පුළුවනි. විරහා ගීත කලාවේ විවිධ ස්වරූප තිබෙනවා. ඒ අතර මෙම ගීතය ආදරයේ සුන්දර ආවර්ජනයක් කියලයි මට හිතෙන්නෙ. එය සෑම කොටසකටම විඳ ගත හැකි බව මගේ හැඟීමයි.



අපි අතීතයට ගියොත්, මතකද ඔබ මුලින්ම ගීතයක් ගැයූ දවස?

එතකොට මගේ වයස අවුරුදු හතක් විතර ඇති. මම කිත්සිරි අය්යා සහ අක්ක ශ‍්‍රියානි ධම්මිකා එකතුවෙලා මඟුල් ගෙවල්වල ජයමංගල ගාථා කියන්න ගියා. අපේ නෑදෑ මංගල උත්සව සහ තවත් ඒවාට අපව තෝරා ගත්තා. පසු කාලයක ආනන්ද රන්බණ්ඩාර මහතාගේ සංගීත පන්තියට
බැඳී කටයුතු කළා. පසු කාලයක මම අය්යා එකතුවෙලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියා. ඒ දවස්වල රූකාන්ත සහ පණ්ඩිත් අමරදේව මෙන්ම සුනිල් එදිරිසිංහයන්ගේ ගීත මම ගායනා කළා. රූකාන්තගෙ ‘‘ඉඳුනිල් ගඟුලැල්’’ ආත්මාගේ ලියතඹරා වැනි ගීත ඒ දිනවල
මගේ ප‍්‍රියතාවයේ ඉහළින් තිබූ ගීත වුණා. ඊට පසුව කොළඹ සරසවියේ නීති පීඨයේ සිටියදී ‘‘පූර්විකා’’ නමින් මම ප‍්‍රසංගයක් කළා. මගේ ගීත වගේම වෙනත් අයගෙ ප‍්‍රකට ගීත ඊට ඇතුළත් වුණා.



දේශපාලනයට නෑවිත්, වෘත්තීය ගායන ශිල්පියකු ලෙස කටයුතු කළානම්, අද ඔබ මොන වගේ තැනක සිටීවි කියලද හිතන්නෙ?

ජනප‍්‍රිය වෙන්න ඉඩ තිබුණා. ඒත් ගායකයකු ලෙස යන්න දුරක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස ජනතාව අතරට ගිය මේ ගමන ගැන සෑහීමකට පත්වෙනවා. දේශපාලනයෙන් මැරෙනකල්ම ජනතාවට සේවය කිරීම අරමුණයි.



කාලයකදී ඔබ නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කර තිබෙනවා නේද?

ඇත්තටම ඒ කාලයේදී නළුවකුවීමේ ආසාව තිබුණා. බඹර කලාපය චිත‍්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව සත්සර රංගන වැඩ සටහනේ ගීතමය ජවනිකාවලට රඟපෑමෙන් එක්වුණා. කාලයක් නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කළා.



මේ මියුසික් වීඩියෝව ඔබගේ දේශපාලන ප‍්‍රතිරූපයට ගැලපෙනවා කියලා හිතනවාද? එය ඊට හානියක් නැද්ද?

දිගින්-දිගටම ගීත ගැයීමේ අදහසක් මට නැහැ. එය වෘත්තියක් කර නොගන්නා නිසා මට එය ප‍්‍රශ්නයක් වන එකක් නැහැ. නීතිඥවෘත්තිය සහ දේශපාලනය මගේ ගමනාන්තයයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ






Sansare Song by Dayasiri Jayasekara 

About the Author

Posted by gossip lanka live on 10:52 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:52 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Dayasiri jayasekara - ගායකයකු ලෙස යන්න දුරක් මට නැහැ."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.