Published On:
Posted by gossip lanka live

Chat With waruni uthpala හින්දි බස සහ මගේ බැඳීම සංසාරගත එකක්




අද අඟහරුවාදා දිනයකි. නොඑසේනම් ඇය හමුවීමට සුදුසුම දිනයකි. කලට වේලාවට රාජකාරීන් හමාරකොට මම ඇ සොයා ස්වාධීන රූපවාහිනියට ගොඩ වුණෙමි. අමුත්තන් සඳහා වෙන් වූ සෝෆාවක් මත ඈදිගෙන ඇය පැරැණි හින්දි ගී තැටියක ලේබලයක් කියවයි. එවැනි තවත් කවර බොහොමයක් මේ මොහොතේ ඈ සතුය.
තව සුළු මොහොතකින් මේ චතුර නිවේදිකාව රංජිත් එදිරිසිංහයන් හා කරටකර භාරත ගී වින්දන මෙහෙයවීමට සූදානමිණි.
ඊට ප්‍රථම ඇය සමඟ මා කතාබහ කළ යුතුය. මේ කතාව ඇරැඹිය යුතු හොඳම තැන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය.
වරුණි හරි දක්ෂයි කියලා හැමෝම කියනවා?
ඒ අයට ස්තුතිවන්ත වෙනවා. මම ගැන එහෙම කියනවට. හින්දි භාෂාව සහ එම චිත්‍රපට ගැන දැනුම මං එක්කාසු කර ගත්තේ පුංචි කාලෙ ඉඳලා. මං හිතනවා මට දක්ෂ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දැනුම නිසයි කියලා.
ඒ හින්දද රංජිත් අයියත් එක්ක වාද විවාදවල පැටැලෙන්නෙ?
නෑ නෑ නෑ, එයාට තියෙන්නේ මටත් වැඩිය පුළුල් දැනුමක්.අපි දෙන්නා වාද කරන්නේ ප්‍රේක්ෂකයාට නිවැරදි දෙයක් දෙන්න.
ඔබ ඔහොම කිව්වට ඔය වාද විවාද උත්සන්න වෙනවලු, විරාමය අතරතුර?
ඒක අසත්‍යයක්. කොයි වාදෙකදි වුණත් මම ඔහුගේ ප්‍රවීණත්වයට ඉඩ දෙනවා.
වරුණි කොහොමද හින්දි ලෝලියකු වන්නේ?
පොඩි වයසේ ඉඳලා මං හින්දි පිස්සියක්. වැඩිපුරම ඇහුවේ කිෂෝර් කුමාර්, මොහොමඩ් රාෆි වැනි අයගේ ගීත. හින්දි බස සහ මගේ බැඳීම සංසාරගත එකක් කියලයි මට හිතෙන්නේ.
ගිය ආත්මයේ වරුණි ඉන්දියානුවෙක් ද දන්නේ නැහැ?
වෙන්නත් පුළුවන්. නැතිනම් මෙච්චරටම හින්දි බසට ඇලුම් කරන්නේ නැහැනේ. අපි කොහෙන්ද කතාව නැවැත්තුවේ. ආ..... හින්දි සින්දු අහපු තැනින් නේද?
ඔව්, ඉතිං ඊට පස්සේ?
පාසල් කාලෙදිම මං හොඳින් හින්දි බස ඉගෙන ගත්තා. අනතුරුව මං ඉගෙන ගත් ආනන්ද බාලිකාවේම හින්දි භාෂා ගුරුවරියක ලෙස සේවය කරන්නට ලැබෙනවා. එතකොටම වගේ තමයි මට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යන්න එරටින් ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ.
ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ?
මං ඉතින් වසර කිහිපයක් අග්‍රාවල හිටියා. ඔය කාලය අතරතුර මට බොලිවුඩ් සුපිරි තරු සහභාගි - වූ ප්‍රසංගයක් බලන්නත් අහඹු ආරාධනාවක් ලැබුණා. එතනදි වුණා නියම වැඩක්.
ඒ මොකක්ද?
එතනට ඇවිත් හිටියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට ඊළඟ චිත්‍රපටයට කතා කළා රඟපාන්න. මං මුජේ ඇක්ටිං වැක්ටිං පසංද් නහීකිව්වා.
පුදුමයි?
ඒත් මං රඟපාන්න අකමැතියි. මට ඕන හොඳ නිවේදිකාවක් සහ හින්දි ගුරුවරියක් වෙන්න. ඒක නිසා මං ඉගෙනුම් කටයුතුවලින් පසුව ලංකාවට ආවා.
වාසනාවට පයින් ගැහැව්වා කියලා හිතෙන්නේ නැද්ද?
කොහෙත්ම නැහැ. මං හින්දි ඉගෙන ගෙන ඉන්දියාවේ හිටියා නම් ඒක තේරුමක් නැති වැඩක් වෙනවා. හින්දි එයාලගෙ මව් භාෂාවනේ. අනික එහෙ අයට හින්දි උගන්නලා වැඩක් නැහැනේ. ඒකයි ලංකාවට ආවේ.
එතකොට ඔබ කෙසේද මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ?
මං මුලින් එකතු වෙන්නේ මැක්ස් රූපවාහිනියට. එහි රිදම් ඔෆ් ඉන්දියානම් වූ වැඩසටහන වසර කිහිපයක් මා මෙහෙය වූවා. එම නාලිකාව පසුව ඉංග්‍රීසි භාෂාවට මාරු වුණා. ඒ නිසා මම එතැනින් සියත ආයතනයට ආවා. එහි හින්දි භාෂා පරිවර්තකයකු විදියටයි සේවය කළේ. කාලයාගේ ඇවෑමෙන් භාරත ගී වින්දන නිෂ්පාදක සුනිල් ප්‍රේමරත්න මහතාගේ ඇරයුමෙන් මං එම වැඩසටහන සමඟ එකතු වෙනවා.
එතැනදි ඔබට සිදුවන්නේ ප්‍රවීණයකු සමඟ වැඩසටහන මෙහෙය වන්න. එහෙම නේද?
ඔව්, මං කලින් කිව්වා වගේ ඔහුගේ ප්‍රවීණත්වයට ගරු කරනවා. ගුවන් විදුලියේ ඔහු කරපු වැඩසටහන් මං පුංචි කාලේ රස වින්දේ හරිම ආසාවෙන්. මගේ ලෝකයේ වීරයෙක් එක්ක එවැනිම වැඩසටහනක් මෙහෙය වීමට ලැබීම දෛවෝපගත සිදුවීමක්.
එක දවසක් වැඩසටහන මධ්‍යයේ ඔබට බකස් ගාලාහිනා ගියා කියලා මට ආරංචි වුණා?
රංජිත් අයියා කියන කතා හරිම සුන්දරයි. එවැනි කතාවකට තමයි හිනා ගියේ. ඔන්න කිෂෝර් කුමාර් ගැයූ රාජේශ් ඛන්නා රඟන චිත්‍රපට දර්ශනයක් පෙන්නුවා. ඊට පසුව එය අනුකරණය කොට නිම වූ සිංහල චිත්‍රපට දර්ශනයක් විකාශය කළා. ඒක දැකලා රංජිත් අයියා කනට කරලා කිව්වාමේකේ කොල්ලා නටන්නේ හරියට කුඹුරක මැටි පාගනවා වගේකියලා. ඒකටයි මට හිනා ගියේ.
වරුණි වැඩිපුරම ජනප්‍රිය වුණේ භාරත ගී වින්දන නිසා නේද?
මෙහෙම දෙයක් තියනවා. මැක්ස් නාලිකාවේ මගේ වැඩසටහන බැලුවෙ තරුණ අය. භාරත ගී විනදන වටා රොක් වී සිටින්නේ වැඩිපුර වැඩිහිටි ප්‍රේක්ෂකයෝ. ඒ අනුව බලද්දී වැඩිපුර ජනප්‍රියයි කියනවාට වඩා දෙපිරිසම අතර ජනප්‍රියයි.
වර්තමානයේ ඔබ ගුරුවරියක්ද?
ඔව්. මං නුගේගොඩ ගුරුකුල් ආයතනනයේ සේවය කරනු ලබනවා.
වරුණිව හැබහින් දුටුවාම හිතෙන්නේ වැඩිපුර විලාසිතා නොකරන අයකු වගේ?
ඒක නම් එහෙම තමයි. මං පාරෙ තොටේ බැහැල යද්දී අඩුම තරමේ ලස්සන කරාබුවත් මං පළඳින්නේ නැහැ. යාළුවො බනිනවා මට විලාසිතා කරන්න කියලා. ඒත් මං අකැමැති දේවල් කොහොමද අනේ කරන්නේ.
වරුණිගෙ පෞද්ගලික ජීවිතය ගැන පවසන්නට වෙලාව?
අපි ඒ ගැන කතා නොකර ඉමු. මං හිතන්නේ මගේ කලා ජීවිතය ගැන විතරක් රසික රසිකාවන් දැනගත්තාම ඇති.
හරි එහෙනම් අවසන් වශයෙන් කියන්නට මොනවද තියෙන්නේ?
මහින්ද රාමනායක, ජනක රාමනායක, රොස්මන්ඩ් සේනාරත්න, සුනිල් ප්‍රේමරත්න, රංජිත් එදිරිසිංහ, හඩ්සන් සමරසිංහ, ජෝති පර්මාර්, මාධවී ද සිල්වා යන මහත්ම මහත්මීන්ට, සියත සියලුම කාර්ය මණ්ඩලයටත් තුති පුදන්න කැමැතියි.
වැඩසටහනත් පටන් ගන්න ළං වෙනවා නේද? මා කීවේ බිත්තියේ ඇති ඔරලෝසුව දෙස නෙත් යොමුනි.
ඔව්. අන්න රංජිත් අයියත් එනවා. සුබ් රාත් එහෙනම්.

About the Author

Posted by gossip lanka live on 9:54 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:54 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With waruni uthpala හින්දි බස සහ මගේ බැඳීම සංසාරගත එකක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.