Published On:
Posted by gossip lanka live

Chat With anarkali akarsha කිසිම පිරිමියෙක්‌ ෂුවර් නෑ.. අනර්කලී ආකර්ෂා


රංගන ජීවිතයේ මෙන්ම දේශපාලන කරලියේද දිදුළන තරුවක්‌ වන අනර්කලී ආකර්ෂා මේ දිනවල කලා නිර්මාණවලත්, දේශපාලන වේදිකාවෙත් එක ලෙස කාර්ය බහුල වී සිටින්නීය. එහෙත් ඇගේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් "මීවිත" සමඟ කතාබහකට එක්‌වීමට ඇය පසුබට නොවූවාය. දේශපාලන වැඩවලට යන එන අතරතුරදී ඇය අපට හමුවිය.

කොහොමද අනර්කලී මේ දවස්‌වල කාලය ගතවෙන්නේ...?

දේශපාලන වැඩවලට මුල් තැන දීලා තිබෙනවා. මොකද මැතිවරණ කටයුතු තිබෙන නිසා.

ඒ වුණාට ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලටත් ඔබ නොවරදවාම සහභාගි වෙනවා නේද...?

ඔව්, "ඉටිමල්" ටෙලිනාට්‍යය මේ දිනවල රාත්‍රි 8.30 ස්‌වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වෙනවා.

"
ඉටි මල්" ටෙලිනාට්‍යයේ චරිතයට ඔබ වඩාත් කැමැතියි නේද?

ඔව්. ඒකේ "පූජා" ලෙසයි මම රඟපාන්නේ. ඒ චරිතය මගේ ජීවිතයට ටිකක්‌ සමීපයි.

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද...?

රෝයි ද සිල්වාගේ "It's a matter of love "චිත්‍රපටයේ රඟපෑවා. ළඟදීම තිරගත වේවි.

රැස්‌වීම්වලට සහභාගි වෙනවාට අමතරව ඔබ ජනතාව වෙනුවෙන් මොනවාද කරන්නේ...

පළාත් සභාවේ ලොකු දේවල් කරන්න බැහැ. නමුත් ගම් මට්‌ටමින් දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා.

පුංචි දරුවන්ට, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් ඔබ නැගී සිටිය යුතුයි නේද?

මම විතරක්‌ නෙවෙයි මේ රටේ හැමෝම ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි. අපේ රට දියුණු වන රටක්‌ හැටියට එහෙම දේවල් වෙන්න හොඳ නැහැ. රටක දියුණුව කියන්නේ පාරවල්, ගොඩනැඟිලි හැදෙන එක විතරක්‌ නෙවෙයි.

මේ රටේ බොහෝ ක්‍ෂේත්‍රවල කාන්තාවන්ට ඉහළට එන්න පිරිමි ඉඩ දෙන්නේ නැහැ නේද...?

මට නම් තවම එහෙම වෙලා නැහැ. නමුත් එහෙම වෙන අවස්‌ථා අපි දකිනවා. කාන්තාවන් හැටියට අපි ඒවා ගණන් ගන්න හොඳ නැහැ. එහෙම දේවල් කරන්නේ අපිව මානසිකව වට්‌ටන්න නේ. වැටෙන්න නරකයි. ඒ වගේ අවස්‌ථාවන් හිතට හයිය ගන්න දෙන පුහුණුවක්‌ කියලා හිතන්න ඕනේ.

ඔබ ගැනත් යම් යම් අපහාසාත්මක කතා දේශපාලන වේදිකාවලින් ඇහෙනවා නේද?

අද දේශපාලන වේදිකාවල කතා කරන්නේ රටේ පොදු ප්‍රශ්න නෙවෙයි. එක එක අයගේ පුද්ගලික කරුණු උලුප්පලා අරගෙන මඩ ගහනවා. ජනතාවට මඩ කතාවලින් වැඩක්‌ නැහැ.

ඇමැතිවරුන්ගේ දූලා පුතාලා හැසිරෙන ආකාරය ගැන ඔබ මොකද හිතන්නේ...?

ඕනෑම ඇමැති කෙනකුගේ, බලයක්‌ තියෙන අයගේ දරුවෝ බලයට ආවාට මට නම් කමක්‌ නැහැ. නමුත් ඒ අය එම බලය පාවිච්චි කරලා මේ රටට සමාජයට යහපතක්‌ කළ යුතුයි. එහෙම හොඳ වැඩ කරන ඇමැති පුත්තු, දූලා මේ රටේ ඉන්නවා.

කෙනෙකුට හිංසාවක්‌, පීඩාවක්‌, වංචාවක්‌, දූෂණයක්‌ කළොත් කවදාහරි දවසක ඒවායේ ප්‍රතිවිපාක අත්විඳින්න වන බව ඔබ විශ්වාස කරනවාද?

ඔව්. එහෙම වෙච්ච බවට උදාහරණ වුණත් තියෙනවා.

ඔබට වරදක්‌ කළ කෙනෙකුට එහෙම වෙනවා දැකීම සතුටක්‌ද?

මට වරදක්‌ කළා කියලා ඒ කෙනාට නරක ප්‍රතිඵල ලැබිය යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කළ වරදින් පාඩමක්‌ ඉගෙන ගන්න ඒ කෙනාට ලැබෙනවා නම් වටිනවා. මට කළ දේ නිසයි එහෙම වුණේ කියලා මම සතුටු වුණාට වැඩක්‌ නැහැ.

ඔබට වරදක්‌ කළ කෙනෙක්‌ නැවත ඔබට මුණ ගැසුණොත් ඔබ මොකද කරන්නේ....?

මම කාටවත්, කවදාවත් වෛර කරන්නේ නැහැ.

දේශපාලන වේදිකාවේ පක්‍ෂ දෙකක වුණත් රංජන් රාමනායක සමඟ ඔබේ හිතවත්කම ඉහළයි නේද...?

රංජන් අයියායි, මමයි හොඳ යාළුවෝ. මම රඟපාන කොට දේශපාලනය ගාවගන්නේ නැහැ. දේශපාලනයේදී රඟපාන්නේ නැහැ. මම විපක්‍ෂයේ කාටවත් බනින්නේ නැහැ. රංජන් අයියා හරිම හොඳ කෙනෙක්‌. හැබැයි දේශපාලනය ගැන මුකුත් දන්නේ නැහැ. "මෙයා හොරා" කියලා කියන්න විතරයි එයා දන්නේ.

දැන් විවාහ වෙන්න කාලය හරි නේද?

මම ඉපදුනේ 1987 ජූලි 12 වැනිදායි. මගේ උපන් දිනය දවසට සුබ පැතුම් ඕනෑ තරම් එනවා. දැන් මට වයස අවුරුදු 25 යි. මේ වයසට ඇවිත්, රස්‌සාවකුත් කරද්දි බොහෝ අය කියනවා දැන් බඳින්න කාලෙ හරි කියලා. විවාහය කියන දේ මේ ලෝකේ හැමෝටම ඕනේ දෙයක්‌ නෙවෙයි. විවාහ නොවී සතුටින් ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා. විවාහ වෙලා දුක්‌ විඳින අයට වඩා විවාහ නොවී සතුටින් ඉන්න අය වැඩියි කියලා මට හිතෙනවා.

විවාහය ගැන ඔබ කලකිරිලාද?

එහෙම කලකිරීමක්‌ නැහැ. මට ඕනේ නෑ කියලා හිතෙනවා.

පිරිමි ගැන ඔබට විශ්වාසයක්‌ නැද්ද?

ඇත්තටම පිරිමි නොවෙයි මම ඉගෙනගෙන තියෙන පාඩම්වල හැටියට මේ ලෝකේ අම්මා, තාත්තා හැරෙන්න කිසිම කෙනෙක්‌ විශ්වාස නැහැ. අපි ඇඬුවත්, තරහින් හිටියත්, සතුටින් හිටියත් අම්මායි තාත්තයි අපට එකම විදිහට ආදරය කරනවා. ඒත් පිටස්‌තර පිරිමියෙක්‌ එහෙම කරන්නේ නැහැ. විවාහවෙලා පළමු වසර පහ, දහය ඇතුළත එහෙම නොවෙන්න පුළුවන්. නමුත් කවදාහරි වෙන්න පුළුවන්. ඒ නිසා මට නම් පිරිමි විශ්වාස නැහැ. විවාහ වුණත් කිසිම ෂුවර් එකක්‌ නැහැ. දරුවෝ ඉන්න යුවළක්‌ ජීවිතේ අවුල් කර ගන්නවා නම් ඒක දරුවන්ට දුකක්‌. මම නම් විවාහ වෙන්නේ නැහැ.

දෙමව්පියන්aගෙන් ඒ ගැන බලකිරීමක්‌ නැද්ද?

කවදාවත් නැහැ.

දෙමව්පියන් නැති කාලෙක ඔබට තනියම ජීවත් වෙන්න පුළුවන්ද?

අනර්කලී ආකර්ෂා කිසිම දවසක කිසිම මොහොතක කිසිම දෙයක්‌ කරන්න බැහැයි කියන කෙනෙක්‌ නෙවෙයි. මට තනියම ජීවත් වෙන්න පුළුවන්. මට විවාහ වෙන්න ඕනේ නැහැ.

අතීතයේ ඔබට ආදරය කළ කෙනෙක්‌ ඔබට විවාහ යෝජනාවක්‌ කළොත් ඔබ ගන්නා තීරණය කුමක්‌ද?

විවාහ නොවී ඉන්න මම තීරණය කරලා ඉවරයි. බැඳීම් ඇතිකරගෙන විඳවන්න මම කැමැති නැහැ.

ඔබ අධ්‍යාත්මික ජීවිතයට යොමු වෙලාද?

ඇත්තම කියනවා නම් ඔව්. මම බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයකින් යම්කිසි මගක්‌ සොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒ ගමන තනිවම යායුතුයි. කිසිම කෙනකුට බැහැ ඒ ගමනට උදව් කරන්න. හැම දෙයක්‌ම මගේ උත්සාහය මත පමණක්‌ තීරණය වෙනවා. උදව්වට එන හැමෝම ඒ ගමනේදී බාධාවක්‌ පමණයි.

ඔබේ දේශපාලන හා රංගන ජීවිතයේ ඉදිරි අපේක්‍ෂාවන් මොනවාද?

චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

තුෂාරී කළුබෝවිල

About the Author

Posted by gossip lanka live on 3:45 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:45 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With anarkali akarsha කිසිම පිරිමියෙක්‌ ෂුවර් නෑ.. අනර්කලී ආකර්ෂා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.