Published On:
Posted by gossip lanka live

Chat With Gangu Roshana - ආදරයේ සතුට, වේදනාව දෙකම මං වින්දා - ගංගු රොෂානා

නිර්මාණ රැසකට රංගනයෙන් දායක නොවූවද, සහභාගි වී ඇති නිර්මාණ කීපයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වූවාය. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම තම රංගන හැකියාව පෙන්වා ඇති මේ යොවුන් රංගන ශිල්පිනිය ගංගු රොෂානාය. ඇය මෝස්තර නිරූපණය හරහා රංගනයට පිවිසි ශිල්පිනියකි. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන්වන්නේ ඇය සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මොනවද ඔබේ අලුත් තොරතුරු?
මේ දිනවල ‘නෙත් අඳ බිසව්’ වේදිකා නාට්‍යය වෙනුවෙන් තමයි මගේ සම්පූර්ණ කාලයම යොදවලා තියෙන්නෙ. මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යයක රූපගත කිරීම් මැයි මාසයේ ආරම්භ කරන්න නියමිතයි.
රංගනයට එන්න කලින් ඔබ මෝස්තර නිරූපණයට සම්බන්ධ වෙලා හිටිය නේද?
ඔව් කලාවට එන්න පෙර මම මෝස්තර නිරූපණයේ යෙදුණා. ඒ විෂය මම හොඳින් හදාරලයි කළේ. බොහෝ කාලයක් බොහෝ පිරිසක් එක්ක මම මෝස්තර නිරූපණ කටයුතුවල නිරතවෙලා ඉඳල තියෙනව.
එතකොට ඔබ රංගනයට යොමු වුණේ...?
මගේ මුල්ම රංගනය ඇතුළත් වුණේ සරත් ධර්මසිරි මහතාගේ සනසා ටෙලි නාට්‍යයේ. ඒක ඉතාම සුළු රංගනයක්. ඉන්පසුව තමයි මම “සක්‍යා” චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වුණේ. මම වැඩියෙන්ම කැමැති සිනමාවට.
‘සමන්තා’ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?
‘සමන්තා’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ තුමා ඒ චිත්‍රපටයට මාව තෝරා ගත්තේ පුවත්පතක මුල් පිටුවක පළවුණු මගේ ඡායාරූපයක් දැකල. ‘සමන්තා’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීම මගේ ජීවිතයේ ලැබුණු හොඳම අවස්ථාවක්. එහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කළේ මම. මම රඟපෑ පළමු චිත්‍රපටයේම ප්‍රධාන චරිතය මට රඟපාන්න ලැබුණා. ඒ වගේම ඒ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නිළියට හිමි ජනාධිපති සම්මානය මට හිමිවුණා.
රංගනයට යොමුවීම ගැන මොනවද ඔබට හිතෙන්නෙ?
ඒ ගැන මම හරිම සතුටු වෙනව. රංගන ක්ෂේත්‍රයේ මම මේ වන විට විශාල දෙයක් කරල නෑ. ඒ වුනත් මම සහභාගි වෙලා තියෙන නිර්මාණ කීපය පිළිබඳව මම හරිම තෘප්තිමත්. ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න අය පිළිබඳව තියෙන්නෙ අමුතු හැඟීමක්. නිළියකට ලංකාව තුළ තියෙන්නෙ අඩු තක්සේරුවක්. ඒක එහෙම විය යුතු නෑ. රංගන ක්ෂේත්‍රය පිළිබඳව මීට වැඩිය ගරුත්වයකින් බලන්න සමාජය පුරුදු වෙන්න ඕන.
රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ තෘප්තිමත්ද?
මම කලාවට යොමුවුණේ මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණු නිසා. ඒ හැර කලාව පිළිබඳව දැනගෙන ආව ගමනක් නෙමෙයි මේක. නමුත් රංගනයේ ඇති වගකීම එහි ඇති වටිනාකම මම දැන් හොඳට දන්නව. රංගනය කියන දේ පාසලකට ගිහිං ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක උපතින්ම එන්න ඕන දෙයක්. ඇඟේ තියෙන්න ඕන දෙයක්. උපතින් ආ ඒ හැකියාව ඒ පිළිබඳව ඉගෙනීමෙන් සහ අභ්‍යාසයෙන් දියුණු කරගන්න පුළුවනි. ඕනෑම කෙනෙකුට රඟපාන්න පුළුවනි. සාමාන්‍ය ජීවිතයේදී අපි කොයි තරම් රඟපානවද? හැබැයි රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වෙන්න සමාජයේ හැමෝටම බෑ.
”නෙත් අඳ බිසව්” වේදිකා නාට්‍ය පිළිබඳවත් කතා කරමු...
”නෙත් අඳ බිසව්” තරමක් පැරණි වේදිකා නාට්‍යයක්. මෙහි මම නිරූපණය කරන චරිතය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියන් කීප දෙනෙක්ම නිරූපණය කරල තියෙනව. ඒ නිසා මට විශේෂ වගකීමක් තියෙනව මේ චරිතය ඔවුන් කළා වගේ සාර්ථකව ඉදිරිපත් කරන්න. මේ වේදිකා නාට්‍ය ඉතාම ලස්සන එකක්. ප්‍රවීණ ශිල්පීන් බොහොමයක් මෙයට දායක වෙලා තියෙනව. මම ඉතාම ආශාවෙන් තමයි මේ චරිතය කරන්නෙ. නාට්‍යයේ සියලුම දෙනා මේ චරිතය හොඳින් කරන්න මට හැමවිටම උදව් කරනව.
කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට සහයෝගයක් ලැබෙනවද?
අපොයි ඔව්. මේ ක්ෂේත්‍රයට මම ඇවිත් සහභාගිවෙලා තියෙන්නෙ නිර්මාණ කීපයකට පමණයි. නමුත් මට ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් හඳුනාගන්න ලැබිල තියෙනව. ඔවුන් මට උපරිම විදියට සහයෝගය දක්වල තියෙනව.
ඔබ දිගටම රංගනයේ රැඳෙනවද...?
රංගනයට ආව ඕනෑම කෙනෙක් රංගනයට ලොල් වෙනවා. එවිට රංගනයෙන් මිදිල ඉන්න අමාරුයි. මමත් රංගනයට බොහොම ආසයි. නමුත් දිගටම රංගනයේ ඉඳීද කියන එක දැන්ම කියන්න අපහසුයි.
ඔබ මෝස්තර නිරූපණයෙන් ඉවත් වුණාද?
නැහැ එහෙම නෑ. නමුත් රංගන කටයුතු නිසා මෝස්තර නිරූපණයට යෙදෙන්න කාලය මදි වුණා. ඒ නිසයි මම දැන් වැඩිපුර මෝස්තර නිරූපණ කටයුතුවල යෙදෙන්නේ නැත්තේ.
කවුද ඔබේ පවුලේ කට්ටිය?
අම්මයි තාත්තයි අක්කයි මමයි තමයි පවුලේ ඉන්නෙ.
ඔවුන්ගෙන් ඔබේ රංගන කටයුතුවලට ලැබෙන සහාය...?
මම දිගටම කලාව තුළ සිටි කෙනෙක්. ඒත් මගේ පවුලේ අය මම කලා කටයුතුවල යෙදෙනවට කැමැති නෑ. ඒ; කලාවෙ න් ජීවිතයට ස්ථාවර තත්ත්වයක් ගොඩ නගාගන්න අපහසු නිසා.
ඔබේ පෙම්වතා පිළිබඳව සහ ආදරය ප්‍රේමය පිළිබඳවත් සඳහන් කරමු...
මට දැන් පෙම්වතෙක් නෑ. ආදරයේ සතුට සහ වේදනාව යන දෙකම විඳපු කෙනෙක් මම. ආදරය කරන විට දෙදෙනා ඔවුනොවුන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. පරිසර දෙකක හැදුණු වැඩුණු දෙන්නෙක් තුළ කවදාවත්ම සමාන ගති ලක්ෂණ නැහැනේ. ඒ බව තේරුම් අරගෙනයි ආදරය කරන්න ඕන.
ඔබට අනාගත බලාපොරොත්තු ගොඩක් ඇති...?
නැහැ බලාපොරොත්තු ගොන්නක් මට නෑ. ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වගේම හොඳ චරිත නිරූපණය කරමින් ක්ෂේත්‍රය තුළ යමක් කිරීම මගේ එක් බලාපොරොත්තුවක්. හැබැයි මම කවදාවත්ම ජනපි‍්‍රයත්වය පටුපස දුවන්නේ නෑ. ඒ කලාව පැත්තෙන්. මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තම මගේම කියල ව්‍යාපාරයක් පටන්ගන්න මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනව.


ඡායාරූපය - ඉන්දික මල්ලවආරච්චි

About the Author

Posted by gossip lanka live on 9:30 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:30 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Gangu Roshana - ආදරයේ සතුට, වේදනාව දෙකම මං වින්දා - ගංගු රොෂානා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.