Published On:
Posted by gossip lanka live

Chat With athma liyanage සමහර තරුණ තරුණියන් “මේ වගේ සින්දු කියලා අපිව පිස්සු වට්ටවන්නේ ඇයි?” කියලා අහනවා.


පෙනෙන නොපෙනෙන
දුරක ඉඳන්
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද
ආයෙමත් ආදරෙන්...!

(පද - රචිතා වාකිෂ්ඨ)
මේ දිනවල රසික රසිකාවියන් මට හොඳ ප්‍රතිචාර දක්වනවා. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්ගීතය අහලා. මගේ පැරැණි ගීත රසිකයින් මෙන් ම වර්තමාන පරම්පරාවේ ගීත රසිකයිනුත් මේ ගීතයට ආකර්ශනය වෙලා. සමහර තරුණ තරුණියන් මේ වගේ සින්දු කියලා අපිව පිස්සු වට්ටවන්නේ ඇයි?” කියලා අහනවා. දුරකථන වලින් කෙටි පණිවුඩ නිතරම ලැබෙනවා. පුංචි දරුවන්ගෙන් පවා උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. එක්තරා දියණියක් ඉන්නවා මගේ ගීත අහන, ඇය මාව දුටුවාම දෙන්න හිතෙනවා එකක්යනුවෙන් තමා ඇයගේ ප්‍රතිචාරය දක්වන්නේ. ඉස්සර වගේම රසික ආදරය ඉහළින් ම ලැබෙනවා. මෙහෙම ප්‍රතිචාර ලැබෙද්දී නිවන් දකිනවා වගේ සතුටක් මට දැනෙනවා.
එලෙස පවසමින් මෙවර ස්වර වර්ණසිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අප සමඟ එක්වන්නේ තමන්ටම ආවේණික ශෛලියකින් ගී ගයමින් ගීත ලෝලීන්ගේ ආදරය දිනා ගෙන සිටින ගායන ශිල්පී ආත්මා ලියනගේ ය. දශක කිහිපයකට පෙර ගැයූ ලියතඹරා’ - ‘එපා කඳුළැල් සලා’ - ‘මාලි’ ‘සමනොලියාවැනි රසබර ගීතයන්ගෙන් තවමත් මිහිර ගෙනෙන ආත්මා ගීතලෝලී නව පරම්පරාව අතරට එක්වූවේ රචිකා වාකිෂ්ඨ පද රචනය කළ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්ගීතය සමඟින් ය.
තිළිණ තරුණ පරම්පරාවේ දක්ෂ සංගීතඥයෙක්. තිළිණගේ සංගීතයට තමයි මම මේ ගීතය ගැයුවේ. අපේ හිතවතෙක් වන ප්‍රසාද්ට ආසාවක් හා විශ්වාසයක් තිබුණා අපි දෙන්නා එකතු වුණොත් සාර්ථක නිර්මාණයක් කරයි කියලා. මේ ගීතය අද ලබා ඇති ජනප්‍රියත්වයෙන් ඔහුගේ විශ්වාසය තහවුරු වුණා. මේ ගීතය සමඟ මගේ මුල් ගීතත් අලුත් පරපුර අතරට ගියා.
අපේ සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර සමඟ එක් වී සාර්ථක නිර්මාණයක් කළ ශිල්පියකු ලෙස තවදුරටත් ඔවුන් සමඟ නිර්මාණ කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා ද?
සැබැවින් ම නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් නිර්මාණශීලීව අපේ නිර්මාණ සඳහා දායක කරගන්න මිස නිශ්ප්‍රභා කරන්න හොඳ නැහැ. නිර්මාණකරුවන් වශයෙන් අපට අනුවර්තනය වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ගීත රටාව වෙනස්. ඉන්පසු අපේ කාලයේ රටාව වෙනස් වුණා. දැන් තවත් වෙනස් රටාවකට ගීත කලාව පවතින්නේ. හැබැයි සරිගමවෙනස් වෙන්නේ නැහැනේ. (අලුත් පරපුරේ ඇතැම් අය නිර්මාණ කියලා විකාර කළාම ඒවා විකාරම ලෙස හඳුන්වන්න වෙනවා. විකාර නම් විකාරම නොකියා වෙන මොනවා කියන්නද?” යැයි කියමින්) ඒත් කියන්න සතුටුයි, අලුත් පරපුරේ වැඩි දෙනෙක් නවීන තාක්ෂණයෙන් වැඩ ගන්න දන්න නිසා ඔවුන් සමඟ ශබ්දාගාරයකට ගියාම හරියට වැඩි වැඩ ප්‍රමාණයක් වගේ ම සාර්ථක නිර්මාණ කරන්න අපට පුළුවන්. මේ දිනවල මෙන් ම මම දිගටම නව පරපුර සමඟ මගේ නිර්මාණ කටයුතු කරගෙන යනවා.
මෙම ජනප්‍රියත්වයේ රහස කුමක්ද?
අපේකම රැකගෙන නිර්මාණ කිරීම තමයි. මම මුල් කාලයේ ඉඳලම කළේ එහෙමයි. මගේ හැම ගීතයක් ම වාගේ දේශීය ආරකටයි මම ගැයුවේ. උදාහරණයක් කියනවා නම් මා ගැයූ ලියතඹරාගීතය නිර්මාණය කළේ රන් දෑකැති ගෙනයනුවෙන් ගැයෙන අපේ ජනකවිය ආරෙන්. දශක ගණනක් ගත වෙලා අදත් ලියතඹරාගීතය මේ රටේ මිනිස්සු අතර ජනප්‍රිය එහි තිබෙන එම අපේකම හින්දයි. ඒ වගේ ම අපි කලාකරුවෝ නිහතමානී වෙන්නත් ඕනේ.
ඔබත් එක්තරා රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කළා. ඔබට එම අත්දැකීම කෙසේවී ද?
එය මට අලුත් ම අත්දැකීමක් වුණා. දක්ෂයින් හමුවුණා. ඔවුන් තමන් යන්න ඕන කරන රටාවන් හඳුනාගෙන වැඩ කරනවා නම් මේ රටට ප්‍රයෝජනවත් ශිල්පීන් වේවි. ඔවුන් අපේකම රැකගෙන දැන් තිබෙන නවීන වාද්‍ය භාණ්ඩ වලින් වැඩ ගත්තොත් මිනිසුන්ගේ හදවත් වලට සමීප නිර්මාණ කරාවි.
වර්තමානයේදී අලුත් ගීත ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනා අවශ්‍ය බව ඇතැමුන්ගේ මතය වී තිබෙනවා. ඔබ ඒ පිළිබඳව දරන මතය කුමක්ද?
මගේ මතය නම් ගීතයක් ජනතාව අතරට යන්නේ ගායනයෙන්. අපි ආවේ කටහඬින්, ගායනයෙන්. ගායනය වගේ ම තනුවත් වචනත් මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. රසය දැනෙන්න ඇස් දෙක වහගෙන විඳින්න තියෙන්න ඕනේ. එහෙම වින්ද ගී මතකයෙන් කවදාවත් බැහැර වෙන්නේ නැහැ. රූප රචකයන්ට චෝදනා කරනවා නොවේ. ප්‍රතාපවත් රංග ශිල්පීන් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි ශිල්පීන් රඟපෑ රූප රචනා ජනප්‍රිය වුණේ එච්.ඒ. ජෝතිපාලයන්ගේ හඬ නිසා, එනම් ජෝතිපාලයන්ගේ ගැයුම් නිසා. රූප රචනා නිසා ජනප්‍රිය වෙන ගීත වලට වඩා පැවැත්මක් ශ්‍රවණයෙන් විඳගනු ලබන ගීත වලට තිබෙනවා. ඒවා කවදාවත් ගීත රසිකයින්ගේ මතකයෙන් ඈත් වී යන්නේ නැහැ.
ඔබ එලෙස කිව්වට විද්‍යුත් මාධ්‍ය අලුත් ගීත ප්‍රචාරයේ දී උදාසීන බවට බොහෝ ගායක ගායිකාවන් චෝදනා කරනවා. ඉතින් අලුත් ගීත ප්‍රචාරය නොවී සමාජ ගත වෙන්නේ කෙසේද?
මගේ අත්දැකීම් අනුව නම් ඉතාම සරළ පිළිතුරක් තමයි ඔය ප්‍රශ්නයට තියෙන්නේ. එදා වගේ නොවේ අද චැනල් ගණනාවක් ගීත ප්‍රචාරය කරනවා. සාර්ථක නිර්මාණ කරනවා නම් ප්‍රචාරය නොවී තියෙන්නේ නැහැ. එවැනි නිර්මාණ වඳවෙලා යන්නේ නැහැ. එම නිසා ප්‍රචාරණය ගැන කරදර නොවී අපි නිර්මාණ හරියට කරන එකයි කරන්න ඕනේ. එවිට අපේ අලුත් ගීත සමාජ ගත කරන්න ඔය හැම විද්‍යුත් මාධ්‍යයක් ම ඉදිරිපත් වෙනවා.
ඔබ ගී ගයන්නේ ගීත රසික ජනතාවගේ ඔළුවට ද නැත්නම් දෙපයටද?
මුළු සරුවාංගයටම. එමනිසා මා ගයන ගී ඔවුන්ගේ සිරුරු වල රුධිරයට මුසුවෙලා මව්පියන්ගෙන් දරුවන්ටත් ආකර්ෂණය වෙමින් පවතිනවා.
ඔබේ ගීත සඳහා කර්තෘභාග අදාළ ආයතනවලින් ලැබෙනවා ද?
සිරසෙන් විතරක් ලැබෙනවා. එය කලාකරුවන්ට කරන ගෞරවයක් ලෙසයි මා සළකන්නේ. සංගීත ප්‍රසංගයකින් ලොකු මුදලක් ගන්නවාට වඩා විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් ලැබෙන සුළු මුදලේ වුවද වැඩි වටිනාකමක්, අගැයවුමක් දැනෙනවා. රිංගින්ටෝන්ස් සඳහා ගීත යොදා ගැනීම් වැනි කටයුතුවලදී නම් මා අනුගමනය කරන්නේ තරමක අමුතු වැඩ පිළිවෙළක්. මම කැමැති නැහැ අද කළ දේ හෙටටත් ඔළුවේ පටවා ගෙන ඉන්න. මට මිලක් තියෙනවා. ඒ ගාණ මට ලැබෙනවා නම් එච්චරයි. මට ලැබෙන දෙයින් සතුටු වෙන මිනිසෙක් මං.
ඔබේ ලියතඹරාඒක පුද්ගල ගීත ප්‍රසංගයට තිබෙන ඉල්ලුම කොහොමද?
මෙරට මෙන් ම විදේශ ප්‍රසංග සඳහාත් ආරාධනා තිබෙනවා. මීට පෙර ඇමෙරිකාව, නවසීලන්තය, මාලදිවයින වැනි රටවල් කිහිපයක මෙන් ම පසුගිය දිනවල මේ රටේ ප්‍රදේශ කිහිපයකත් සාර්ථකව ලියතඹරාප්‍රසංගය පැවැත්වූවා. හැබැයි මෙය දිගටම පවත්වා ගෙන යන්න විදුලි උපකරණ ආදී සංවිධාන කටයුතු නිසා බාධා වී තිබෙනවා. සම්පූර්ණ ප්‍රසංගයේ ම කටයුතු වගකීමෙන් කරගෙන යා හැකි අනුග්‍රාහක දායකත්වයක් ලැබෙනවා නම් ලියතඹරාමම දිගටම පවත්වා ගෙන යාමට කැමැතියි. මගේ ප්‍රසංගයට හොඳ රසික සහභාගිත්වයක් තිබෙනවා.
විදේශයක පදිංචියට යාමට ඔබේ අදහසක් තිබෙනවා කියන්නේ ඇත්ත ද?
නැහැ, මං මගේ ගම අතහැරලා වෙන කොහේවත් පදිංචියට යන්නේ නැහැ. මට මේ ගමේ මිනිස්සු එක්ක, ගහකොළ, වෙල්යාය, කළුගඟ එක්ක කොට කලිසම හරි සරම හරි ඇඳගෙන සැහැල්ලුවෙන් ඉන්න එක තරම් වෙන සතුටක් නැහැ. පසුගිය කාලේ මා බරපතළ ලෙස අසනීප වූ විට ආගම්, ජාති භේද කිසිත් නොසලකා මේ ගමේ හැමෝම මාව සුවපත් කරගන්න ප්‍රාර්ථනා කළ අයුරු මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. ගමේ මාර්කට් එකෙන් එළවළු ටික, බේත් ටික මට ගෙනත් දුන්නු ඒ වගේ ම පිටරට ඉඳලා මාස්පතා මට බේත් ගන්න මුදල් එව්ව මට ආදරේ කරපු හැමෝම ඉන්නේ මේ රටේ. ආරාධනා ලැබිලා තියෙනවා විදේශ රටවල පදිංචියට. ඒත් මම එහෙම වෙන රටක පදිංචියට යන්නේ නැහැ.
ඔබේ නවතම ගීත ඇල්බමයක් ළඟදි නිකුත් වෙනවාද?
මේ දිනවල අලුත් ගීත දෙකක් විද්‍යුත් මාධ්‍ය වලට නිකුත් කිරීමට කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අලුත් ගී 14 ක් ඇතුළත් ඇල්බමයක් රසිකයින්ට තිළිණ කරනවා. මේ ගී ඇල්බමයේ ඇතුළත් හැම ගීතයකම තනු මගේ. මගේ බිරිඳ කුමාරි ලංකා හැරුණු විට අනිකුත් සියලුම ගී පද රචනා කර ඇත්තේ අලුත් ගී පද රචක රචිකාවියන් විසිනුයි.

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ...!

(පද - කුමාරි ලංකා)

About the Author

Posted by gossip lanka live on 9:44 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:44 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With athma liyanage සමහර තරුණ තරුණියන් “මේ වගේ සින්දු කියලා අපිව පිස්සු වට්ටවන්නේ ඇයි?” කියලා අහනවා."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.