Published On:
Posted by gossip lanka live

Chat With sanath wimalasiri වැඩි දෙනෙක්‌ එන්නේ මේ ක්‍ෂේත්‍රය වෘත්තීය ගණිකා වෘත්තියේ යොදවන්න බලාගෙන


සනත් විමලසිරි පිළිබඳව දිගු පූර්විකා සටහන් තැබීමේ අවශ්‍යතාවක්‌ නැත. ඒ එපමණකටම ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳව විශ්වාසය තබා ඇති, ඔහුට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට නිරන්තරයෙන් ඒ වග සිහිපත් කිරීමේ අවශ්‍යතාවක්‌ නැති හෙයිනි. ක්‍ෂේත්‍රයේ විවිධ පැති පිළිබඳව උණුසුම් අදහස්‌ පළ කරන්නට සනත් විමලසිරි එක්‌ වූ මොහොතයි මේ.

'
සනත් විමලසිරි' ගැන රසිකයා තේරුම් ගන්න ඕන කොහොමද?

සාමාන්‍යයෙන් අනිත් අය දකිනවාට වඩා වෙනස්‌ චරිතයක්‌. මේක පුරාඡේරුවක්‌ වෙන්නත් පුළුවන්. 'සනත් විමලසිරි' ඇත්තටම වේදිකාවේ, චිත්‍රපටවල හෝ රූපවාහිනී නාලිකා කියන එක තැනකවත් නෑ. ඔහු විරලයි. චාම්. විසල් බලාපොරොත්තු නෑ. මිනිස්‌සු එක්‌ක ජීවත්වීම සතුටු වීම මිනිස්‌සු එක්‌ක ආදරයෙන් සිටීම තමයි සනත් විමලසිරි ප්‍රිය කරන්නේ. ජීවිතේ පරදුවට තියලා හරි කාට හරි උදව් කරන්න හිතුනොත් උදව් කරනවා. ඒකට ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

සනත් ඔය කිව්වේ සිනමාවේ හෝ ටෙලි නාට්‍යයක ඉන්න සුදු චරිතයක්‌ ගැනයි. ඒ හින්දම ඔබ වෙනස්‌ චරිතයක්‌ කියන එක පිළිගන්න අමාරුයි.

ඒත් ඉතිං මම රූපවාහිනියේ හෝ සිනමාවේ සුදු චරිත කරලා නෑනේ. මට ලැබිලා තියෙන්නේ කලු චරිත. මොකද කලු චරිත බොහෝ අය ප්‍රතික්‍ෂේaප කරන නිසා.

ඔය කියන සුදු කලු චරිත වර්තමානයේ තිරයේ දකින විදිය ගැන විවේචන තිබෙනවා. සරලව කිව්වොත් ගුණාත්මක නෑ. රංගනය හරි නෑ කියන කතා අපිට ඇහෙනවා.

වෙන්න ඇති. කවුරු හරි එහෙම කියනවා නම් ඒක හරි. අපිටත් ඒක ඇහිලා තියෙනවා. හැබැයි බොහොම විමර්ශනාත්මකව බැලුවොත් පෙනෙයි හැම නළුවෙක්‌ම ඔය කියන තැනට ඇවිත් නෑ කියලා.

එහෙම වෙන්න නිර්මාණවල තියෙන බාල ගතියත් බලපානවා කිව්වොත් එකඟද?

සියයට සියයක්‌ එකඟයි. හරසුන් නිර්මාණ බිහිවීම තමයි මේකට හේතුව. ප්‍රේක්‍ෂකයාට යම් දෙයක්‌ ලබා දෙන්නේ නැති නිර්මාණ හරහා මොන චරිත ඉදිරිපත් කරන්න ගියත් අසාර්ථක වෙනවා. මෑතකදී මම හිටපු ටෙලි නාට්‍ය කිහිපයක්‌ ඇදි ඇදී යන ගතියක්‌ තිබුණත් ප්‍රේක්‍ෂකයන්ට ගත හැකි යමක්‌ තිබුණ කියලයි මට හිතෙන්නේ.

ඇදි ඇදී යන කිව්වේ මෙගා ද?

ඔව්. මෙගා තමයි. දැන් ගත්තොත් ඉතිං ඊට පස්‌සේ කොටස්‌ පන්සිය ගාණක්‌ තිබුණා. එහි සමහර දේවල්වල යම් යම් තැන් ඇදිලා තියෙන්න ඇති. හැබැයි ඒක ප්‍රේaක්‍ෂකයන් අතරට ගියා විතරක්‌ නෙවෙයි රංගනය පැත්තෙන් පවා ඒකට උපරිම සාධාරණය කරන්න අපිට පුළුවන් වුණා.

කතාබහ අනුව තේරෙන්නේ සනත් මෙගා වලට විරුද්ධ නෑ කියලයි.

පැහැදිලිවම නෑ. ඇයි මම විරුද්ධ වෙන්නේ. ලෝකයේ ඕන තරම් මෙගා නාට්‍ය තියෙනවා. අපේ රටේ තවමත් කතා කරන 'දූ දරුවෝ' 'අසල්වැසියෝ' මෙගා නාට්‍යයක්‌නේ. තවමත් අත් නොහැර බලන විදේශ මෙගා තමයි ඔෂින්, මන්කි වැනි ටෙලි නාට්‍ය. ඒ එකක්‌වත් අපි ප්‍රතික්‍ෂේප කරනවාද?

මෙගා පමණක්‌ නොවෙයි වර්තමාන නිර්මාණ බොහෝමයක නළු නිළියන්ගේ හැකියාව ගැන විවිධ කතා මතුවෙනවා.

හරියට හරි ඒක ඇත්ත.

හරි කියන්නේ ඒ ගැන ඔබටත් විවේචනයක්‌ තිබෙනවා කියන එකද?

පැහැදිලිවම..... වේදිකාවේ කාටවත් වංචා කරන්න බෑ. මාට්‌ටු වෙනවා. අපි කතා කරන්නේ සජීවීව ප්‍රේක්‍ෂකයාට. හැබැයි සිනමාවේ හා ටෙලි නාට්‍ය කලාවේ ඉන්න බහුතරයක්‌ කරන්නේ ඒවා විනාශ කරන එක. වැඩි දෙනෙක්‌ එන්නේ මේ ක්‍ෂේත්‍රය වෘත්තීය ගණිකා වෘත්තියේ යොදවන්න බලාගෙන.

ඒක ටිකක්‌ දරුණු චෝදනාවක්‌ නේද?

ඔව්. හැබැයි දරුණු වුණත් ඒක ඇත්ත.

කොහොමද එහෙම වෙන්නේ.

මෙහෙමයි. ඔන්න මොකක්‌ හරි සබන් කෑල්ලක්‌ දෙන්න ඇවිත් අමාරුවෙන් ටෙලි නාට්‍යයක පෙනිලා යන කෑල්ලකට ඔළුව දාපු ගමන් එයා 'නිළිය' වෙනවා. ඊළඟට එයා දහදුරා වැඩක්‌ කරලා පොලිසියට ගෙනියනවා. ඔයාලා (පත්තර) මොකද කරන්නේ. 'නිළියක්‌ දැලේ' කියලා ලොකුවට පළකරනවා. එයා නිළියක්‌ද? එයා සබන් කෑල්ලක්‌ දෙන්නයි රූප රාමුවට ඇවිත් ඉන්නේ. එයත් පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක. මේක කොච්චර නින්දිතද?

දැන් අපේ නිළියෝ කොයිතරම් හොඳ වැඩ කරලා තියෙනවද? කැන්සර් හැදිලා ඉන්න බරපතළ රෝග තියෙන අයට මොන තරම් උදව් උපකාර කරනවද? ගෙවල් හදල දීලා තියෙනවා. අපි නම් දැකලා නෑ. අද වෙකනම් ඒවා පත්තරවල යනවා.

නෑ..... අපි රඟපෑම් ගැන ගත්තොත් ඒවායේ ගුණාත්මකභාවය ගැනයි අහන්නේ.

ඉතිං එහෙම අයගෙන් කොහොමද හොඳ දෙයක්‌ බලාපොරොත්තු වෙන්නේ.

ඒ අය නෙවෙයි ක්‍ෂේත්‍රයේ අපි වර්තමානයේ දකින හුරුපුරුදු චරිත බොහොමයකට ඒ හැකියාව නෑ කියලයි චෝදනාව තියෙන්නේ.

ඔව් වෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න සමාජයේ සිවිල් බලයක්‌ හදාගන්න පුළුවන් කියලා හිතුනම ඕනම මිනිහෙක්‌ හිතන්නේ මේක තමයි හොඳම තැන කියලයි. මේ අය පළමු රූප රාමුවට එන්නෙම නළුවෙක්‌ වෙලා. රංගනය ගැන අවබෝධයක්‌ නැතුව මේ ක්‍ෂේත්‍රයට ආවාම සමස්‌තයටම රසිකයන්ගෙන් ඔබ ඔය කියන චෝදනාවට මුහුණ දෙන්න වෙනවා. මම මේ අලුත් පරම්පරාවේ හැමෝටම නෙමෙයි කියන්නේ. මාර දක්‍ෂ මාර ටැලන්ටඩ් කොල්ලෝ සෙට්‌ එකක්‌ ඉන්නවා.

හුඟ දෙනෙක්‌ මේ ප්‍රශ්නය ගැන අහද්දී නිතරම කියන්නේ "මම මේ හැමෝම ගැන නෙමෙයි" කියලයි. ඒකත් ඇඟ බේරාගෙන හැමෝටම ගහන්න කරන උප්පරවැට්‌ටියක්‌ නේද?

කොහෙත්ම නෑ. ගහන්න ඕන තැනට මම බය නැතුව ගහනවා. මොකටද මම බයවෙන්නේ. මම මේ කියන්නේ බොහෝම කෙළින්. මේ කතාවේ ඇද මුකුත් නෑ. ඉස්‌සර මිනිස්‌සු කොච්චර නළු නිළියන්ට ආදරය කළාද? අද ඒ ආදරය ගෞරවය තියෙනවද?

කී දෙනෙකුට ආදරය කරන්නද? අද නළු නිළියෝ වැහි වැහැලනේ කියලයි සමාජයේ කතාබහ වෙන්නේ.

ඒක තමයි අද ඉගෙන ගන්න බැරිවෙච්ච, සාමාන්‍ය දැනුමක්‌වත් නැති 'මැටි මෝල්ලු' ක්‍ෂේත්‍රයට එනවා. මොන මොනවා හරි හරි කරලා බැරිම තැන 'රඟපාලා හරි ගොඩයන්න' බලනවා කියලයි ඒ අය ක්‍ෂේත්‍රයට එන්නේ. එතකොට කොහොමද අපි රංගනයේ ගුණාත්මක බවක්‌ තියාගන්නේ.

ආවේගශීලීව කතා කළාට ඔය ප්‍රශ්නයට විසඳුම තියෙන්නෙත්, ඔබ ඔය කියන ජ්‍යෙෂ්ඨයන් අතේමනේ.

හරියට හරි දැන් මේ කෑගහන්න වෙලා තියෙන්නේ ඇයි. ඒ හින්දම තමයි. ඒකට හේතුව අපේ කට්‌ටියගේ එකමුතුකමක්‌ නැතිකම.

මෑතක සිට විකාශය වන රිදී සිත්තම් හි චරිතය ගැන කතා කරමු.

කතාව වෙනමම තැනකට ගෙනාවා. සරලව කිව්වොත් රිදී සිත්තම් හි මම නිරූපණය කරන ජගත්ගේ චරිතය සුවිශේෂ චරිතයක්‌. මෑතදී මම බොහෝ කැමැත්තකින් කළ චරිතයක්‌.

හැබැයි මේ චරිතය යම් පමණකට තාත්වික බව අභිබවන, ඕවර් යන මට්‌ටමේ තිබෙන බවකුත් පේනවා.

ඒ ජගත්ගේ චරිතයේ ස්‌වභාවය. මට නම් සමාජයේ එහෙම චරිත ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. බොහොම සැහැල්ලුවෙන් සියලුම ප්‍රශ්න යටපත් කරගෙන සිනාවෙන් යුතුවම ජීවත්වන චරිත එමටයි.

උදේශ සංජීව ගමගේ
ඡායාරුප - සිරිපාල හල්වල

http://www.divaina.com/images/inner_r6_c1.gif

About the Author

Posted by gossip lanka live on 9:19 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:19 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With sanath wimalasiri වැඩි දෙනෙක්‌ එන්නේ මේ ක්‍ෂේත්‍රය වෘත්තීය ගණිකා වෘත්තියේ යොදවන්න බලාගෙන"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.