Published On:
Posted by gossip lanka live

Chat With chandrika munasingha - කලා කුසලතා රැසක් ඇති චන්ද්‍රිකා මුණසිංහ

කලා ලෝකයේ ක්ෂේත්‍ර කීපයකම තම හැකියාව ප්‍රකට කර ඇති චන්ද්‍රිකා මුණසිංහ විවිධ දුෂ්කරතා මැද ඉදිරියට ම පැමිණි කලාකාරිණියක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඇය දක්ෂ වේදිකා නාට්‍ය නිළියකි. එසේම වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය පිටපත් රචිකාවකි. එපමණක් ද නොව ඇය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවකි. රංගනය, අධ්‍යක්ෂණය වැනි විෂයන් සඳහා ජාතික මට්ටමේ සම්මාන ගණනාවක් ම ඇයට හිමිවී ඇත.

“මගේ ගම පල්ලව දම්පිටිය. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 30 ක් විතර වෙනවා. පාසල් යන කාලෙ පටන් මම කලාවට ඉතාම කැමැතියි. 1983 වසරේ මම නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යයක් මම යෞවන සම්මාන උලෙළට ඉදිරිපත් කළා. ඉන්පසුව එම වේදිකානාට්‍ය ගණනාවකටම පිටපත් රචනයෙන්, නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂණයෙන් ඇඳුම් නිර්මාණයෙන් වගේ ම වේදිකා පරිපාලනයෙන් දායක වුණා. ‘සබඳ මම රස්පුටින්’ හා ‘වන මෝහිනී, ‘ජූලියේ විලාපය’ වැනි වේදිකා නාට්‍ය ඉන් විශේෂයි.

ඒ වගේ ම ‘කඩවර’, ‘කොටියා’, ‘’සේරි වාණිජ’, ‘විල්බැඳි දනව්ව‘ වැනි ටෙලිනාට්‍යවලට ද මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය නිළියක ලෙස මම මුලින් ම උප ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘විල්බැඳි දනව්ව‘ ටෙලිනාට්‍යයේ. එහි කළ රංගනයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘ජුලියට් ගේ භූමිකාව‘, ‘සෙයිලම’ කියන චිත්‍රපටවලටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනව.

මම රචනා කරමින් නිෂ්පාදනය කළ ‘දඩමං’ වේදිකා නාට්‍යයට 1988 යෞවන සම්මාන උලෙළේදී සම්මාන කීපයක් ම හිමි වුණා. ඒ; හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය කියන අංශ වලට. ඒ නිසා ‘දඩමං’ කියන වේදිකා නාට්‍ය මගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂී එකක්.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කළ බෞද්ධ කෙටි චිත්‍රපට උලෙළට මමත් නිර්මාණයක් ඉදිරිපත් කළා. එය හැඳින්වූයේ ‘යළි පිබිදෙනු’ නමින්. මේ කෙටි චිත්‍රපටයේ පිටපත ඇඳුම් නිර්මාණය වගේ ම අධ්‍යක්ෂණයත් මගේ. මම මේ සඳහා රංගනයෙන් ද දායක වුණා. මා ඉදිරිපත් කළ නිර්මාණය නිර්මාණ 185 අතරින් අවසන් වටයේ නිර්මාණ කීපය අතරට තේරුණා. ඒක මා ලද විශාල ජයග්‍රහණයක්.

ඇගේ ලිපිනය - මුණසිංහවත්ත, පල්ලවදම්පිටිය, දෙමටළුව, කුරුණෑගල

- සුසන්ත

About the Author

Posted by gossip lanka live on 9:27 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:27 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With chandrika munasingha - කලා කුසලතා රැසක් ඇති චන්ද්‍රිකා මුණසිංහ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.