Published On:
Posted by gossip lanka live

Chat With dilan gamage


ඔය නෙතු හැඬවූ තරම්

ඔබ පෙම් කෙරූ තරම්


ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් - වැටහුණේ
ඔබ වෙන් වී ගියදා
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ

රැය පුරා - ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා - මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්

තනි වෙලා - මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවි තුරා - විඳවමී
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්

පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා
ගායනය - තීක්ෂණ අනුරාධ
මම හිතනවා මේ තමයි මගේ කාලය කියලා. මේ දිනවල වැඩියෙන්ම ඇහෙන ගීත වැඩි ගණනක පද සංකල්පනා මගේ නිර්මාණයි. මම ලියන ලියන හැම ගීතයම ජනපි‍්‍රය වෙනවා. සාහිත්‍යමය වටිනාකමක් ඇතුව සරලව ලියනවා නම් රසිකයින්ගේ හදවත්වලට එවැනි ගී ඉක්මනින් සමීප වෙනවා.
එලෙස පවසමින් මෙවර ගී මිහිරගෙනෙන්ට අප හා එක්වෙන්නේ නව පරපුරේ ගී පද රචකයකු වන ඩිලාන් ගමගේ ය. ඩිලාන් පවසන්නේ සැබෑවකි පසුගිය දිනවල අපට නිතර ඇසුණු වෙන් වී දැන් යන්න ඉතින්” (චාමික සිරිමාන්න) - මේ ඇස් දිහා බලන්” (ශිහාන් මිහිරංග) දුන්නු වේදනා” (නිරෝෂා විරාජිනි) - ළං ළං වෙලා” (නොයෙල් රාජ්) වැනි ගීතවල සංකල්පනා හිමිකරු ඩිලාන් ය.
එම ගී අතරින් ඔබ තරම් පෙම් කළ කිසිවෙක්ගීතයට හිමි වී ඇත්තේ විශේෂ තැනකි. වර්තමාන සමාජයේ ඇතැම් පෙම්වතුන්ට සිය පෙම්වතියගේත් ඇගේ ආදරයේත් අගය දැනෙන්නෙත් තමන් ද ඇයට පෙම් කළ බව වැටහෙන්නෙත් ඇය අහිමි වී යාමෙන් පසුවයි. එවැනි පෙම්වතුන් වෙනුවෙන් ලියැවුණු ඔබ තරම්ගීතයේ සංකල්පනාව පිළිබඳව ඩිලාන් රසඳුනසමඟ කළ කෙටි පිළිසඳර මෙසේ ය.
මගේ මිතුරෙක් උන්නා නිදහසේ සැහැල්ලුවේම ඉන්න කැමැති. දුරකථනයෙන් ඇමතූ තරුණියක් සමඟ මිතුරු වී සිටි ඔහු ටික කාලයකින් ඇගේ පෙම්වතා වුණා. ඇය ඔහුට පෙම් කෙරුවේ පුදුමාකාර විදිහට. නිතරම දුරකථනෙන් අමතා කෑව ද, බිව්ව ද, සුවෙන් ද, සතුටින් ද කියා සොයා බලනවා. ඒත් මගේ මිතුරාට එය කරදරයක් වගේ දැනෙන්න වුණාම ඔහු වෙනත් තරුණියකට ළං වෙන්න ගත්තා. හැබැයි කලින් පෙම්වතිය ඒ බව දන්නේ නැහැ. එමෙන්ම දෙවැනි මිතුරිය සමීපව ඇසුරු කළාට එය පේ‍්‍රම සම්බන්ධයක් දක්වා දුර ඇසුරක් වුණෙත් නැහැ.
ඒ අතර මුල් පෙම්වතිය නිරතුරුවම කතා කරලා අහන්න ගත්තා, ‘මං මේ තරම් ආදරේ කරද්දීත් මට මෙහෙම වෙනස්කම් කරන්නෙ ඇයි?’ කියලා. එහෙම කාලය ගෙවී යද්දී ඇය දින කිහිපයක් නිහඬ වුණා. දැන් දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ කිසිවක් නැහැ. ඇගේ දුරකථනයත් විසන්ධි කරලා. ඔන්න එවිට මගේ මිතුරාට දැනෙන්න පටන් ගත්තා ඇයගේ අගය, ආදරය කොතරම් ද කියලා. එපමණක්ම නොවේ, තමන් ඇයට මොනතරම් ආදරේ ද කියලත් ඔහුට දැනෙන්න ගත්තා. මගේ මිතුරාගේ අත්දැකීම අද අපේ සමාජයේ පෙම්වතුන් අතර බහුල අත්දැකීමක්. ඔවුන් වෙනුවෙන් තමයි මම මේ තරම් පෙම් කළ කිසිවෙක්පද රචනය කෙරුවේ. රසික රසිකාවියන්ගේ හදවත් වලට දැනෙන මෙවැනි ගීතයක් ලියන්න ලැබීම ගැන අද මම විශාල සතුටක් ලබනවා.

About the Author

Posted by gossip lanka live on 3:14 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:14 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With dilan gamage "

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.