Published On:
Posted by gossip lanka live

lakmini welgama (wijewardena) Talk Her husband upali wijewardena


-  ලක්මිණී වෙල්ගම පිළිතුරු දෙයි
දිවංගත උපාලි විජේවර්ධන මහතා පිළිබඳ අසත්‍ය චෝදනා පතුරවා හරිනු ලබන්නේ සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බවඒ මහතාගේ වැන්දඹු භාර්යාව වන ලක්මිණී විජේවර්ධන (වෙල්ගම) මහත්මිය පවසා ඇත. මේ වනවිට වෙබ් අඩවි හරහා උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර සිටින බවට තොරතුරු විසිරෙමින් තිබේ. 1983 පෙබරවාරි 13 වැනිදා ගුවන් අනතුරකින් උපාලි විජේවර්ධන මහතා ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ මියගිය උපාලි විජේවර්ධන මහතා අවුරුදු 26ක් තිස්සේ මෙක්සිකෝවේ ඉස්ලස්මරියස් නමැති සිරගෙදර දඩුවම් විඳිමින් සිටින බව වෙබ් අඩවි හරහා පැතිරෙමින් තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් පසු තුවාල ලබා මුහුදට වැටුණ විජේවර්ධන මහතා බේරාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබූ නෞකාවක් විසින් බව එම වාර්තා වල සඳහන් වෙයි. මිතුරන්ගේ පාවා දීම් අනුව මෙක්සිකෝවේ සිර භාරයට පත් වූ ඒ මහතා එහි සිටි මුළු කාලයේදීම සෙන් බුදු දහමේ පොත් කියවා ඇතැයි සඳහන්ය. දැඩි ලෙස තමන්ට පහර දෙමින් මරා දමන්නට සිරගෙදරදී ඇතමුන් ක්‍රියා කළද ජීවිතය බේරා ගන්නට වාසනාව තිබූ බවත් එම වාසනාව තමන්ට හිමි වූයේ කැලණි රජමහා විහාරයේ සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙත් ඥාති හිතමිත්‍රාදීන්ගෙත් සෙත් ප්‍රාර්ථනා හේතුවෙන් බවත් විජේවර්ධන මහතා පැවසී යැයි එම වෙබ් සටහන්වල ඇතුළත්ය. මෙම අද්භූත කතාව පිළිබඳ ඒ මහතාගේ බිරිද වන  ලක්මිණී විජේවර්ධන (වෙල්ගම) මහත්මිය මෙසේ පවසා ඇත. කොටි සංවිධානය සමග සාකච්ඡා එපා කියන මතයේ උපාලි විජේවර්ධන මහතා සිටියා. ඒ අනුව තමයි ඔහු ඇතුළු ඔහුගේ ජනමාධ්‍ය ක්‍රියාත්මක වුණේ. අදත් ඒ මතයේ අප ඉන්නේ. ඒ අනුව පෙනී යනවා මෙය සිංහල බෞද්ධ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව. වැඩිදුරටත් සිය අදහස් පළ කළ තිබු විජේවර්ධන මහත්මිය මෙවැනි අභූත කතා පතුරවා හරින සමහරුන්ට විශාල මූල්‍යවාසී ලැබෙන්න පුළුවනි. රාජ්‍ය නොවන සංවිධාන මේ රටේ ක්‍රියාත්මක වෙමින් සිංහල බොදු හඩ විනාශ කරන්න උත්සහ දරනවා. මෙවැනි කතා පතුරවන්නේ සමහර විට පිස්සුවෙන් වෙන්නත් පුළුවනි. උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර නොමැති බව ඉර හඳ මෙන් තමන්ට විශ්වාස යැයි පවසා ඇති විජේවර්ධන මහත්මිය මෙවැනි අපරාධවලට එරෙහිව තමන් නීතිය ඉදිරියට නොයන බවද පවසා ඇත. එහෙත් දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අසු නොවී මොවුන්ට ගැලවී සිටිය නොහැකි බවත් ඇය සඳහන් කර තිබේ.
අනුර හො‍රේෂස්

 source - http://www.lakbima.lk

About the Author

Posted by gossip lanka live on 9:10 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:10 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "lakmini welgama (wijewardena) Talk Her husband upali wijewardena"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.