Published On:
Posted by gossip lanka live

sandani sulakna Talk About colour sinhala movie



පුංචි අවදියේම පුංචි තිරය හරහා රංගනයට පිවිසුණු සඳනි මේ වන විට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇත. මේ දිනවල විකාශය වන මලීටෙලිනාට්‍යයේ මදුරංගිගේ චරිතය නිසා සඳනි බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක්ව සිටින්නීය. පසුගිය දිනක සඳනි තම ජීවිත පොතේ නව පිටුවක් පෙරළුවාය. ඒ පිළිබඳවත් ඇයගේ නවතම තොරතුරු පිළිබඳවත් විමසීමට මෙවරතරුවක් සමඟ වරුවක්විශේෂාංගයට අපි සඳනි සුලක්ඛනා එක්කර ගතිමු.
සඳනි ඉතින් කොහොමද? මොනවද මේ දවස්වල කරන කලා කටයුතු?
සතුටින් සහ සැහැල්ලුවෙන් මේ දවස්වල කාලය ගෙවනව. පසුගිය දවස්වල මලීටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසන් වුණා. සෑහෙන කාලයක් මම මලී ටෙලි නාට්‍යය එක්ක වැඩ කළා. මේ දවස්වල මම වෙනත් කලා කටයුත්තකට සම්බන්ධ වී නැහැ.
මලීටෙලිනාට්‍යයේ මදුරංගිට ගොඩක් දෙනෙක් ආදරය කරන්න ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. මම හිතන විදියට මලීටෙලි නාට්‍යයට ආරම්භයේදී ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් නොසිටියත් කොටස් කීපයක් යන විට පුදුම විදිහට මේ ටෙලිනාට්‍යය වටා ප්‍රේක්ෂකයින් එකතු වුණා. ඒ, පිටපතේ සුන්දර බව සහ අධ්‍යක්‍ෂවරයාගේ දක්ෂතාව නිසාමලීටෙලිනාට්‍යයට ප්‍රේක්ෂකයින් ආදරය කළා වගේම මදුරංගිචරිතයටත් ප්‍රේක්ෂකයින් ආදරය කළා. මම හරිම සතුටින් ඒ ටෙලිනාට්‍යයේ වැඩ කළේ.
ඔබ ප්‍රේක්ෂකයින් අතරට වඩාත් ගිය ටෙලිනාට්‍යයේ චරිතය කුමක් කියාද ඔබ හිතන්නේ?
වාසනාවේවාටෙලි නාට්‍යයේ උත්තරාගේ චරිතයට ලංකාව පුරා සිටි ප්‍රේකෂකයින් ගොඩක් ළංවුණා.
සිහින පුරයටෙලිනාට්‍යයේ ඔබ කළේ තරමක් වෙනස් චරිතයක් නේද?
ඔව්. ඒක තරමක් වෙනස් චරිතයක්. නමුත් ඒ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. හින්දි භාෂාව ඉගෙන ගන්න තරුණියකගේ චරිතයක් තමයි සිහින පුරයේමම කළේ. ඒ දවස්වල සමහරු මගෙන් ඇහුවා ඔයා සිහින පුරයේඔච්චර හොඳට හින්දි කතා කරන්නෙ හින්දි භාෂාව දැනගෙනද කියල. මම හින්දි දන්නෙ නෑ. නමුත් මම ගොඩක් වෙලාවට පිටපතේ තියෙන හින්දි වචන ගැන, ඒ දෙබස් ගැන හින්දි භාෂාව හොඳින් දන්න කෙනෙකුගෙන් අහගත්තා. එහෙම අහගෙන ඒ අනුව මම වචන උච්චාරණය කළා.
රංගනය ගැන ඉගෙන ගන්න ආශාවක් නැතිද?
මම රංගනයට ආවෙ පුංචි කාලෙමයි. ඒ කාලෙ ඉඳල මේ දක්වා මම ටෙලිනාට්‍ය ගණනාවකත් චිත්‍රපට කීපයකත් රඟපාල තියෙනව. ඒ කාලෙ ඉඳලම මට ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ වැඩ කරන්න ලැබුණා. ඒ වැඩ කිරීමෙන් මම විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගත්තා. ඒ වගේම මම රංගනය කියන පුළුල් විෂයේ න්‍යායික පැත්තත් හදාරල තියෙනව. රංගනයේදී වඩාත්ම වැදගත් වෙන්නේ වැඩ කිරීමෙන් ලැබෙන අත්දැකීම් කියලයි මම හිතන්නේ.
කොහොමද ඔබේ අලුත් ජීවිතයේ තොරතුරු?
මීට සති කීපයකට පෙර මම විවාහ වුණා. මගේ සැමියා ප්‍රවීන් ජයරත්න. ඔහු ප්‍රවීණ චිත්‍රපට සංස්කාරකවරයෙක්. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්‍ෂවරයෙක් සහ ශබ්ද පරිපාලන ශිල්පියෙක්. අපි දෙන්න අවුරුද්දක් පමණ ආශ්‍රය කළා. ඉන්පසුවයි විවාහ වුණේ.
ඔබේ විවාහ උත්සවයට සහභාගි වුණේ කවුද?
අපේ පවුල් දෙකේ ළඟම ඥාතීන් පමණයි අපේ විවාහයට සහභාගි වුණේ. කලා ක්ෂේත්‍රයේ කාටවත් අපි ආරාධනා කළේ නෑ. විශාල විවාහ මංගල උත්සවයක් ගන්න අපට වුවමනාවක් තිබුණේ නෑ.
අලුත් ජීවිතේ සතුටින් ගෙවෙනවද?
ඔව් ඉතාම සතුටින් අපි ඉන්නව. ප්‍රවීන් කියන්නෙ හරිම ආදරවන්ත චරිතයක්. ප්‍රවීන් වගේ කෙනෙක් ලැබීම වාසනාවක් විදියටයි මම දකින්නේ.
ඔබ රඟපෑ කලර්චිත්‍රපටය ගැනත් කතා කරමු?
මීට අවුරදු 2 කකට පමණ පෙර තමයි මම කලර්චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මම එහි රඟපාන්නෙ කමල් අයිය එක්ක. ප්‍රවීණ ශිල්පීන් ගොඩක් එහි ඉන්නව. කලර්මගේ රංගන ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්.
ඉදිරියේදී ඔබ රංගනයෙන් ඉවත් වෙනවද?
නැහැ; මම එහෙම කියන්නෙ නෑ. ඉස්සර මම රූපගත කිරීම්වලට සහභාගි වුණාම එකදිගට මාසයක් විතර ගෙදරින් පිට හිටපු කාලයක් තිබුණා. නමුත් දැන් මට එහෙම කාර්ය බහුල ජීවිතක් ගෙවන්න බැහැ. දැන් මම මුල්තැන දෙන්නෙ මගෙ විවාහ ජීවිතයට. ප්‍රවීන් මට කවදාවත් කියල නෑ රංගනයෙන් ඉවත් වෙන්න කියල.
රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු වෙනවද?
ඇත්තෙන්ම ඔව්. මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට ලැබුණේ මම රංගනයට එක්වුණු නිසා. රංගනයට මම ගොඩාක් ගරු කරනව.
ගාමිණී සුසන්ත

About the Author

Posted by gossip lanka live on 3:08 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:08 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for " sandani sulakna Talk About colour sinhala movie"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.