Published On:
Posted by gossip lanka live

werona sihala teledrama by sriyani amarasena


මා ඇයව හමු වූයේ බොහෝ කාලයකට පසුවයි. අසන්නට බොහෝ දේ ඇතත් ඊට පෙර ඇය කතාව ආරම්භ කළාය. අපි ඉතාලිය බලා පිටත් වුණේ පසුගිය ජනවාරි මැද භාගයේදී. මීට පෙර කීප වතාවක්ම ඉතාලියට ගොස් තිබුණත් ටෙලි වෘත්තාන්තයක් රූපගත කිරීමට ගිය පළමු ගමන මෙයයි.
මේ ගැන දැනගත් සමහර අය කිව්වේ ඇයි මේ කාලයේ යන්නේ? ගස්වල කොල හැළිල පාළු මුඩු බිම් හැම තැනම. ඉතාලියේ ලස්සන නම් බලන්න බැරි වේවිකියල. ඇත්තටම අපේ කතාවට ගැළපෙන්නේ ඒ පසුබිම තමයි. මිලානෝ ගුවන් තොටුපොලේ සිට පැයක පමණ ගමනකින් පසු අපි ළඟා වුණේ ලෙක්කෝ ප්‍රදේශයටයි. ඉතාලියේ තියෙන සුන්දර ස්ථානවලින් එකක් වන ලෙක්කෝ. නගරය වට කොට තිබුණු විල් සමූහයත් ඈතින් පෙනෙන කඳුවැටියත් වෙරෝනාට සුන්දර දසුන් එක් කලා.
ගීතාංජලී රණවීර සුන්දර තරුණියක්. ඇය සේසිරි වනිගසේකරට අයත් ආයතනයක ලේකම්වරියක් ලෙස සේවය කරයි. මේ අතරතුරදී දෙදෙනා පමණක් සහභාගිවන විදේශ සංචාරයකදී ඔවුන් ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව අතුරුදන් වෙයි. මේ අනතුරින් පසුව දෙදෙනා පිළිබඳ නොයෙකුත් ආන්දෝලනාත්මක කට කතා පැතිර යන අතර, මැදි විය ඉක්ම වූ සේසිරි හා ගීතාංජලී අනිසි ඇසුරක් ඇති බව ප්‍රධාන කතාන්දරය බවට පත්වෙති. මේ හේතුවෙන් වනිගසේකර පවුල සහ රණවීර පවුල, අතර වෛරයක් ඇති වේ. සේසිරි වනිගසේකර ගේ පුතු වන රිචඩ් වනිගසේකර ඉතාලියේ රූපවාහිනි නාලිකාවක සේවය කරන අතර මේ සිදුවීම් සමගින් රිදුනු සිත් ඇතිව සේසිරි වනිගගසේකරගේ බිරිඳ අයෝනා ද ඉතාලිය බලා පිටත්වේ.
මේ සිදුවීම් දාමය අතරතුරදී ඉතාලියේ වෙසෙන පෙම් යුවලක්වන ෆිරෙන්සි සහ ස්ටෙලා හදිසියේ ඇතිවන හීතල කුණාටුවකට හසු වෙයි. මෙම අනතුරෙන් ෆිරෙන්සිගේ පිට කොන්දේ ආබාධයක් ඇති වෙයි. ෆිරෙන්සිගේ මිතුරාවන රිචඩ් වනිගසේකර ඔහුට උදව් කිරීමට පෙළඹෙන්නේ ලංකාවේ ආයුර්වේද වෙදකමේ අගය සඳහන් කරමිනි. ඒ අනුව සිය විවාහය ප්‍රමාද කරන ෆිරෙන්සි ප්‍රතිකාර සඳහා ලංකාවට පැමිණේ.
සේසිරි වනිගසේකර සහ රණවීර පවුල් දෙකටම හිතවත් රෙක්ස් නම් පුද්ගලයා කටකතා පතුරවමින් මේ පවුල් දෙක අතර ගැටුම් ඇති කළත් අවසානයේදී ඔහු තමා දියත් කළ මෙහෙයුම ගැන හෙළි කරයි. තරුණ කාලයේ සිටම සේසිරි වනිගසේකරගේ මිතුරෙකු වූ ඔහුට සේසිරි මෙන් දියුණු තත්ත්වයට පැමිණීමට නොහැකි වන අතර තරුණ වියේදී අයෝනාට සිතින් පෙම් කරයි. සේසිරි යටතේ ඔහුට සේවකයෙක් ලෙස වැඩ කිරීමට සිදුවීම මෙන්ම, අයෝනා නොලැබීමේ වෛරය නිසා රෙක්ස් මෙම තත්ත්වය ඇති කරයි. මෙහිදී ඔහු සේසිරිගේ අතීතය හෙළි කරයි.
සේසිරි වනිගසේකර යනු ගීතාංජලී රණවීරගේ සොයුරා වන මනුලගේ පියාගේ බාල සොයුරා බවත් ගීතාංජලී යනු මනුලගේ මවට සේසිරිට දාව උපදින දියණිය බවත් හෙළි වේ. සිය දියණිය වන ගීතාංජලීට ලේ පිළිකාවක් වැළඳී ඇති බව දැනගන්නා සේසිරි කාහටත් රහසේ සිය දියණිය කැටුව විදේශගත වන්නේ ඇයට ප්‍රතිකාර ලබා දීම වෙනුවෙනි. ඒ අවාසනාවන්ත ගුවන් අනතුරට ඔවුන් මුහුණ දෙන්නේ මේ හේතුවෙනි. රෙක්ස් විසින් මේ සියලු තතු හෙළි කිරීම සමඟ පවුල් දෙක අතරට නෑකමක් එක් කරමින් ගැටුම් නිම වේ. රිචඩ් වනිගසේකර සිය ඉතාලි පෙම්වතියගෙන් රිදුනු සිත හදා ගනිමින් ලංකාවට පැමිණ සිංහල යුවතියකගේ අත ගනියි. ආයුර්වේද ප්‍රතිකාරවලින් සුවය ලබන ෆිරෙන්සි සිය ආදරණීය පෙම්වතිය ස්ටෙලා වෙතට යයි. මේ සියලු සිදුවීම් හමුවේ අයෝනා මැදහත් සිතින් සිතන්නේ සිය සැමියා මීට පෙර මේ තොරතුරු දැන්වූයේ නම් තමා අනිවාර්යයෙන් ඔහුට සමාව දෙන බවයි. කට කතාවකට තවත් අයෙකුගේ මනසට කෙතරම් බලපෑම් කළ හැකි ද? එය ඔවුන්ගේ ජීවිතවලට කුමනාකාරයෙන් බලපෑමක් කරයි ද? ජීවිතයේ ප්‍රශ්න විසඳා ගැනීමට සමහරු විදේශ ගතවේ. සමහරෙක් සිය මව් රටට පැමිණේ. මේවායින් කෙතරම් දුරට සැනසුමක් ලැබෙයි ද? ආදරය, අනුකම්පාව, වෛරය, පළිගැනීම යන මේ හැම දෙයකින්ම ලබන චිත්ත ප්‍රීතියේ සතුට සදාකාලික ද? මේ ගැන කතා කරන්නේ වෙරෝනායි.
ඉතාලි, ශ්‍රී ලංකා ටෙලි නිර්මාණයක් වන වෙරෝනා හි අධ්‍යක්ෂවරිය ඇයයි. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියාණි අමරසේනයි. නැවතත් ඇය ඉතාලියේ මතක අතරට යාමට සැරසේ.
වෙරෝනා රූගත කිරීම්වලට අපි මුලින්ම ගියේ වෙරෝනාවට. රෝමියෝ ජුලියට්ගේ ආදර කතාව මේ නිර්මාණයේ ආදර කතාවටත් ප්‍රාණයක් එක් කළා වගේම පාවෙන නගරය වැනිසිය පාදුවා පල්ලිය එය තවත් විචිත්‍රවත් කළා. අප ගිය අලුත තද සීතලක් නොතිබුණත් හිමපතනය පටන් ගන්නේ හිටි අඩියෙන්මයි. වසර 23 කට පසුව යුරෝපයේ ඇති වූ දරුණුම හිමපතනයට මුහුණ දෙන්නත් අපට සිදු වුණා. මේ තරම් සීතලක් , මේ තරම් හිම කන්දරාවක් ඉතාලියේ ජීවත්වන අයවත් බලාපොරොත්තු නොවන්නට ඇති. ඉතිං ශ්‍රී ලාංකික අපට මේ අත්දැකීම් ගැන කියන්නට වචන නැති තරම්. ඇත්තටම හරිම සුන්දරයි. මුළුමනින්ම හිමෙන් වැසුණු කඳු මුදුනට හිරු එළිය පතිත වනවිට කැමරාවට ලස්සන රූප රාමු පෙළක් හසු වී තිබුණා. අනතුරුව වෙරෝනාහි දර්ශන තලය සැකසුණේ ස්විට්සර්ලන්තයේදී. එහි වූ උස් ගස් සහිත හිමෙන් වැසුණු පටු මාවත් වෙරෝනාට අමුතුම මිහිරියාවක් එක් කළා. ඇය සිනාමුසු මුහුණින්ම කතාව නිම කළා. ඉතාලිය, ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තයේ සුන්දරත්වය සමඟින් විචිත්‍රවත් වෙරෝනා හි ආදර කතාව නුදුරේදී පුංචි තිරයෙන් දිග හැරෙනු ඇත.
රංගන දායකත්වය:
රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, ඕෂධී හේවාමද්දුම, ජගත් චමිල, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානආරච්චි, ග්‍රේස් ආරියවිමල්, ප්‍රතිභා හෙට්ටිආරච්චි, උමයංගනා වික්‍රමසිංහ, අජිත් ලොකුගේ, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලිනී ජයකොඩි, නිලන්ති ඩයස්, ඉන්දික ධර්මතිලක, නිලංගනී පෙරේරා, සෝමසිරි කොළඹගේ, මලර් ආටිගල, ජනක සම්පත්, රාජසිංහ ලෝලුවාගොඩ, අරුණ හේවාමද්දුම, මානෙල් චන්ද්‍රලතා, මනීෂා නාමල්ගම, අයිරාංගනී සමරසිංහ.
ගරු රඟපෑම්:
රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, චානක පෙරේරා
ඉතාලියෙන් රංගන දායකත්වය: රොෂාන් ප්‍රනාන්දු, මනෝරි වීනස්, අයි. ඩී. අනුර, ගිහාන් පෙරේරා, ශේන් ඩී. සිල්වා, අසෝක වීරසිංහ, නිලන්ත පෙරේරා, ෂෙරින් ප්‍රනාන්දු, දමිත් ප්‍රනාන්දු, ලුක් ලොඩ්වින්
නිෂ්පාදන කණ්ඩායම:
නිෂ්පාදන කළමනාකරණය - සෝමදාස මල්දෙණිය, චමින්ද හේවාවසම්
කලා අධ්‍යක්ෂණය යූ. කේ. මහින්ද
වේෂ නිරූපණය - ෂනිල් වැලිවිට
සහාය අධ්‍යක්ෂණය ජගත් චමිල (ඉතාලිය (ශ්‍රී ලංකාව), සෝමදාස මල්දෙණිය
සහාය කැමරාකරණය - සංජීව කුමාර (ඉතාලිය),
දර්ශන මොරකැටිය (ඉතාලිය)
ගායනය නාරද දිසාසේකර (මේ භවයේදී), ක්‍රිෂාන් සංජීව, රුවිනි රන්රේඛා
ගී පද මාලා - නිලාර් එන්. කාසිම්
සංගීතය - සරත් වික්‍රම
සංස්කරණය - තිසර සමන්ත බණ්ඩාර
කැමරාකරණය ප්‍රදීප් බුලත්සිංහල
නිෂ්පාදනය - රොෂාන් ප්‍රනාන්දු (ඉතාලිය), චානක පෙරේරා, ඕෂධී හේවාමද්දුම
පිටපත, අධ්‍යක්ෂණය - ශ්‍රියාණි අමරසේන











About the Author

Posted by gossip lanka live on 3:38 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:38 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "werona sihala teledrama by sriyani amarasena"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.