ඉනෝකාගේ දැනුම නව පරපුර වෙතට
ඉනෝකාගේ දැනුම නව පරපුර වෙතට
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද කිව්වහම අපිට මතක් වෙන්නේ දුර්ලභ සිනමාකාරිනියන් අතර අපිට සිටින අනර්ඝතම සිනමා අධ්‍යක්ෂිකාවක්.
ඉනෝකා තමාගේ සිනමා දැනුම ආධුනික, සිනමා කර්මාන්තයට එක්වන්නට කැමැති, ඒ පිළිබඳ දැනුම ලබාගන්නට කැමැති සියල්ලන්ටම ලබාදෙන්න සූදානම් වෙනවාය කියන ආරංචිය අපිට දැනගන්නට ලැබුණා. මේ ගැන ඉනෝකා ගෙන්ම විමසා බලන්න අපි අදහස් කළා.
”ඇත්තටම මෙය සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ දෑ අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්. මේ ඔස්සේ අපි බලාපාරොත්තුවෙන්නේ, සිනමා අධ්‍යක්ෂණය ප්‍රමුඛව සිනමා තිර රචනය, සංස්කරණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, සිනමා සංගීතය වැනි සිනමාව සමඟ සෘජුව හා වක්‍රව සම්බන්ධ සිනමා විෂයානුබද්ධ කාරණා ප්‍රායෝගික පුහුණුව සමඟ ලබාදීමයි.
මෙහි දී මමත් අපේ පරම්පරාවේ ප්‍රවීණ හා දක්ෂ සිනමා කරුවන් රැසකුත් ශිල්ප ලබාදීම සිදුකෙරෙනවා. ප්‍රවීණයන් රැසක් මෙහිදී මා සමඟ අත්වැල් බැඳ ගන්නවා.
මේ සඳහා ඉල්ලුම් පත්‍ර මාර්තු මස මැද දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ ගැන ඇල්මක් කැමැත්තක් දක්වන අයට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය, නො. 100/ඒ, ශ්‍රී ලංකා පදනම් මාවත, කොළඹ 7 ලිපිනයට ඉල්ලුම්පත් යොමු කළ හැකියි.
