Published On:
Posted by gossip lanka live
ජැකලින් සටන් කලාව ඉගෙන ගනී
ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල අවධානය යොමුකර සිටින්නේ ඇයගේ ඊළ¼ඟ චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය තමයි, ‘රේස් - 2’. මීට අවුරුදු 4 ට පෙර (2008 දී) තිරගත වූ ‘රේස්’ චිත්‍රපටයේ දෙවැනි කොටස හැටියටයි, ‘රේස් - 2’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. අනිල් කපූර්, සායිෆ් අලි ඛාන්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන්, අමිෂා පටේල් සමඟ ජැකලින් රඟන මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරුන් තමයි, අබ්බාස් සහ මස්තාන්. මෙහි රූපගත කිරිම් පසුගිය වසරේ නොවැම්බර් 5 දා ආරම්භ වුණා. චිත්‍රපටයේ තිරගත කිරීමට නියමිතව ඇත්තේ මේ වසරේ නොවැම්බර් 30 දා සිටයි.
ජැකලින්ට ‘රේස් - 2’ චිත්‍රපටයේ ත්‍රාසජනක සටන් ජවනිකා කිහිපයක් නිරූපණය කිරීමට සිදුවෙලා. “මට මේ ජවනිකා පෙළ නිරූපණය කරන්න වෙන්නේ මැයි මාසේ රූපගත කිරීම් වලදීයි. ඒ වුණත් මම පහුගිය නොවැම්බර් මාසයේ ඉඳන් මේ රූපගත කිරීම් වෙනුවෙන් ලෑස්ති වුණා. මගේ සිරුරත් ඒකට ගැළපෙන විදිහට හදා ගත්තා. සටන් ජවනිකා පුරුදු වුණා. ව්‍යායාම් එහෙමත් කළා. අපිට පිරිමි වගේ පුහුණුවීම් වල යෙදෙන්න නම් අමාරුයි. ඒත් කාන්තාවන් හැටියට අපි, අපේ සිරුරේ නම්‍යශීලීත්වය වගේම ජවසම්පන්න බවත් රඳවාගන්න ඕනෙ.
මම මීට කලින් ජිම්නාස්ටික් පුහුණු වෙලා තියෙනවා. දැන් මේ චිත්‍රපටය වෙනුවෙන් ආයෙමත් ඒවා පුහුණු වෙන්න ඕනෙ. ‘රේස් - 2’ චිත්‍රපටයෙ ‘ස්ටන්ට්’ දර්ශනවලදී වෙන කෙනෙක් දාන්නෙ නැතුව මම තනියෙන්ම නිරූපණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වෙනත් ශිල්ප ක්‍රමත් ඉගෙන ගන්න තීරණය කළා. මෑතකදී මම බ්‍රසීලයේ සටන් කලාවත් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක හරිම සතුටෙන් ඉගෙන ගත්තා. මොකද, ඒ සටන් කලාවෙන් නැටුම්වලටත් උදව් ලැබෙන නිසා. මේවා විතරක් නෙමෙයි, මම යෝගී ව්‍යායාම් පවා කරනවා. ඒකත් මට ගොඩක් වැදගත් වෙන ව්‍යායාමයක්.” ජැකලින් පසුගිය සතියේ පැවසුවා.
ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය පැවසුවා. ඒ කුමක් වෙනුවෙන්දැයි අපි ඇයගෙන්ම අහමු.
“හැම අවුරුද්දකම මම, මගේ මව් රටට එන්නේ රූප රැජින තේරීමේ තරගයක් විනිශ්චය කරන්නයි. මේ අවුරුද්දෙත් ඒ වෙනුවෙන් මම එනවා.
ලංකාවෙ තරුණියන් ජාත්‍යන්තර රූ රැජන තරග වෙනුවෙන් සූදානම් කරන ව්‍යාපෘතියක කටයුතු කරන්නත් මම දැනටමත් එකඟ වෙලා තියෙනවා. ජැකලින් පැවසුවා.