Published On:
Posted by gossip lanka live

jayalath manoratne Talk about Srilanka Teledrama-බල්ලෝ, බකමූණෝ නරියෝ නැතිව නාට්‍ය දුවන්නේ නැද්ද?


අද වේදිකාවට හොඳ කල දවසක් ඇවිල්ලා කියලා හැමෝම කියනවා.
පසුගිය ටිකේ ඇහැ ගහගෙන හිටිය නම් බිහිවුණ වේදිකා නාට්‍ය ප්‍රමාණය ගණනින් ටිකක් වැඩිවුණා කියලා හිතෙයි.
ඒ කියන්නේ දැන් වේදිකාවට ඉල්ලුමක් තියෙනවා කියන එක. කාලයක් යනකොට කෙනෙක් කරපු දේ තව කෙනෙක් කරන්න පෙලඹෙන එක සාමාන්‍ය දෙයක්.
ඊට පස්සේ ඒක දිගින් දිගට යනකොට ඒකට පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා. මෙගා ටෙලිනාට්‍ය රැල්ලක් ඇවිත් ඒ රැල්ලට වුණෙත් ඔය දේමයි. අද වේදිකාවටත් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් රැල්ලක් ඇවිල්ලා. සතුන්ගේ නම්වලින් වැල නොකැඩී නාට්‍ය හැදෙනවා.
මුල් කාලයේ සිංහබාහු, නරිබෑණා, වාගේ නාට්‍ය වේදිකාවට ආවා වගේ ම අද නරියෝ, බල්ලෝ, බූරුවෝ, බකමූණො, මීයෝ නමින් වේදිකාවට නාට්‍ය ඇවිල්ලා.
ඔය දේ ඇත්තටම නාට්‍යයෝචිතව සිදුවන දෙයක්ම ද නැත්නම් මාර්කට් එකට කරන වැඩක් ද ට්‍රෙන්ඩ් එකට වෙන දෙයක් ද කියලා නාට්‍ය නිෂ්පාදකවරු කිහිප දෙනෙක් ගෙන් අපි විමසීමක් කළා.
බූරුවා මහත්තයා’ නාට්‍ය වේදිකාවට ගෙනාවේ ප්‍රවීණ කලාකරුවා වන ජයලත් මනෝරත්නයන්.
‘බූරුවා මහත්තයා’ මම වේදිකාවට ගෙනෙන්නේ නවකතාවක් මූලික කරගෙන. මෙය උර්දු ලේඛක ක්‍රිෂන් ඩයර්ඩාගේ ‘මිස්ට(ර්) ඩොංකි ඔටෝ බයෝග්‍රැෆි’ කියන කෘතිය පදනම් කරගෙන සිදුවූවක්. ‘සත්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වයං ලිඛිත චරිතාපදානය’ නමින් එම කෘතිය නවකතාවකට පරිවර්තනය කළේ ගුණතිලක මැටියගනෙ.
ඒ නිසා මෙහි කතාව ගොඩනැඟෙන්නේ නැත්නම් ප්‍රධාන චරිතය වෙන්නේ බූරුවෙක්.
ඒ නිසායි ‘බූරුවා මහත්තයා’ කියන නම නාට්‍යයට යොදාගන්නේ. මිනිස් සන්තානයේ තියෙන දුර්ගුණ මතුකරන්න මේ නාට්‍යයෙන් උත්සාහ කරනවා.
එහෙම නැතුව රැල්ලකට මේ නාට්‍ය හැදුනා නෙවෙයි. අනෙක් නම් ගැන එතරම් පැහැදීමක් නැහැ. නමුත් ඉතින් ඒ ඒ කතුවරයාගේ අභිලාෂය වෙන්න ඇති.
ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගන්නෙ හෝ වාණිජමය පරමාර්ථයෙන් හෝ පිටපතට අවශ්‍ය ම නිසා ඔය සතුන්ගේ නම් යොදා ගත්ත ද කියලා අපිට තර්ක කරන්න බැහැ. මොකද මම ඔය නාට්‍ය හැම එකක්ම බැලුවා. මට හිතෙනවා කීර්ති රත්නායකගේ ‘මීයෝ නැතිව බැහැ’ නම ‘මිහියෝ’ නැතිව බැහැ’ කියලා වුණා නම් හොඳයි කියලා.
තරුණ නිර්මාණකරුවකු විදිහට රවින්ද්‍ර ආරියරත්න වේදිකාවට ගෙනා ‘බල්ලොත් එක්ක බැහැ’ මේ රැල්ලේ ආරම්භය කියලයි ඔහු කියන්නේ.
‘බල්ලොත් එක්ක බැහැ’ නාට්‍ය ඔය කියන රැල්ලේ ආරම්භය කියලයි මට හිතෙන්නේ. මට මේක ට්‍රෙන්ඩ් එකට කරපු දෙයක් නෙමෙයි. මම පිටපත රචනා කරලා පිටපතට අවශ්‍ය වුණ නිසයි ඔය නම පාවිච්චි කළේ.
සමකාලීන සමාජය ප්‍රකාශ කරන්න පුළුවන් කෙටිම ප්‍රකාශය තමයි ‘බල්ලොත් එක්ක බැහැ.’ දැන් හිතන්න ‘බූරුවා මහත්තයා’ නාට්‍යය ගැන. පිටපත විසින් ඉල්ලන දෙයක් එය. ප්‍රධාන චරිතය බූරුවෙක්.
ඒ නිසා ඒ නම අධ්‍යක්ෂවරයා යොදා ගන්න එක පුදුම විය යුතු නැහැ. ඇත්ත කාරණය සතුන්ගේ නම් වලින් නාට්‍ය නිෂ්පාදනය වුණා. එය අනුකරණයක් කළා කියලා කියන්න බැහැ.
නමුත් ඉතිං නාට්‍යයක නමකින් ආලෝකයක් ලබාගන්න පුළුවන් නම් සතුටු වෙන්න ඕන. ඒ හරහා යම් කිසි ප්‍රේක්ෂක ආකර්ෂණයකුත් ලැබෙනවා.
නරි බුරති’ වේදිකා නාට්‍ය රැගෙන වේදිකාවට ගොඩවුණ නිර්මාණකරුවෙක් සරත් කොතලාවල.
“මම ‘නරි බුරති’ රචනා කළේ මීට අවුරුදු 6 ට විතර කලින්. ඒ රචනා කළ කාලේදීම තමයි ඔය ‘නරි බුරති’ නම මම නාට්‍යයට යෝජනා කළේ.
අනෙක් දේ නාට්‍ය පිටපතට එය යෝග්‍යයයි කියලා මට දැනුණා. ‘නරි බුරති’ කිව්වම මිනිස්සුන්ට මතක හිටින නමක් වෙයි කියලත් මම හිතුවා. එවැනි අපූර්ව නමක් යෙදුවම මිනිසුන් වුණත් දෙපාරක් හිතලා බලනවා.
පසුගිය කාලේ මෙගා ටෙලිනාට්‍ය රැල්ලට වුණත් සිදුවුණේ එහෙමයි. කාලෙන් කාලේට ඔය සියලු දේ වෙනස් වෙනවා. ‘නරි බුරති’ හරහා මම කතා කරන්නේ මේ පාලක පන්තිය තුළ ඇති වන අර්බුද පිළිබඳවයි.
මේක මොන රටකට වුණත් පොදු කතාවක්. ඒ නිසා රැල්ලේ යන නමක් භාවිතා කරන්න නෙමෙයි මට අවශ්‍ය වුණේ. නැවත වතාවක් කියන්න ඕන ඔය නම මම මගේ නාට්‍යයට දැම්මේ මීට අවුරුදු හයකට කලින්.
පසුගියදා කරළියට ආ නවතම වේදිකා නාට්‍යයයි ‘මීයෝ නැතුව බැහැ’. කීර්ති රත්නායකගේ නිර්මාණයක් වන ‘මීයෝ නැතුව බැහැ’ නිර්මාණයත් මේ රැල්ලේ යන නාට්‍යයක් ද?
“මම නාට්‍ය රචනා කරලා අවසානයේදී ඒ නාට්‍ය පෙළ ඉල්ලා සිටින ඊට ගැළපෙන නමක් හොයමින් හිටියේ. ජූඩ් ශ්‍රී මාල් තමයි.
මේ නම යෝජනා කළේ. ඔහු කියා සිටියේ මේකට යම් උත්පේරණයක් ඇතිවේවි කියලයි. නමුත් වචනයේ හරවත් බවටත් වඩා මේ නාට්‍යයට ‘මිහියෝ නැතුව බැහැ’ කියන එක උචිතයි කියලා මටත් හිතෙනවා. නමුත් මීයෝ නැතුව බැහැ හරහා යම් දේශපාලනික අර්ථකථනයක් තියෙනවා.
නාට්‍යයක් කරලා එය ප්‍රදර්ශනය කරගන්න පුළුවන්ද කියන එක වෙනමම හැදෑරිය යුතු කරුණක්. නමුත් නාට්‍ය පිටපත ඉල්ලන දේ අනුවයි නාට්‍යයට නමක් එකතු වෙන්නේ.
එහෙම නැතුව සතුන්ගේ නම් වලින් නාට්‍ය රැල්ලක් ඇවිත් ඒ රැල්ලට එකතු වුණ නාට්‍යයක් නෙමෙයි ‘මීයෝ නැතුව බැහැ’ කියන්නේ.”

About the Author

Posted by gossip lanka live on 10:05 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:05 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "jayalath manoratne Talk about Srilanka Teledrama-බල්ලෝ, බකමූණෝ නරියෝ නැතිව නාට්‍ය දුවන්නේ නැද්ද?"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.