Published On:
Posted by gossip lanka live
දිල්හාරා රාජපක්ෂ - ගැමි චරිතයක් රඟපාන්න හරි ආසයි
දිල්හාරා රාජපක්ෂ මෝස්තර නිරූපණය හරහා රංගනයට පිවිසි රංගන ශිල්පිනියකි. මේ වන විට ඇය ටෙලි නාට්‍ය, චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක වී ඇත. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් දිනපතා රාත්‍රි 9.00ට විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයේ නිර්මලා ලෙස රඟපාන්නේ දිල්හාරාය. ඔබ රංගන ක්ෂේත්රයට පිවිසි ආකාරය මුලින්ම සිහිපත් කරමු..
රංගනයට පිවිසෙන්න පෙර මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ මම වසර කීපයක් වැඩ කළා. එහිදී රජිනි ආනන්ද මහතා විසින් ගන්නා ලද මගේ ඡායාරූපයක් සමඟ මා පිළිබඳ විස්තරයක් ඉංග්‍රීසි පුවත්පතක පළවුණා. එය දුටු ටෙලිනාට්‍ය අධ්යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතා ඔහුගේ කීටයා ටෙලිනාට්‍යයට මට ඇරැයුම් කළා.
‘කීටයා -6’ තමයි මගේ පළමු රංගනය. ඊට පෙර රංගනය පිළිබඳව මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ.
නමුත් කීටයා ටෙලිනාට්‍යයේ රඟපෑමෙන් පසුව රඟපෑමට මට ආශාවක් ඇතිවුණා. ඉන්පසුව මට ටෙලිනාට්‍ය ගණනාවකත් චිත්‍රපට කීපයකත් රඟපාන්න අවස්ථාව උදාවුණා.
රංගන ශිල්පිනියක වීම ඔබේ සිහිනයක් සැබෑවීමක්ද?
ඇත්තෙන්ම ඔව්. පුංචි කාලෙ ඉඳල මට තිබුණු එක හීනයක් තමයි රංගන ශිල්පිනියක් වීම. ඒක හැබෑකරගන්න මට හැකිවුණා. කීටයා ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ 2000 දි. මම රංගන ක්ෂේත්රය තුළ ඇවිත් තියෙන්නෙ සෙමෙන් ගමනක් වුණත් ඒ කාලය තුළ හොඳ නිර්මාණ කීපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබිල තියෙනව.
ඔබ මෙතෙක් රංගනයෙන් දායක වී ඇති නිර්මාණ?
කීටයා - 6, සමර්ථා, පාට වීදුරු සරණා, සුවඳ ඔබයි අම්මේ, ස්වයංජාත, අභිසමය වැනි ටෙලිනාට්‍ය වලටත්, ජැක් ඇන්ඩ් ජිල්, සෙල්ලං කුක්කා, දියයට ගින්දර වැනි චිත්‍රපටවලටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනව.
ඔබට රඟපාන්න චරිතයක් ලැබුණාම ඔබ ඒ සඳහා සුදානම් වෙන්නේ කොහොමද?
මුලින්ම පිටපත කියවල අධ්යක්ෂවරයාගේ උපදෙස් අරගෙන මම මගේ අත්දැකීම් අනුව සහ සමාජයෙන් මා එකතු කරගත් දේත් සමඟ ඒ චරිතය මම රඟපානව. සෑම රඟපෑමකින්ම පසුව මම අධ්යක්ෂවරයාගෙන් සහ අනෙක් අයගෙන් මගේ ඇති අඩුපාඩු පිළිබඳව අහල ඒව හදාගන්න උත්සාහ කරනව. රංගනයේ මේ ගමන මම ආවෙ එහෙමයි.
ඔබ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද?
ඔව්. ගැමි චරිතයක් රඟපාන්න මම හරිම ආශාවෙන් ඉන්නෙ. බොහෝ වෙලාවට මට ලැබෙන්නෙ නාගරික පන්නයේ චරිත. රංගනයේදී මගේ චරිතය කෙටි එකක් ද නාට්‍ය පුරාම තියෙන එකක් ද කියන එක මට වැදගත් නෑ.
කිසියම් චරිතයකින් මට යමක් කරන්න පුළුවන් කියල මට හිතුණොත් මම ඒ චරිතය බාරගන්නවා.
රඟපෑම ඔබේ වෘත්තියද?
ඔව් රඟපෑම මගේ වෘත්තිය. උසස් පෙළට මම කළේ වාණිජ විෂයයන්. විශ්වවිද්‍යාලයට මාව තේරුණත් එක්තරා හේතුවක් නිසා මම විශ්වවිද්‍යාලයට ගියේ නෑ. නමුත් මට වෙනත් රැකියාවක් වෘත්තිය ලෙස තෝරාගන්න තිබුණත් කලාවට ඇති ආදරය නිසාම කලාව වෘත්තිය ලෙස මම තෝරාගත්තා.
මේ දිනවල විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ ඔබේ රංගනය ගැන කතා කරමු....
’සඳට අහස ආදරෙයි’ අනුර මාධව ජයසේකර මහතාගේ නිර්මාණයක්. මෙහි නිර්මලාගේ චරිතය නිරූපණය කරන්නේ මම. මෙය ඉතාම ලස්සන ටෙලිනාට්‍යයක්. මෙවැනි නිර්මාණයකට දායකවීමට අවස්ථාව ලැබීම භාග්‍යයක්.
ජනප්‍රියත්වය ගැන ඔබ මොනවද හිතන්නෙ?
කෙටි කාලයකින් ලැබෙන ජනප්‍රියත්වය කෙටි කාලයකින්ම නැතිවෙලා යන්න පුළුවනි. කිසියම් පදනමක් මත ඇතිවන ජනප්‍රියත්වය බොහෝ කාලයක් පවතින බවයි මගේ හැඟීම. ඒ වගේම බොහෝ කාලයක් ජනප්‍රියත්වය රඳවාගෙන යන්න ලැබීම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැබෙන වාසනාවක්. නමුත් ජනප්‍රියත්වය වුණත් ඕනෑවට වැඩිය ලැබුණොත් ඒකත් ජීවිතයට කරදරයක් වේවි.
ඇයගේ ලිපිනය. අංක 439/5
මංගල මාවත, ගොඩිගමුව
මහරගම.