Published On:
Posted by gossip lanka live

Chat With romesh with omali - romesh sugathapala wedding



ඇත්තටම රොමේෂ්ට ඇයව අමතක කරන්නට බැරිලු. ඒ වෙන හේතුවක්‌ නිසා නෙමෙයි අවුරුදු දහයක්‌ ඇයට පෙම්කළ නිසා. අවුරුදු දහයක්‌ පෙම් කරපු රොමේෂ් පසුගිය දවසක ඇයව සහේට ගත්තා. ඇය නමින් වින්ධ්‍යා ඔමාලි හේරත්. ඉතිං අපි රොමේෂ්ගේ ආදර කතාව වගේම සංගීත දිවිය ගැන ඔබට ලියන්න අදහස්‌ කළා.

රොමේෂ් මේ දිගු දෑස බලලා කොච්චර කල්ද?

අවුරුදු දහයක්‌ වෙනවා.

ඔමාලිව ඔය හිතට අමතක කරන්නට බැරිද?

අපොයි බැහැනේ.

ඒකද ඇයව ජීවිතයට ළංකරගන්න හිතුවේ ?

ඔව්. මොකද අපි දෙන්නා අඳුරන්නේ පුංචි කාලේ පටන්. ඔමාලි මට ගොඩක්‌ ආදරෙයි. මගේ ජීවිතය ඉදිරියට යන්න එයාගේ ආදරය ඉවහල් වුණා. ඒකයි ජීවිතයට ළං කරගන්න හිතුවේ.

මේ ආදර කතාවට කලින් රොමේෂ් ආදරය කරලම නැතිද?

ආදරය කරලා තියෙනවා. නමුත් මගේ පළමු ආදරය මේක. ඒ වගේම මගේ වටිනාම ආදරයත් මේක. ඒ තරමටම අපිට මතක සටහන් තියෙනවා. අපි හරිම සුන්දරව ආදරය කළා.

මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ කවුද?

ඇත්තටම ඔමාලිටත් මා ගැන ලොකු කැමැත්තක්‌ තිබිලා තියෙනවා. මම වෙන ගැහැනු ළමයින්ට එයාගේ අතේ පණිවිඩ පවා යවලා තියෙනවා. 2002 අවුරුද්දේ තමයි ඔමාලි ගැන ආදරයක්‌ ඇතිවුණේ. ඊට පස්‌සේ මම තමයි මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ. ඒ වුණාට එක පාරටම ඇය මට කැමැති වුණේ නැහැ. ඒ නුවර පළාතේ ගැහැනු ළමයින්ගේ හැටිනේ.

ජනප්‍රිය ගායකයෙක්‌ වුණහම මුල අමතක වෙනවා. රොමේෂ්ගේ හිතට එවැනි අදහසක්‌ ආවේ නැතිද?

නැහැ. එහෙම අමතක වෙනවා නම් මට ඔමාලිවත් අමතක වෙන්න එපායෑ. මගේ හිතට ලොකු ධෛර්යයක්‌ දුන්නේ ඔමාලි. ඇය නිසයි මම අද මෙතැන ඉන්නේ.

රසිකාවියන්ගෙන් එහෙම ආදර යෝජනා ලැබෙන්න ඇතිනේ ?

ආදර යෝජනා නම් ලැබෙනවා. ජනප්‍රියත්වය සමග රසිකාවියෝ අපිට කැමැති වෙනවා. ඒ වුණාට මගේ හිත රැඳුණේ එක හිතක්‌ ළඟ. ඒ ඔමාලි. එහෙම වුණා කියලා මට රසික ප්‍රතිචාර අඩුවෙලා නැහැ.

ඔබට ලැබුණ ජනප්‍රියත්වයත් එක්‌ක මේ තරම් දිගු කාලයක්‌ ප්‍රේමය රැකගත්තේ කොහොමද?

අපි දෙන්න අතර හොඳ අවබෝධයක්‌ තිබුණා. මම කොතැන ගියත් එයාට කතා කරනවා. ඒකයි අපි දෙන්නටම මේ තරම් දුරක්‌ එන්න පුළුවන් වුණේ. අනික මම මට ඕනෑ දේවල් කළේ නැහැ. එයාගෙනුත් අදහස්‌ අරන් තමයි කළේ. අපි දෙන්නා අතරේ කදාවත් ගැටලු ඇතිවෙලා නැහැ.

ඔබට ආදරය කළ හුඟක්‌ ගැහැනු ළමයි අතර ඇගේ සුවිශේෂත්වය මොකක්‌ද?

මම මෙතැනට එන්න කලින් මට ආදරය කළේ ඇයයි. ඒකයි වටින්නේ. ප්‍රසිද්ධ වුණහම හැමකෙනාම අපි දිහා බලනවා. නමුත් මට වටින්නේ මගේ ජීවිතයේ ආරම්භයේ ඉඳන් මා ළඟ හිටපු කෙනා.

රොමේෂ් මේ ක්‍ෂේත්‍රයේ දැන් ස්‌ථාවරයි කියලා හිතනවාද?

මම හිතනවා ස්‌ථාවරයි කියලා. අපි කරන නිර්මාණ මත තමයි ස්‌ථාවර වෙන්නේ. ඒ හින්දා කරන වැඩේ හරියට කළ යුතුයි. මම ක්‍ෂේත්‍රයට ඇවිත් වසර හතයි.

ගීතයක්‌ මියුසික්‌ වීඩියෝවක්‌ කළ පමණින් මෙතැන රැඳෙන්න පුළුවන් කියලා හිතනවද?

එක සින්දුවකින් මෙතැන රැඳෙන්න බැහැ. ගොඩක්‌ දෙනෙක්‌ මියුසික්‌ වීඩියෝ හරහා ගීත ජනප්‍රිය කරන්න බලනවා. මගේ හැම ගීතයක්‌ම මුලින්ම ජනප්‍රිය වුණේ මියුසික්‌ වීඩියෝ වලින් නෙමෙයි.

අලුත් පරම්පරාව මෙතැන රඳාපවතින්න දෙයක්‌ කරලා නැහැ කිව්වොත් ?

රඳා පවතින දෙයක්‌ කරලා තියෙන නිසානේ අපි මෙතැන රැඳිලා ඉන්නේ. ප්‍රවීණයන් ඒක බලද්දී අලුත් පරපුර හොඳ නිර්මාණ කරනවා. අද මෙතැන ලොකු තරගකාරීත්වයක්‌ තියෙනවා. ඒකට කෙනෙකුගේ ස්‌වරූපය පවා බලපානවා. අලුත් පරපුර යමක්‌ කරන නිසයි මෙතැන රැඳිලා ඉන්නේ.

ඔබ රඳාපවතින යමක්‌ කරලා තියෙනවාද?

පැහැදිලිවම. මම මෙතැනට දැනෙන යමක්‌ කළා. මීට අවුරුදු නවයකට කලින් කරපු ගීතයත් අදටත් ජනප්‍රියයි. තාමත් ඒවා ගුවන්විදුලියේ ඇහෙනවා.

ඔබලාගේ අලුත් නිර්මාණ සමාජයට එනකොට පරණ නිර්මාණ මිනිස්‌සුන්ට අමතකයි නේද?

මගේ ගීත එහෙම අමතක වෙලා නැහැ. අනික මම අමතක වෙන විදිහේ සින්දු කියලත් නැහැ. මම හොඳ පසුබිමක්‌ හදාගෙනයි ගීතයක්‌ නිර්මාණය කරන්නේ. ඒ හින්ද මම කාගෙවත් කොපියක්‌ නෙමෙයි. මගේ හඬ කාටවත් කොපි කරන්නත් බැහැ.

අපි රොමේෂ්ගේ හඬට බාධා කරමින් මේ කතාබහට ඔමාලිවත් එකතු කරගත්තා.

රොමේෂ්ව දැක්‌ක මුල්ම දවසේ ඔයාට මොකද හිතුණේ ?

පොඩි කාලේ තමයි මම රොමේෂ්ව දැක්‌කේ. එයා හරි දඟකාර චරිතයක්‌. ඒකටයි මම කැමැති වුණේ. රොමේෂ්ගේ දඟකාරකම මුලින්ම දැක්‌කේ මම.

එදා ඔයා හිතුවද රොමේෂ් කවදාහරි මේ තරම් දුරක්‌ ඒවි කියලා ?

එහෙම නම් හිතුවේ නැහැ. මුල් කාලේ රොමේෂ්ට සංගීත කණ්‌ඩායමක්‌ තිබුණා. අපේ ගෙදරින් මුලින්ම රොමේෂ්ට අකැමැති වුණා. එදා ඉඳන් එයා සංගීතයෙන් ඉදිරියට එන්න හිතුවා. ඒ ගමන අද සාර්ථක වුණා.

ඔහුගේ සංගීත වැඩවලට ඔබ නීති දාලා නැතිද?

නැහැ. මම එයා කරන හැම වැඩකටම කැමැත්ත දීලයි තියෙන්නේ.

දිනේෂ් විතාන
ඡායා - සත්සර ස්‌ටුඩියෝ, කඩුගන්නාව.

About the Author

Posted by gossip lanka live on 3:43 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:43 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With romesh with omali - romesh sugathapala wedding"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.