Published On:
Posted by gossip lanka live

විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා



ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අතිවිශිෂ්ට පිතිකරුවෙකි. කඩුල්ල පිටුපස සිට විස්මිත ලෙස පන්දුව රකින කඩුලු රකින්නෙකි. ඒ සමඟම ලොව දක්ෂතම බුද්ධිමත්ම නායකයෙකි. රටේ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාවේ යෙදෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි.
මේ සියල්ලම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරියෙන් ම සිටින ක්‍රීඩකයා ලෙසින් කිරුළ පලඳින්නට සුදුසුකම බවට පත් කළේ ය.
ලොව ප්‍රකට විස්ඩන් සඟරාව කුමාර් සංගක්කාර 2012 වසරේ ලොව දක්ෂතම ක්‍රීඩකයින් 5 දෙනා අතරට නම් කළේ ය. එහිදී සංගා සමඟ ටිම් බ්‍රෙස්නන්, ගෙග් චැපල්, ඇල්ස්ටෙයා කුක් ඒ රිචඩ්සන් ලොව හොඳම ක්‍රීඩකයින් 5 දෙනා අතරට නම් කෙරුණි.
විස්ඩන් සඟරාව 1889 වසරේ පළමු වරට ලොව විශිෂ්ටතම පන්දු යවන්නන් සය දෙනා තේරූ අතර එදා මෙදා තුර වරින් වර හොඳම පන්දු යවන්නන් හොඳම පිතිකරුවන් ලෙස මෙම තෝරා ගැනීම සිදු කෙරුණි. ඒ අනුව 2012 වසරේ ලොව විශිෂ්ටතම පිතිකරුවන් 5 දෙනා අතරට තෝරා ගන්නට තරම් සංගා වාසනාවන්ත විය. දක්ෂ විය.
කෙසේ වෙතත් මීට පෙර 2007 වසරේ මහේල ජයවර්ධනත්, 1999 වසරේ මුරලි සහ අර්ජුන රණතුංගත් මෙලෙස විස්ඩන් සම්මානයට තෝරා ගැනුණි.
ලොව පෙරමුණේ ම පසුවන ක්‍රීඩකයා සම්මානය 2004 වසරේ ඇරැඹිණි. මෙවර සංගා එම සම්මානයට සුදුසුකම් ලැබූ අතර මෙලෙස එකම අවස්ථාවකදී මෙම සම්මාන දෙකෙන් ම පිදුම් ලැබූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වෙයි.
ලෝක කුසලාන අවසාන මහා තරගයේ නායකයා ලෙස කටයුතු කිරීම, 2011 වසරේ ජාත්‍යන්තර තරගවලදී ලකුණු 2267 ක් රැස්කිරීම, ටෙස්ට් තරග 108 කදී ශතක 28 ක් සමඟින් ලකුණු 9,000 ඉක්මවීම ඔහුගේ දක්ෂකම් වෙයි. එසේ ම ඉතාමත් දක්ෂ ලෙසත් චතුර ලෙසත් අදහස් පළ කරමින් කොලින්කවුඩ්රි දේශනය පැවැත්වීමත් සංගාගේ ජනප්‍රියත්වය ඉහළ යාමට බලපෑවේ ය.
එසේම ටෙස්ට් සහ එක් දින තරග වලදී ලකුණු 1000 බැගින් එකම වසරකදී රැස් කරමින් එම දස්කම වසර 3 කදී පෙන්නුම් කළ ලොව එකම ක්‍රීඩකයා ද සංගා වේ.
ලොව අංක 01 ක්‍රීඩකයා ලෙස කිහිප අවස්ථාවකදී ම සම්මාන ලැබූ සංගා, ටෙස්ට් ද්විත්ව ශතක වැඩිම ගණනක් (08) රැස් කළ ලොව තුන් වැනි ක්‍රීඩකයා ද වෙයි. ශ්‍රීමත් ඩොන් බැඩ්මන් ද්විත්ව ශතක 12 බ්‍රයන් ලාරා ද්විත්ව ශතක 9 ලෙස සංගාට ඉදිරියෙන් සිටින අතර එම දෙදෙනාම මේ වනවිටත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇති බැවින් සැබැවින් ම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර පෙරමුණේ සිටින දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන එකම ක්‍රීඩකයා ද සංගා වෙයි.
2000 ජූලි 20 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ දී ටෙස්ට් වරම් ලබාගත් සංගා 2000 දෙසැම්බර් 26 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පළමු අර්ධ ශතකය ලබාගැනීමට (ලකුණු 74 ක්) සමත් විය. ඔහු සිය මංගල ශතකය වාර්තා කරන්නේ 2001 අගෝස්තු 14 ඉන්දියාවට එරෙහිව ගාල්ලේ දී නොදැවී ලබාගත් ලකුණු 105 සමගිනි.
එදා මෙදා තුර ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 9 කදී ශතක 01 ක් සහ අර්ධ ශතක 5 ක් සමඟ ලකුණු 726 ක් ද, බංග්ලාදේශයට එරෙහිව තරග 11 කදී ශතක 2 සහ අර්ධ ශතක 5 ක් සමඟ ලකුණු 876 ක් ලබාගෙන තිබේ. එංගලන්තයට එරෙහිව තරග 19 කදී ශතක 2 අර්ධ ශතක 6 ක් සමඟ ලකුණු 1205 ක් ද, ඉන්දියාව එරෙහිව තරග 15 කදී ශතක 05 යි. අර්ධ ශතක 2 ක් සමඟ ලකුණු 1257 ක් ද, නවසීලන්තයට එරෙහිව තරග 8 කදී ශතක 3 ක් අර්ධ ශතක 2 සමඟ ලකුණු 651 ක් ද, පාකිස්ථානයට එරෙහිව තරග 13 කදී ශතක 7 ක් සහ අර්ධ ශතක 7 ක්

සමඟ ලකුණු 1830 ක් ද, දකුණු අප්‍රිකාවට එරෙහිව ශතක 03 ක් අර්ධ ශතක 5 ක් සමඟ ලකුණු 1362 ක් ද බටහිර ඉන්දීය කෙදෙව් දූපත් වලට එරෙහිව තරග 12 කදී ශතක 03 ක් අර්ධ ශතක 05 ක් සමඟ ලකුණු 918 ක් ද, සිම්බාබ්වේට එරෙහිව තරග 5 කදී ශතක 02 අර්ධ ශතක 01 ක් සමඟ ලකුණු 536 ක් ලෙස ද සෑම රටක කණ්ඩායමකටම එරෙහිව ශතක රැස්කර ගෙන තිබේ.
එසේම තරග 325 කදී එක්දින ශතක 13 ක් රැස්කරගෙන තිබේ. ඉන්දියාවට එරෙහිව 04 ක් පාකිස්ථානයට එරෙහිව 02 ක් බංග්ලාදේශයට එරෙහිව 02 ක් සමඟ දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කෙන්යාව යන රටවලට එක් ශතකයක් බැගින් සංගා ලබාගත් එම එක් දින ශතක වාර්තා වෙයි. ටෙස්ට් තරග 108 ක ඉනිම් 183 කදී 54.15 ක පහරදීමේ වේගයක් සමඟ 54.86 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින සංගා එක්දින තරග 325 ක ඉනිම් 306 කදී 75.75 ක් වැනි ඉහළ පහර දීමේ වේගයක් සමඟ 38.21 ක සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.
ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 11 වැනි ස්ථානයේ පසුවන සංගා තරග 108 ක ඉනිම් 183 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9392 කි. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කා තරග 188 ක ඉනිම් 311 කදී ලකුණු 15470 ලබා තිබේ.
ඉන් පසු රාහුල් ඩ්‍රාවිඩ් 13288, රිකී පොන්ටින් 13225, ජක් කලීස් 12379, බ්‍රයන් ලාරා 11953, ඇලන් බෝඩර් 11174, ස්ටීව් වෝ 10927, මහේල ජයවර්ධන 10440, සුනිල් ගවස්කාර් 10122 සහ ශිවනරින් චන්ද්‍ර පෝල් 9825 ලෙස සංගාට ඉදිරියෙන් සිටිති. මේ ක්‍රීඩකයින් අතරින් වැඩිම ලකුණු ලබාගත් ඉනිම් අතර බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 400 ක් ලබා ගනිමින් අංක 01 ස්ථානයේ පසුවන අතර දෙවැනි ස්ථානය ලකුණු 287 ක් ලබාගත් සංගාට හිමි වී තිබේ.
එසේම මේ සුපිරි පිතිකරුවන් සියලුම දෙනා අතරින් අඩුම අවස්ථා ගණනකදී බිංදුවට දැවී ගිය ක්‍රීඩකයා වන්නේ සංගක්කාරයි. සංගා අවස්ථා 7 කදී බිංදුවට දැවී ගොස් ඇති අතර, රාහුල් ඩ්‍රාවිඩ්, (8), ඇලන් බෝඩර් (11), මහේල (11) සුනිල් ගවස්කාර් (12), චන්ද්‍රපෝල් (13), ජැක් කලිස් (14) ටෙන්ඩුල්කා (14), රිකී පොන්ටින් (16), බ්‍රයන් ලාරා (17), ස්ටීව් වෝ (22) ලෙස පිළිවෙළින් ලකුණු බිංදුවට දැවී ගොස් තිබේ.
පසුගිය දිනවල පැවැති එංගලන්ත ටෙස්ට් තරග දෙකේදී ලකුණු අතරට එන්නට නොහැකි වුණත් ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා වන සංගාට ශ්‍රී ලංකා නාමය සමග තව බොහෝ වාර්තා ලියන්නට අවස්ථාව ලැබෙනු ඇත.

About the Author

Posted by gossip lanka live on 7:15 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:15 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.