Published On:
Posted by gossip lanka live

ජැක්ලීන් හොලිවුඩයටත් යයි

"මිස් ශ්‍රී ලංකා" කිරුළ හිමිකරගැනීමෙන් අනතුරුව බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වනවිට ලොව පුරා බොලිවුඩ් රිසක රසිකාවියන්ගේ වැඩි අවධානයක් දිනාගත් රංගන ශිල්පිණියක් බවට පත්ව සිටියි. 2006 වසරේදී "මිස් ශ්‍රී ලංකා" කිරුළ හිමිකරගත් ජැක්ලීන් එම වසරේ විශ්ව රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් විය. එයින් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. පසුව 2009 වසරේදී සුජෝයි ගෝෂ්ගේ "ඇලදින්" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවීමට ජැක්ලීන්ට අවස්ථාව ලැබුණු අතර එතැන් සිට ඇය බොලිවුඩ් රංගන ශිල්පිණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. "ඇලදින්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්ලීන් හොඳම නවක රංගන ශිල්පිණිය ලෙස 2010 වසරේ "අයිෆා" සහ "ස්ටාර් ඩස්ට්" සම්මාන උළෙලවලදී සම්මාන හිමිකරගත්තාය. එතැන් සිට ජැක්ලීන්‍ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ආරම්භ කළ අතර ඇය රංගනයෙන් දායක වූ "මර්ඩර් 2" චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගතවීමත් සමග ජැක්ලීන් ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්ගේ ඉහළ අවධානයකට ලක්වූවාය.

ඒ අතර ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිර්මාණකරුවකු වන සජිඩ් ඛාන් "හවුස් ෆුල් 2" චිත්‍රපටය ජැක්ලීන් රංගන දායකත්වය ලබාදෙන නවතම චිත්‍රපටය වන අතර එය අප්‍රේල් මස 05 වන දින තිරගතවීම ආරම්භවීමට නියමිතය. එමෙන්ම අබ්බාස් - මුස්තාන් නිෂ්පාදනයක් වන "රේස් 2" චිත්‍රපටය සඳහා ද ජැක්ලීන් සිය රංගන දායකත්වය ලබාදෙයි. මෙසේ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ඉහළ සාර්ථකත්වයක් ගොඩනගාගනිමින් සිටින ජැක්ලීන් ‍ප්‍රවීණ හොලිවුඩ් ශිල්පිණියන් වන ඓයිශ්වර්යා රායි, බිපාෂා බාසු හා මල්ලිකා ශරාවත් අනුගමනය කරමින් හොලිවුඩ් සිනමාවට ද පා තැබීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. "ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්" ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය කැනේඩියානු හා බ්‍රිතාන්‍යය නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම චිත්‍රපටය නවක අධ්‍යක්ෂවරයෙකු වන ජේම්ස් සිම්ප්සන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන බව ද වාර්තා වේ. ඔහු මීට පෙර 2004 වසරේ තිරගත වූ අල් පචීනෝ රංගන දායකත්වය ලබාදුන් විලියම් ශේක්ෂිපියර්ගේ "මර්කන්ට් ඔෆ් වැනීස්" වේදිකා නාට්‍යය ඇසුරින් නිර්මාණය වූ "මර්කන්ට් ඔෆ් වැනීස්" චිත්‍රපටය සඳහා සිය දායකත්වය ලබා දී ඇති බව සඳහන්ය.

"මම හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට තීරණය කළා. කෙසේවෙතත් ඒ සම්බන්ධ කටයුතු පිළිබඳව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේයි. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව කටයුතු සම්පූර්ණ අවසන් වූ පසු ඒ පිළිබඳව දැනුම්දීමක් කරනවා" සිය හොලිවුඩ් ප්‍රවේශය පිළිබඳ අදහස් දක්වමින් ජැක්ලීන් අනාවරණය කර තිබේ. කෙසේවෙතත් සිය බොලිවුඩ් ප්‍රවේශය පිළිබඳව වැඩිදුර විස්තර දැක්වීමට ජැක්ලීන්ඉදිරිපත්ව නොමැති බව ද කැනඩාව, එක්සත් රාජධානිය හා නිව්යෝර්ක් නගරය තුළ "ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්" චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකිරීමට නියමිතව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි මාස කිහිපය තුළ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භවීමට නියමිතව ඇති බව ද සඳහන්ය.  ඒ අතරම මෙම හිටපු ශ්‍රී ලංකා රූ රැජිණ සිංහල සිනමාව සඳහා ද සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. "ප්‍රවේගය" ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය සුදේශ් කුමාර්ගේ අධ්‍යක්ෂණයකි. මෙම චිත්‍රපටය සඳහා ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් සමග හේමාල් රණසිංහ, උදාරි රණසිංහ, ජැක්සන් ඇන්තනි, ජයලත් මනෝරත්න, සංගීතා වීරරත්න, මොරින් චාරුණී හා මහේන්ද්‍ර පෙරේරා  රංගන දායකත්වය සපයයි.

"මෙම චිත්‍රපටය සඳහා ලබාදෙන්නේ සුළු දායකත්වයක් පමණයි. මේ වනවිට සිංහල සිනමාව වඩාත් පුළුල්වෙමින් පවතිනවා. එමනිසා ඒ සඳහා සිංහල සිනමාවට ලබාදිය යුතු උපරිම අනුබලය ලබාදීම අවශ්‍යයි. ඒ අනුව මා විසින් ලබාදිය යුතු දායකත්වය මෙසේ ලබාදීමට මම තීරණය කළා" ප්‍රවේගය චිත්‍රපටය සඳහා ලබාදෙන දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් ජැක්ලීන් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තමන් රංගන දායකත්වය ලබාදුන් නවතම චිත්‍රපටය වන සජිඩ් ඛාන්ගේ "හවුස් ෆුල් 2" විකට චිත්‍රපටය පිළිබඳව ද ජැක්ලීන් ඉන්දීය මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබේ. "සැබවින්ම මම සිටින්නේතැතිගැන්මට පත්වයි. ඒ මෙම චිත්‍රපටය මට දැවැන්ත නිර්මාණයක් වන නිසායි. මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ වන්නේ පසුගිය වසරේ තිරගත වූ මා රංගන දායකත්වය සැපයූ "මර්ඩර් 2" චිත්‍රපටයෙන් පසු තරමක කාලයකින් පසුවයි". "චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබාදීම රංගන ශිල්පිණියන්ට එතරම් අපහසුවක් වූයේ නෑ. ඔවුන්ට බොහෝ විකට ජවනිකා හෝ දර්ශන නිරූපණයට අවස්ථාව ලැබුණේනෑ‍. වඩාත් අපහසු වුණේ අක්ෂේ කුමාර් හා ජොනී ලීවර් ඉදිරිපත් කළ විකට ජවනිකා හමුවේ සන්සුන්ව වෙනසකින් තොරව මුහුණේ ඉරියව් පවත්වාගැනීමයි" චිත්‍රපටය සඳහා ලබාදුන් විකට රංගන දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් ජැක්ලීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

About the Author

Posted by gossip lanka live on 9:45 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:45 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "ජැක්ලීන් හොලිවුඩයටත් යයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.