Published On:
Posted by gossip lanka live

Chat With senaka wijesinghe මා මේ ජීවිතයේ අත් නොහැරිය එක ම දේ තමයි සටන් කලාව


රංගනය, සටන් කලාව, දේශපාලනය යන ක්ෂේත්‍රවල වරින් වර සිය භූ®මිකාව රඟ දක්වමින් ප්‍රේක්ෂක හදවත් හි රැඳුණු චරිතයක් වන සේනක විජේසිංහ මෑත කාලයේ අපේ නෙත් මානයෙන් ඈත් වූ බවක් දැනෙන්නට විය. මේ පිළිබඳවත් ඔහුගේ අනාගත කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් ඔහු මෙසේ අපට පැවසීය.
ටික කාලෙක සිට ඔබ නිහඬ ඇයි?
එක කාරණයක් තමයි 2006 දී මට වුණු රිය අනතුරෙන් පසුව වැඩ රාජකාරි විශාල වශයෙන් අඩුවීම. අනෙක සමස්තයක් ලෙස මෙගා නාට්‍ය කලාව නවතීවිය කියා හිතූ නිසා එයට විරෝධය දක්වා වසර පහක් තිස්සේ මගේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් මට බැහැර වෙන්න සිදුවුණා. ඇත්තම කීවොත් මාව බැහැර කළා. ඒ සමහර විට මා කී දේ වැරදියට තේරුම් ගත් නිසා වන්නත් පුළුවන්.
අනෙක මම අධ්‍යක්ෂණය කළ සටන්, නැටුම් ආදී සියල්ල අයත් ටෙලිනාට්‍ය තුනක් පමණ වසර හත අටක් තිස්සේ එක් නාළිකාවක විකාශය කරගත නොහැකිව මාෆියාවකට කෙනෙහිලිවලට අහුවෙලා නිසාත් මේ දිනවල මාව දකින්න ලැබෙන්නේ නැහැ.
ඊළඟට පිට අධ්‍යක්ෂවරුන්ගේ ටෙලිනාට්‍යවල රඟපෑවත් කරුමෙකට ඒවා විකාශය වන්නේ නෑ. ඒ නිසයි මා නිහඬ යැයි ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ.
එතකොට ඔබේ සටන් කලාව?
බුදු හාමුදුරුවොත් දේශනා කර තිබෙනවා තමන් උගත් ශිල්පය හැර වෙනත් මිතුරකු නෑ කියලා. ඉතින් මා මේ ජීවිතයේ අත් නොහැරිය එක ම දේ තමයි සටන් කලාව. හැලහැප්පීම් රැසකට මුහුණ දුන්නත් මම මගේ ශිල්පය අත් නොහරින්න පරෙස්සම් වුණා.
සමහරු මාව මගේ නම විනාශ කරන්න කෙනහිලිකම් කරද්දී අද මට සරණක් වෙලා මා අතහැර නොගියේ මගේ සටන් කලාව පමණයි. මගේ ඒ පරම මිත්‍ර කලාව මම අපේ රටේ දරුවන්ට ඉගැන්වීමට විශාල කටයුත්තක් සංවිධානය කරමින් යනවා.
මේ කාරණය මම මුලින් ම කියන්නේ රසඳුනට යි. ලෝකේ සටන්වලින් ජනප්‍රිය වූ බෲස්ලී ආත්ම කොටගත් කුඩා දරුවකු පිළිබඳ ලියැවුණු ළමා කතාන්තරයක් තිබෙනවා. පුංචි බෲස්ලී නමින් එය දෙසැම්බරයේ චිත්‍රපටයකට නැඟෙනවා. එය අන්තර්ජාතික මට්ටමට යන චිත්‍රපටයක් ලෙසයි අප නිර්මාණය කරන්නේ.
ඔබේ දේශපාලන ජීවිතයට මොකද වුණේ?
මගේ දේශපාලනය ආරම්භ වුණේ 1985 දේශප්‍රේමී ව්‍යාපාරය සමඟයි. ඉන්පස්සේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන්නා. ඒත් වාමාංශික ව්‍යාපාරයේ ම ඉන්න ඕන නිසා නව සම සමාජ පක්ෂයට බැඳුණා. එහි විවිධ අර්බුදකාරී තත්ත්වයක් නිසා 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කරමින් සන්ධානය දිනවීමේ සටනේ ජනතා කලාකරුවෝවේදිකාවේ ප්‍රධාන කථිකයකු බවට පත් වුණා. ඉන් පසු 2005 ජනාධිපතිවරණයේ කලාකරුවන්ගේ වේදිකාවේත් ප්‍රධාන කථිකයකු වුණා.
ඉන් කලාකරුවන්ගේ දේශපාලනයෙන් ඈත් වුණත් 2008 දී යුද්ධය ජය ගන්න යන වේලාවේ ජනපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කරන්න රට වෙනුවෙන් කලාකරුවෝ ජාතික සංසදයමගේ ප්‍රධානත්වයෙන් පටන්ගත්තා. සබරගමු, පළාත් සභා ඡන්දේ වෙලාවෙදි අපේක්ෂකයකු හැටියට තරග කළා. 2009 ජනාධිපතිවණය ඉතාම දරුණු මුහුණුවරක් ගෙන දේශද්‍රෝහී ක්‍රියාකාරිත්වය වැඩි වෙද්දී නිල් බළකායේ කලාකරුවන් සම්බන්ධීකරණය කරමින් කිසිදු දේශපාලනයට නො ආ නවක තරුණ කලාකරුවන් එක් කරගෙන රැස්වීම් 500 ට අධික සංඛ්‍යාවක් පැවැත්වූවා. රට වෙනුවෙන් ඒ කළ දේට මට අදත් සතුටුයි. ඒත් ඒ දේවල් ඉවසගන්න බැරි වුණු පිරිසකුත් හිටියා. මේ අය විවිධ චෝදනා එල්ල කරමින් මාව එතැනින් ඈත් කරන්න උත්සාහ කළා. නමුත් කේළාම්වලට නොරැවටෙන අවංක නායකත්වයක් තිබෙන නිසා අදටත් මම මගේ සේවය ඒ දේශපාලනය වෙනුවෙන් සපයනවා.
ඇතැම් වෙබ් අඩවිවල ඔබ ගැන සඳහන් වුණ දේවල් පිළිබඳ මොකද හිතෙන්නේ?
මඩ වෙබ් අඩවි පමණක් නෙවේ මඩ පුවත්පත් පවා අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන ආරක්ෂක ලේකම්තුමා ගත් තීන්දුවට අප ඉතාම සතුටුයි. මා දන්නා විදිහට ඔය මඩ මාධ්‍ය හසුරුවන ප්‍රධාන අය ප්‍රසිද්ධියේ එළියට එන්න බැරි විරූපී අය. නළුවන් වෙන්න ගිහින් බැරි වුණු, ජනප්‍රිය වෙන්න උත්සාහ කරලා අසාර්ථක වුණු, කෙළින් හිටගෙන ඉන්න බැරි දුර්වල අය ගැන අනුකම්පා කරල උපේක්ෂාවෙන් ඔවුන්ගේ කතා දිහා අපි බලන් ඉන්නවා.
අහිංසක විදිහට මුදල් උපයලා ගෙයක් දොරක් හදාගෙන අඹු දරුවෝ එක්ක ලස්සන පවුල් ජීවිත ගත කරන අපේ සහෝදර ශිල්පීන් ගැන අශික්ෂිත මඩ ගැහුව බව අප දන්නවා. ටෙලිනාට්‍යයක විස්තරයක් පටලවාගෙන මගේ නමටත් මගේ පවුලටත් දේශපාලනයටත් හානිවන අයුරින් මඩ ප්‍රචාර ගෙන ගියා. මට ඒ ගැන කියන්න තියෙන්නේ මඩ වළවල ලගින ඌරන් සමඟ කේසර සිංහයන් පැටලෙන්නේ නැහැ කියලයි. ඒ වගේ ම ඔතන තිබෙන්නේ මාධ්‍ය කලාව නෙමෙයි කියන එකයි.
අනාගතයට ඔබේ බලාපොරොත්තු මොනවා ද?
කලාකරුවන්ට ස්වාධීනව තම නිර්මාණ විකාශය කරගැනීමට එරෙහිව ඇති මාෆියාව ඉක්මනින් පහ වේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුණාටුවකට කලින් මුහුද හරි ම නිශ්ශබ්දයි. ඒ නිශ්ශබ්ද බව මහ විශාල පෙරළියක සලකුණක් බව මාව විනාශ කරන්න සිතන අය දැනගත්තොත් හොඳයි.


About the Author

Posted by gossip lanka live on 3:17 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:17 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With senaka wijesinghe මා මේ ජීවිතයේ අත් නොහැරිය එක ම දේ තමයි සටන් කලාව"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.