Published On:
Posted by gossip lanka live

Chat With satishchandra edirisinghe


ටික කාලෙකට අයින් වුණා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් කළ යුතුයි. ආකල්ප මත තමයි සාරධර්ම ගොඩනැඟෙන්නේ. ඒ සාරධර්ම පිරුණු කෙනෙකුගේ තමයි විනය හොඳ වෙන්නේ. එහෙම කෙනෙකුට යහපත් දර්ශනයක් ඇතිව ජීවත්වෙන්න පුළුවන්.
මිහිදු සංස්කෘතික පදනමේ තෙවන සංවත්සරය නිමිත්තෙන් භාවපූර්ණ රංගධරයකු මෙන්ම අධ්‍යක්‍ෂවරයකු වන කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් විරචිත නව උපදේශ ග්‍රන්ථ ත්‍රිත්වය දොරට වැඩුම හා සුවඳ පත්මඋපහාර සම්මාන ප්‍රදානය මේ මස 29 වන බදාදා පස්වරුවේ කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදි පවත්වන්නට සූදානම් අතර ඒ පිළිබඳ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් හා පිළිසඳරක යෙදෙන්න අප කල්පනා කළා.
ප්‍රවීණ රංගධරයකු වන ඔබ දැන් ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස සිය භූමිකාව වෙනස් කරගෙන. ඇයි මෙවැනි දෙයකට මුල පිරුවේ.
එවැනි දෙයකට මුලපුරන්න හේතු කිහිපයක් බලපෑවා කියලා මට හිතෙනවා. අද වෙනකොට මම දේශකයකු හැටියටත් කටයුතු කරනවා. 1995 දී මගේ මිත්‍රයෙක් වෙන කරු හීනටිගල ආරාධනා කළා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන දරුවන් වෙනුවෙන් දේශන කරන්න. එය සාර්ථකව කාලයක් තිස්සේ කරන අතර වාරයේදි මට දැනුණා සාමාන්‍ය ජනතාවට යහපත් සාර්ථක ජීවිතයක් ගතකරන්නට අවශ්‍ය කාරණා ලබාදෙන්න පුළුවන් නම් කියලා. ඒ නිසයි මෙවැනි උපදේශන ග්‍රන්ථකරණයට මා යොමුවුණේ.
ඒ හරහා කුමක්ද ඔබ සාමාන්‍ය ජනතාවගෙන් බලාපොරොත්තු වන වෙනස.
පැහැදිලිවම මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් කළ යුතුයි. ආකල්ප මත තමයි සාරධර්ම ගොඩනැඟෙන්නේ. ඒ සාරධර්ම පිරුණු කෙනෙකුගේ තමයි විනය හොඳ වෙන්නේ. එහෙම කෙනෙකුට යහපත් දර්ශනයක් ඇතිව ජීවත්වෙන්න පුළුවන්. තව දෙයක්, කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගන්න නම් භෞතික වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගත යුතුයි.
මේ දියුණුව ලබා ගැනීමට ඒකායන මාර්ගය දහමයි. ඉතිං මගේ උත්සාහය දහම හා කලාව පාදක කරගෙන සාමාන්‍ය ජනතාවගේ ජීවිතය සාර්ථක කිරීමට අවශ්‍ය වන කිසියම් ශක්තියක් හා පන්නරයක් ලබාදීමයි.
ඒ නිසාම දැන් ඔබ අනවරතව ග්‍රන්ථකරණයේ නියැළෙන්නද උත්සාහ දරන්නේ.
තවමත් මම කලාව තුළ සක්‍රීය චරිතයක්. නමුත් දේශන වලදි මා ලබන අත්දැකීම් හා ඉල්ලීම් මාව උපදේශ ග්‍රන්ථකරණයට යොමුකළා කියලා හිතෙනවා. මීට කලින් මම පළකළ අප සතු මිණිමුතු 1 සහ 2’ මිනිසුන් අතර කතාබහා වුණා. අගය කළා. උනන්දු කළා.
ඊට පසු කළගුණ’, ‘අපේ තාත්තා’, ‘අපේ අම්මා’, ළමා පොත් විදිහට කළා. ඒ අතරම ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්වය’, නිලධාරින් සඳහා කාර්ය සාධන නායකත්වය’, ‘යහපත’, කතා කලාව පිළිබඳ කටවට කර වැට’, ‘ජලය සහ මිනිසාවැනි ග්‍රන්ථ සාර්ථක වුණා කියලා මට හිතෙනවා. ඉදිරියේදි මගේ බලාපොරොත්තුව තියෙන්නේ දේශීය ආහාර පිළිබඳ ගුණාගුණ ග්‍රන්ථයක් හා ප්‍රදර්ශනයක් කරන එක.
මෙවර ඔබ අතින් විරචිත කෘති ත්‍රිත්වයට කුමක්ද ඔබ පාදක කරගත්තේ.
මෙවර කෘති ත්‍රිත්වය මම රචනා කළෙත් සාර්ථක ජීවිතයකට මඟ කියාදීමේ අරමුණින්. අද සමාජයේ පවතින තරගකාරිත්වය එක්ක බොහෝ දෙනෙක් ඉන්නේ ආතතියෙන්. ඉතිං මට අවශ්‍ය වුණා ජීවිතය දෙස අලුත් කෝණයකින් බලන්න කියලා පණිවුඩයක් දෙන්න. ඒ නිසයි ජීවිතය දෙස නව නෙතකින්කියන කෘතිය රචනා කළේ. ඒ වගේම සාර්ථක ජීවිතයකට සාරවත් සිතුවිලිහා ආදරය සහ විවාහයකෘති දෙකක් මිනිස් ජීවිතයට නව අරුතක් එක් කරන්ට මඟ හදාවි කියන අරමුණින් රචනා කළේ. එය බොහෝ දෙනෙකුගේ ජීවිතවලට කිසියම් හෝ සාර්ථක බලපෑමක් වෙනවා නම් ඒක මිනිසකු විදිහට මේ සමාජයට මම කරන විශාල යුතුකමක්.
මෙම කෘති තුන එළිදැක්වීම හා සමගාමීව 29 දින සුවඳ පද්මඋපහාර සම්මාන ප්‍රදානයක් ද සිදුවන බව ආරංචියි.
පැහැදිලිවම ඔව්. මිහිඳු සංස්කෘතික පදනමේ තෙවන සංවත්සරය මූලි කරගෙන මේ කෘති දොරට වැඩුම වගේම රට දැය වෙනුවෙන් කළ මෙහෙවරට පිදෙන උපහාර සම්මාන ප්‍රදානයකුත් එදින පිරිනමන්නට කටයුතු සම්පාදනය කළා. එය නම් කළෙත් සුවඳ පද්මඋපහාර සම්මාන ප්‍රදානය විදිහට. මෙතැනදි සිංහල භාෂාවේ උන්නතිය සහ සන්සෝනි කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීම වැනි විවිධ මෙහෙවර ඇගැයුම් සඳහා අධිනීතිඥ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතාටත්, සිංහල සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට සහ සුභාවිත ගීතයේ අභිවර්ධනය උදෙසා ඉටුකළ නිර්මාණශීලි මෙහෙවර ඇගයීම සඳහා ආචාර්ය වික්ටර් රත්නායක මහතාටත් සිංහල ටෙලිනාට්‍ය කලාවේ උන්නතියට සහ අධ්‍යක්‍ෂණයෙන් ඉටු කළ නිර්මාණශීලි මෙහෙවර උදෙසා ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ මහතාත් උපහාර ලබන්න නියමිතයි.
අවසන් වශයෙන් කැමැතියි දැනගන්න දැන් ඔබ රංගන කටයුතුවලින් ඉවත්වෙලාද?
නැහැ. එහෙම තීරණයකට තවම මම එළඹිලා නැහැ. නමුත් පසුගිය අවුරුදු හතරක විතර කාලයේදි කිසිදු රංගන කටයුත්තක් කළේ නැහැ. ඊට හේතු කිහිපයක්ම තිබුණා. පසුගිය කාලවකවානුවේ ටෙලි නිර්මාණ කියන දේ අයහපත් පැත්තට යොමුවීම නිසා මම ඒ සියල්ලෙන් බැහැරවෙලා බලාගෙන හිටියා. ඒ කාලයේදි පොත්පත් කියවීම, පොත්පත් ලිවීම, දේශන පැවැත්වීම කියන කාරණා එක්ක මම හිටියේ. නමුත් මම රංගනයෙන් බැහැරවෙලා නැහැ. ඉදිරියේදි මම හොඳ නිර්මාණ කිහිපයක් සඳහා එකතු වෙන්න සූදානමින් ඉන්නේ කියලා කියන්නම ඕන. කොහොමත් ලබන වසරේ මම මගේම නිර්මාණයක් කරන්නත් සැලසුම් කරමින් මේ වෙනකොට ඉන්නේ.


About the Author

Posted by gossip lanka live on 3:24 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:24 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With satishchandra edirisinghe"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.