Published On:
Posted by gossip lanka live

About ITN Wenasa Programme අලුත් වෙනසක් ගත් ස්වාධීන රූපවාහිනියේ “වෙනස” රූපවාහිනි වැඩසටහන ගැනයි මේ..

පසුගිය බදාදා(15 දා) මහ රෑ මම අපේ ඡායාරූප ශිල්පී තුෂාර දසනායකත් එක්ක ස්වාධීන රූපවාහිනී සංස්ථාවට ගොඩවැදුනා. ඒ රාජකාරි කටයුත්තකට. මේ විදියේ රාජකාරිවලට අපි යන්නේ දවල් කාලයේ. ඒ හින්දම මහ රෑ ගියපු මේ ගමන අපි දෙන්නට වෙනසක් වුණා. ඒ වෙනස තවත් වෙනසක් වුණේ අපි ගියපු කටයුත්තත් වෙනස් ආකාරයේ එකක් වීම හින්දා. මෑත කාලයේ පුංචි තිරයේ රෑ 10 න් පසුව විකාශය වන වැඩසටහන් අතර බදාදා රෑ 10ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන වැඩසටහන් අතර සැබෑ වෙනසක් ඇති කළ වැඩසටහනක් විදියට බදාදා රෑ 10ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන  වෙනස වැඩසටහන හඳුන්වන්නට පුළුවන්. ‘වෙනස’ සජීවී විකාශය සිදුවන තැනට ගිහින් ‘වෙනස’ ගැන රිද්ම පාඨක හිතවතුන්ට තොරතුරු ටිකක් ගෙන ඒමටයි අපි මේ සූදානම් වන්නෙ. ‘වෙනස’ මූලික සංකල්පය ගෙනා ස්වාධීන රූපවාහිනි වැඩසටහන් කළමනාකාර සරත් කුමාර පෙරේරා වෙනස   නිෂ්පාදක කණ්ඩායමේ සිටින තිමිල වීරහංදි, අංජන ජයතුංග, රුවන්කා රණතුංග සහ මංජුල ඇතුගල අපිව බොහොම සාදරයෙන් පිළිගත්තා. අප යන විට වැඩසටහන ආරම්භ කිරීමට එහි කාර්ය මණ්ඩලය ලහි ලහියේ සූදානම් වනවා. ඒ පිරිස එම කාර්යන්හි නිරත වන අතරේ මම සරත් කුමාර පෙරේරා සමග ‘වෙනස’ ඇරඹුණු හැටි කතා කළා.
“දහවල හා රාත්‍රී 9ට පෙර කාලය තුළ රූපවාහිනී නරඹන පිරිස එහි තිබෙන වැඩසටහන් නරඹනවා. ඒත් කවුරුන් හෝ රෑ 10-12 අතර කාලය යම් වැඩසටහනක් නරඹනවා නම් ඒ අය කැප කිරීමක් කරලයි එය නරඹන්නේ. අන්න ඒ විදියට රෑ 10න් පසු කාලය තුළ ප්‍රේක්ෂක පිරිසක් රඳවා ගත හැකි ආකාරයේ වැඩසටහනක් ඇරඹීමේ අවශ්‍යතාවය මත තමයි මෙය ආරම්භ කළේ. ඒ විදියේ වැඩසටහනක් තුළ වෙනසක් තිබිය යුතුයි. ඒ හින්දයි නමටත් ‘වෙනස’ කියන නම යෙදුවේ. රූපවාහිනී තිරයේ අපි ඒ නම සඳහන් කරන විටත් “න” යන්න අනෙක් පැත්තට හරවනවා. හැබැයි ඒක ඒ විදියටම තියන්නෙ නැහැ. වෙනස් දේ පෙන්නුවට අසම්මත දේ සමාජගත කරන්නෙ නැහැ. ඒකයි ඒ අකුරත් යළි නිවැරදි පැත්තට හැරෙන්නේ. වැඩසටහන තුළින් කෙරෙන්නෙත් එයමයි.” අපි වෙනස දර්ශන තලයට පැමිණි අද (15) දින විකාශය වීමට නියමිතව තියෙන්නෙ 76 වැනි වෙනස වැඩසටහන. වෙනස ගෙනෙන ඩිල්ෂාන් හා සම්පත් සුපුරුදු රාජකාරියට සූදානම් වනවා.
ඩිල්ෂාන් අබේවර්ධන පතිරත්න වෘත්තියෙන් නීතිඥයෙක්. කොළඹ ප්‍රදේශයේ ඉපදිලා රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඩිල්ෂාන් ස්වාධීන රූපවාහිනීයට එකතු වුණේ 2006දී එවකට ඔහු නීති ශිෂ්‍යයෙක්. සම්පත් බණ්ඩාරගෙ ගම් පළාත මාවනැල්ල. කෑගල්ල ශාන්ත මරියා විදුහ‍ලේ අධ්‍යාපනය ලැබූ සම්පත් දැනට පදිංචි වෙලා ඉන්නේ බොරැල්‍ලේ. සම්පත් කුඩාබුත්ගමුව රාජසිංහ ජාතික පාස‍ලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. 2006දී ස්වාධීන රූපවාහිනියට එකතු වෙද්දී ඔහුත් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඩිල්ෂාන් මූලාරම්භයේ පටන්ම මෙහි සිටියා. ආරම්භයේදී ඔහු සමග එකතු වුණේ සමීර, ඉන් පසුව ඩිල්ෂාන් වීරරත්න සම්පත් ‘වෙනසට’ එක් වුණේ පස් වැනි වැඩසටහනේදී. ඩිල්ෂාන් සහ සම්පත් අතර තියෙන අපූරු සුසංයෝගයත් වැඩසටහන සාර්ථක වෙන්න හේතුවක්. කාර්යබහුල හෝරාවක වුවත් මේ දෙන්නත් අපේ කතා බහට එකතු වුණා.
“මොකක්ද මේ පහුගිය දවසක සජීවීව වැඩසටහන යන අතර දිව එළිියට දාන්න ගිහින් සිදුවුණා කියන ඇබැද්දිය. මම ඇහුවේ ඩිල්ෂාන්ගෙන් ඔහු මහ හ¾ඩින් හිනාවෙමින් මෙහෙම පිළිතුරු දුන්නා.
“එදා වැඩසටහනේ දිව එළියට දාලා නාසයේ ගාවන කාන්තාවක් ගැන පෙන්නුවා. ඒ වීඩියෝ ක්ලිප් එක ඉවර වුණාම මමත් ඒ විදියට දිව එළියට දැම්මා. සජීවී කැමරාව තුළ එය පෙනුනා. එච්චරයි සිද්ධ වුණේ. ඒත් යම් අන්තර්ජාල වබේ අඩවිවල එය සඳහන් කරල තිබුණේ ඒ සිද්ධිය නිසා නිෂ්පාදන කණ්ඩායම මට තදින් දොස් කිව්ව කියලා. එත් ඒක සම්පූර්ණ බොරුවක්.
බදාදා 10ට සජීවී මැදිරිය තුළ ඉඳන් ඩිල්ෂානුයි, සම්පතුයි දෙන්න වැඩසටහන ඉදිරිපත් කළාට එහි විකාශය වන දේවල් රූගත කරන්න මේ අයට පිට පළාත් වලටත් යන්න සිදුවනවා. සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහන් බොහොමයක් නිර්මාණය වන්නේ          නිෂ්පාදක වරයෙක් යටතේ. ඒත් වෙනස සඳහා නිෂ්්්පාදකවරු 4 දෙනෙක්ම ඉන්නවා. එකම මොහොත රටේ ස්ථාන දෙකක ඩිල්ෂාන්ගෙයි සම්පත්ගෙයි රූගත කිරීම් දෙකක් සිදුවුණත් ගැටලුවක් මතුවන්නේ නැත්තෙ ඒ හින්දා. ඒ වගේම තිමිල,  අංජන රුවන්කා, මංජුල වෙන වෙනම තම තමන්ගෙ රූපගත කළ දර්ශන රැගෙන ආවම හතර දෙනාම එකතු වෙලා කතා බහ කරලා නියමිත දිනට යොදා ගන්නා කොටස තෝරා ගන්නවා. ඉන් පසු ඒ අනුව එකට කෙරුණු වැඩසටහන තමයි අවසානයේ අපිට දැක බලා ගන්න ලැබෙන්නෙ. “භූතයන් අල්ලා බෝතල් වලට දමන අයෙකු ගැන “වෙනස” තුළින් අප දුටුවා. තවත් අවස්ථාවක මිනියක් එම්බාම් කරන ආකාරය දැක ගන්නට ලැබුණා. වැලි ගොඩදාන මිනිසුන් පතල්, සොහොන්, සර්පයින් ආදි විවිධ දේ ‘වෙනස’ තුළින් අප දුටුවා.
මේ විදියට රූපගත කිරීම් සිදුකරන්නට යද්දී මේ අයට නොයෙකුක් විදියේ අත්දැකීම්වලට මුහුණ දෙන්නත් සිදුවුණාලු. “පාරවල් අයිනෙ අසරණ වෙලා ඉන්න බල්ලන් හා බළලුන් ගෙදරට ගෙනත් උන්ව ඇති කරන කාන්තාවන් ගැන ‘වෙනස’ වැඩසටහන තුළින් අපි පෙන්නුවා. එතැන බල්ලෝ 118 දෙනෙක් හිටියා. අපි එතැනට යද්දි සත්තු ටික බුරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් රූගත කිරීමක් කරද්දී අධ්‍යක්ෂවරයා ‘සයිලන්ට්’ කියද්දී බාහිර පිරිස නිහඬ වෙනවා. ඒත් මේ අයට ඒ වචනෙ තේරෙන්නේ නැහැනේ. 118 දෙනෙක් එක දිගට බුරනකොට එතැන කොයි වගේද කියන්න ඕන නැහැනේ. රූගතකිරීම සිදුකළේ හරිම අසීරුවෙන්”
සම්පත් අපට කිවුවා. ඒ වගේම එක් අවස්ථාවක සර්පයන් ගැන කරපු වැඩසටහනක අපූරු මතකයක් ගැනත් ඩිල්ෂාන් සිහිකළා.
“ඒ මනුස්සයා සර්පයින්ට කිසිම බියක් නැති කෙනෙක්. සර්පයන් අතට ගන්නවා. මගේ අතටත් පිඹුරෙක් දුන්නා. ඌ කිසි කලබලයක් නෑ. ඉන් පසුව තවත් සර්පයෙක්් මගෙ අතට දුන්නා. මමත් විස්තර විමසලා රූගතකිරීම් ඉවර වුණාම කිවුවා. “අපි බය වුණාට මේ සර්පයෝ තමන්ට හිරිහැරයක් නොකරන අයට හිරිහැර කරන්නෙ නැහැ. කියලා. ඒ වෙලාවේ අර මනුස්සයා කියනවා. ඒකනේ මහත්තයෝ කියන්නේ දැන් පෙනෙනවද ඔය දරුණු ‍ලේ මාපිලා මහත්තයගෙ අතට වෙලා ඉන්න හැටි කියලා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මගේ අතේ මෙච්චර වෙලා ඉඳල තියෙන සතා කව්ද කියලා. ඒ වෙලාවේ නම් මම හොඳටම බය වුණා.”
මේ විදියේ නොයෙක් විදියේ අත්දැකීම් රාශියකට මුහුණ දෙන්න මේ අයට සිදුවූ වාර බොහොමයි. සමහර අවස්ථාවල මේ නිවේදකයෝ දෙන්නා නළුවන් විදියටත් ඉන්න හැටි ‘වෙනස’ නරඹන අය දන්නවා ඇති. වැලි ගොඩදාන පිරිස සමග එකතු වෙලා වැලි ගොඩදාන්න, පතල් තුළට රිංගලා පතල් කම්කරුවකු විදියට කටයුතු කරන්න. මේ අයට සිදුවනවා. ඒ හින්දාම කැමරාව ඉදිරියේදී වගේම පිටතදීත් සිදුවන දෑ බොහොයි.
ඒ විදියට රූගත කිරීම් අතර සිදුවන අපූරු අත්දැකීම් ගැන කතා කරන අතර ‘වෙනස’ නිසා වූ සමාජ මෙහෙවරක් ගැනත් නිෂ්පාදක කණ්ඩායම අපට පැවසුවා. පහුගිය දවසක ස්වාධීන රූපවාහිනිය මගින් දිළිඳු පාසලක දරුවන්ට ‍පොත් බෙදා දීමක් සිදුවුණා. ඒ පාස‍ලේ හිටපු අන්ත දිළිඳු දියණියක් තමාට ලැබෙන ‍පොත් ගුරුතුමියට ළඟ තබාගන්නා ලෙස ඉල්ලා ගුරුතුමියට ලිපියක් එවලා. මේ දියණියගේ නිවස තුළ ගල් දෙකක් මතයි ඇය තම ‍පොත් පත් ටික තියන්නේ. මේ ගුරුතුමිය ඒ ලිපිය ‘වෙනසට’ එවලා. අපේ ඇහැටත් කඳුළක් එක් කරන ඒ ලිපිය ‘වෙනස’ තුළින් රටට අසන්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඒ දිළිඳු දියණියට ඉඩමක් හා නිවසක් ලබා දීමට මේ වන විට පින්වතෙකු ඉදිරිපත් වී සිටිනවා. කාලය ගෙවිලා යනවා අපිටත් ‘වෙනස කට්ටය වෙතින් සමුගන්න හෝරාව ඇවිත්. ඉතින් අපි දෙන්නත් “වෙනස” කට්ටියගෙන් සමුඅරන් ස්වාධීන රූපවාහිනියෙන් පිටත් වුණා.
ජනප්‍රියත්වය ලබන්නට සරල විනෝදාස්වාදය ඇති වැඩසටහන්වලට පුළුවන්” ගවේෂණාත්මක ගුණාත්මක වැඩසටහන් සීමිත පිරිසකට සීමා වන අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි ඉතින් කලාතුරකින් ගවේෂණාත්මක, ගුණාත්මක දෙයක් ‍පොදු ජනතාව අතර ලොකු ජනප්‍රියත්වයක් ලබනවා නම් ඒක වෙනසක්. ‘වෙනස’ තුළ තියෙන ලොකුම වෙනස ‘හොඳ දේ තුළින් ජනප්‍රියත්වයක් ලැබිම කියලා ආපසු එන අතරතුරේ මට හිතුණා.

About the Author

Posted by gossip lanka live on 9:13 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:13 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "About ITN Wenasa Programme අලුත් වෙනසක් ගත් ස්වාධීන රූපවාහිනියේ “වෙනස” රූපවාහිනි වැඩසටහන ගැනයි මේ.."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.