Published On:
Posted by gossip lanka live

Chat With ruwangi ratnayake මම දැන් ප්‍රේමය පිළිබඳව වැඩිය හිතන්නේ නෑ


ළඟදීම දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිත ජීවිතය ලස්සනයිචිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඇයයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම අප හමුවට එන රුවන්ගී ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩසටහන් දෙකක් ඉදිරිපත් කිරීමට ද දායක වන්නීය. තරුවක් සමඟ වරුවක්විශේෂාංගයට අප ඇයව එක්කර ගත්තේ ඇයගේ කලා දිවිය පිළිබඳවත් ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
ඉතින් කොහොමද රුවන්ගී...? හොඳින් ඉන්නවා.
රූපගත කිරීම් කීපයකටම සහභාගී වන නිසාත් සතිපතා රූපවාහිනී වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරන්න දායක වෙන නිසාත් මේ දවස්වල තරමක් කාර්ය බහුලයි. මේ දවස්වල නාලන් මෙන්ඩිස් මහතාගේ ටෙලිනාට්‍යයේත්, චන්දන ධර්මපි‍්‍රයගේ මල් දෙවැට, පි‍්‍රයන්ත කොළඹගේගේසොඳුරු ගිම්හානය”, “සිටුමැදුරකියන ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා.
ඔබ ගමෙන් පැමිණි කලා ශිල්පිනියක්.........?
ඔව් මගේ ගම කුරුණෑගල. මීට අවුරුදු දෙකකට පමණ කලිනුයි කොළඹට ආවෙ. ඒ කලා කටයුතු නිසාමයි. දැන් අපි පදිංචි වෙලා ඉන්නෙ නුගේගොඩ.
එතකොට ඔබ පාසල් ගියෙ...?
මම පාසල් ගියේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයට. පාසල් යන කාලෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. වැඩියෙන්ම යොමු වුණේ නැටුම්වලට සහ පාසලේ විවිධ උත්සවල නිවේදන කටයුතුවලට. රඟපෑමට පාසල් යන කාලෙ යොමු වුණේ නෑ. නර්තනය මම සාමාන්‍ය පෙළ දක්වා විෂයක් ලෙස හැදෑරුවා.
ඔබ රංගනයට යොමු වුණේ අහම්බෙන් ද?
”2010 අවුරුද්දේ ජාතික රූපවාහිනිය මෙහෙයවපු සිංහල අවුරුදු උත්සවයේ දෙවැනි ස්ථානය හිමි වුණේ මට. ඒ ජයග්‍රහණයෙන් පසුව මට රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මේ වන විට මම වෙළෙඳ දැන්වීම් 15 කට වැඩි සංඛ්‍යාවකට පෙනී ඉඳල තියෙනවා.
ඔබ මුලින්ම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය කුමක් ද?
ජාතික රූපවාහිනිය වෙනුවෙන් නලීන් මාපිටිය අධ්‍යක්‍ෂණය කළ බිනරිටෙලිනාට්‍යය වෙනුවෙනුයි මම මුලින් ම රංගනයෙන් දායක වුණේ. ඉන්පසුව විජිත මංජුල සිංහ පෘථිවිගේ නත්තල් ටෙලි නාට්‍යයක රඟපෑවා. ඉන් අනතුරුව ස්වර්ණවාහිනියෙන් විකාශය වූ මිනි පුර හටනටෙලි නාට්‍යයටත් අහසින් වැටුණාටෙලි නාට්‍යයටත් දායක වුණා.
ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගැනීමට හැකි වුණේ කුමන ටෙලිනාට්‍යයේ රඟපෑමෙන්ද?
ආනන්ද අබේනායක අධ්‍යක්‍ෂණය කළ අහසින් වැටුණා ටෙලිනාට්‍යයේ මම කළ නෙහාරාගේ චරිතය ප්‍රේක්ෂකයින්ගේ ප්‍රසාදය දිනාගන්න මට උදව් වුණා. ආනන්ද අබේනායක වැනි ප්‍රවීණයෙක් යටතේ වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්.
ඔබ ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහන් මොනවාද?
ස්වර්ණවාහිනී නාළිකාවේ හැඩකාර සඳුදා දවසසහ”Wedding” කියන වැඩසටහන් දෙක ඉදිරිපත් කරන්න දායක වෙනවා. ඒ දෙකම ලස්සන ගැන කතා කරන වැඩසටහන්. මම හරිම ආශාවෙනුයි ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ.
ඔබ වඩාත් කැමැති රඟපාන්නද? රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නද?
මේ දෙකටම කැමැතියි. ඒත් මේ දෙකෙන් වඩාත්ම කැමැති රඟපාන්න.
ජීවිතය ලස්සනයිචිත්‍රපටය ගැනත් කතා කරමු?
මම රඟපෑ පළමු චිත්‍රපටය තමයි ජීවිතය ලස්සනයි”. එය අධ්‍යක්‍ෂණය කළේ සුදේශ් වසන්ත පීරිස්. මෙහි මම රඟපාන්නෙ රන්ජන් රාමනායක අයියත් එක්ක. ඒක තරමක කොමඩිචරිතයක්.
ඔබ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවාද?
රංගන ශිල්පිනියක් විදියට විවිධාකාරයේ චරිත රඟපාන්න මම කැමැතියි. මෙතෙක් මට රඟපාන්න ලැබිල තියෙන චරිත බොහොමයක් නාගරික යුවතියකගේ චරිත. ඒ මගේ බාහිර ස්වරූපය නිසා වෙන්න ඇති. නමුත් මම හරිම ආශාවෙන් ඉන්නෙ ගමක දුෂ්කර ජීවිතයක් ගෙවන යුවතියකගේ චරිතයක් රඟපාන්න. මම ගමක ඉපදුණු හැදුණු වැඩුණු කෙනෙක්. ඒ නිසා මට හොඳින් පුළුවන් වේවි ගැමි චරිතයක් නිරූපණය කරන්න.
ඔබ ප්‍රවීණයින්ට ගරු කරන කෙනෙක් ද?
අනිවාර්යෙන් ම. මම තවම රංගන ක්ෂේත්‍රයට ආධුනිකයෙක් වුණත් මට මේ වන තෙක් ලැබිල තියෙන හැම චරිතයක් ම වගේ රඟපාන්න ලැබුණේ ප්‍රවීණයින් සමඟ. ඒක මට හරිම සතුටක්. ඔවුන්ගේ උපදෙස් අවවාද මට සැම විටම වටිනවා. මම ඔවුන් එක්ක ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ බව ළඟින්ම ඇසුරු කරන අය හොඳින් දන්නව.
නමුත් ඔබ පිළිබඳව කිසියම් පුවතක් වෙබ් අඩවියක සහ පුවත්පතක පළවුණා නේද?
ඔව්. ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ අවමංගල උත්සවයකට සහභාගී වීම හෑල්ලුවෙන් කතා කළා කියල තමයි ඒ ප්‍රවෘත්තියේ තිබුණේ. මට ම හිතාගන්න බැහැ ඒ වගේ ප්‍රවෘත්තියක් නිර්මාණය වුණේ කොහොමද කියල. මේ ළඟදි දවසක ටොරින්ටන්වල රූපගත කිරීමක් තිබුණා. ඒකට ලකී ඩයස් මහතාත් සහභාගී වුණා. රූපගත කිරීම් ඉවර වෙලා ලකී අයිය එයාගෙ වාහනෙන් ගියා. ඉතිරි වුණේ මමයි නිෂ්පාදන කණ්ඩායමයි විතරයි.
ඒ අතර සිටි කාන්තාවක් මරණ ගෙදර යන්න ඕන කියල කිව්ව. ඒ වෙලාවෙ අපේ සහය අධ්‍යක්‍ෂ ඒ කාන්තාවට කිව්ව ඔයාට මරණ ගෙදර යන්න වෙන්නෙ නෑ. තියෙන වාහන දෙකෙන් කට්ටිය නවාතැනට යන්න කියල. මරණ ගෙදරක් ගැන මට ඇහුණු කතාව තමයි ඔය. මට කවුරුත් මරණ ගෙදරක යන්න අඬ ගැහුවෙත් නෑ; මම ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කළෙත් නෑ. ඒ වැරැදි විස්තරය පළවෙලා තිබුණු වෙබ් අඩවියට මම ඒ කතාව අසත්‍යයක් බව කියල යැව්ව. ඔවුන් එය පළ කරල තිබුණා. ඉන් එහාට මම ඒ ගැන කතා කරන්න ගියේ නෑ.
මෙවැනි ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළවීම ගැන ඔබේ මතය?
එවැනි ප්‍රවෘත්තියක් පළ වුණාම ඒ පුද්ගලයා පිළිබඳව සමාජයේ කතාබහට ලක් වුණත්, ඒක එම පුද්ගලයාගේ චරිතයට කැළලක්.
ඔබේ පවුලේ විස්තර...?
අම්මයි අක්කල දෙන්නයි අයියයි තමයි මගේ පවුලේ ඉන්නෙ.
ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැ නේද?
මීට කලකට පෙර එහෙම සම්බන්ධයක් තිබුණා. නමුත් දැන් එය නැහැ. මම දැන් ප්‍රේමය පිළිබඳව වැඩිය හිතන්නේ නෑ. මගේ බලාපොරොත්තුව හොඳ රංගන ශිල්පිනියක් විදියට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නයි.
ගාමිණී සුසන්ත
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

About the Author

Posted by gossip lanka live on 9:40 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:40 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With ruwangi ratnayake මම දැන් ප්‍රේමය පිළිබඳව වැඩිය හිතන්නේ නෑ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.