Published On:
Posted by gossip lanka live

බෙහෙත් ගන්න ගිය සනෝජාට වෛද්‍යවරියගේ සැමියාගෙන් ප්‍රහාරයක්

 සනෝජා ඇත්තද මේ ප්‍රහාරයකට ලක්වුණාය කියන ප්‍රවෘත්තිය?

ඔව්. මමයි අපේ අම්මයි අප්පච්චියි, අක්කයි, නංගියි, මාමයි, නැන්දයි කතරගම ගියා. ඒ පසුගිය 18 වැනිදා. එදා මට අසනීප වුණා. මගේ අතක අමාරුවක් තියෙනවා. ඒක ස්නායු ආබාධයක් මත ඇතිවූවක්. ඔය රෝගී තත්ත්වය වැඩි වෙලා මට හුස්ම ගන්නත් අසීරු වුණා. ඒ වෙලාවේ මමයි, මාමයි, අක්කයි බෙහෙත් ගන්න කතරගම ඉස්පිරිතාලෙට ගියා. ඒ අවස්ථාවේ තමයි ඔය සිදුවීම වුණේ.[B] කවුද ඒ පහරදීම සිදුකළේ?[/B]
රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍යවරියගේ සැමියා තමයි මේ පහරදීම සිදුකළේ.
[B]මොකක්ද හේතුව?[/B]
අපි වෛද්‍යතුමිය හමුවුණා. ඇය මාව පරීක්ෂා කරලා බෙහෙත් ගන්න තුණ්ඩුවක් දුන්නා. ෆාමසිය පවත්වාගෙන යන්නෙත් ඇගේ නිල නිවසේ. අපි බෙහෙත් කවුන්ටරය ළඟට ගිහින් විනාඩි හතළිස් පහක් විතර හිටියා. ඒත් බෙහෙත් දෙන්න කෙනෙක් නැහැ. ඒ වෙලාවේ වෛද්‍යතුමියගේ සැමියා දරුවකුත් වඩාගෙන කවුන්ටරය ළඟට ආවා. හවස පූජාවට යන්න තියෙන නිසා ඉක්මනට බෙහෙත් දෙන්න කියා මම කිවුවා. ඒ වෙලාවේ අර මනුස්සයා අපිට හොඳටම බැනලා බෙහෙත් තුණ්ඩුව ඉරලා දැම්මා. බෙහෙත් තුණ්ඩුව ඉරන්න තියෙන අයිතිය  මොකක්ද? ඒක වැරදි වැඩක් නේද කියලා මගේ මාමා ඇහුවම මාමටත් ගහන්න පැන්නා. ඊට පස්සේ ගේ ඇතුළට ගිහින් කඩුවක් අරගෙන ආවා. අපි කට්ටිය වෛද්‍යතුමියගේ කාමරේට ගිහින් දොර වහගත්තා.
[B] අනතුරින් ගැලවිලා ආවේ කොයි විදියටද?[/B]
අර මනුස්සයා කෑගසමින් දොර කඩන්න හදනවා. වෛද්‍යතුමියයි එතැන සේවයට හිටපු ක්ලිනිං සර්විස් එකේ සේවිකාවයි එයා අල්ලගෙන කෑගහනවා. ඔය අතරේ මම යහළුවෙකුට කෝල් කළා. එයා ‍පොලීසියට කෝල් කරලා තමයි එතැනට ‍පොලීසිය ආවේ. ‍පොලීසිය ඇවිත් තමයි අපිව කාමරෙන් එළියට ගත්තේ.
[B] එතැනදී ගැටුම සමථයකට පත්වුණාද?[/B]
‍පොලීසියට අවශ්‍ය වුණා අපිව සමාදාන කරලා මේක මෙතැනින් නතර කරන්න. ඒත් අර මනුස්සයා ‍පොලීසිය ඉදිරිපිටදීම මාමට ගැහුවා. ඒත් ‍පොලීසිය නිහඬව හිටියා. ඒ වෙද්දී මගේ රෝගී තත්ත්වය හොඳටම වැඩි වෙලා වෙනත් රෝහලකින් බෙහෙත් ගත්තා එදා පූජාවට ඉන්නත් අපිට බැරිවුණා. පසුවදා තමයි පූජාවට හිටියෙත්.
[B]ඒ පුද්ගලයා අර තරම් දරුණු වුණේ සනෝජාත් එතැනදී ගැටුම්කාරී විදියට හැසිරුණාද?[/B]
නැහැ... නැහැ... ඇත්ත සිදුවීම ගැන එතැන හිටපු අය විතරක් නොවෙයි ඒ පළාතේ අයගෙනුත් අහන්න පුළුවන්. මං වෙනුවෙන් සාක්ෂි කියන්න වුණත් ඒ පැත්තේ මිනිස්සු කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න සූදානම්. ඒකට හේතුව ඒ පුද්ගලයා ඒ ප්‍රදේශයටම පිළිලයක්වී තිබෙන හින්දා. බෙහෙත් ගන්න ආපු අයට ඔහුගෙන් හරියට හිරිහැර වෙලා තියෙනවා.
[B] සිදුවීම එතැනින් එහාට ගෙනියන්නද සනෝජා හිතාගෙන ඉන්නේ...[/B]
මගේ විභාග කටයුතු හින්දා උසාවි ගාණේ රස්තියාදු වෙන්න බැහැ. ඒක හින්දා මේ සිදුවීම මෙතැනින් නිමා කරන්න මුල දී මම හිතුවා. ඒත් මේ තරම් ලොකු අසාධාරණයක් වෙලා එහෙම ඉන්න බැහැ. අනෙක එහෙම ඉන්න තිබුණා ඊට පස්සේ හෝ මේ ප්‍රශ්නය මට ප්‍රශ්නයක් නොවී තිබුණා නම්. ඒත් නැහැ. මට තවමත් නිර්නාමික දුරකථන ඇමතුම් එනවා. ඒ හැම ඇමතුමක්ම මරණීය තර්ජන. ඒ ඇමතුම් එන්නේ කතරගම ප්‍රදේශයේ දුරකථන අංකවලින්. ඉතින් මම තවත් ඉවසා සිටිය යුතුද? මට වූ අසාධාරණයට මම පියවරක් ගන්නවා. ඉදිරියේදී ඒක හැමෝටම දැනගන්න ලැබේවි.
[B] මේ ප්‍රශ්නයේදී සනෝජාගේ හිත හදන්න ශක්තියක් වන්න ළඟින් හිටියේ කවුද?[/B]
මේ සිදුවීමට ඇතැම් අය දක්වපු ප්‍රතිචාර දැක්කම මට මේ සමාජය ගැන ලොකු කලකිරීමක් ඇතිවෙනවා. මේ සිදුවීම අන්තර්ජාලවල වබේ අඩවිවල පළවුණා. මිනිස්සු ඒකට තමන්ගේ ප්‍රතිචාර දක්වා තිබුණා. ඒවා දැක්කම මට පුදුම හිතුණා. මම ගණිකා වෘත්තියේ යෙදුණා කියලා ප්‍රවෘත්තියක් අන්තර් ජාලයේ පළවුණේ නැහැ. ඒත් එවැනි ප්‍රවෘත්තියකට දක්වන විදියේ ප්‍රතිචාර තමයි මේ අය දක්වලා තිබුණේ. ලෙඩක් වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියපු මට මරණීය පහරදීමකට මුහුණ දෙන්න සිදුවෙලා ඒ ප්‍රවෘත්තිය පළවුණාම ඇයි මේ අය මේ වගේ පහත් ප්‍රතිචාර දැක්වූයේ කියල මට හරියට දුක හිතුණා. එදා ඒ සිද්ධිය ඇහින් දැකපු අය වුණත් ඒ ගැන දුක්වෙයි. මේ වගේ දේවල් දාන අයට අම්මල, අක්කල, නංගිල නැද්ද? පරිගණක භාවිත කරන්නේ උගත් සමාජය නම් අපේ සමාජය තියෙන්නේ කොතැනද? මේ වගේ ප්‍රතිචාර දක්වන අය ඇත්තටම පිරිමිද කියලත් මට සැකයි.
මේ සිදුවීමේ සැබෑ තතු දැනගන්න අපි කතරගම ප්‍රදේශයේ ලක්බිම මාණ්ඩලික වාර්තාකරු දේවප්‍රිය නිමලසේනට කතා කළා. ඔහු අදහස් දැක්වූයේ මේ විදියට.
“ඔය සිදුවීම සත්‍යයක්. ඔය කියන පුද්ගලයා ග්‍රාමාරක්ෂක භටයෙක් විදියට හෝ ‍පොලිස් නිලධාරියෙක් විදියට සේවය කළ අයෙක්. බෙහෙත් ගන්න ආපු ලෙඩුන්ට ඔහු පහර දීපූ අවස්ථාවන් තියෙනවා. රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍යවරිය ඔහුගේ බිරිඳ නිසා ඔහු රෝහ‍ලේ කටයුතුවලට ඇඟිලි ගහනවා. බිරිඳ ලෙඩ්ඩු බලන වේලාවේ ඔහු තමයි වෛද්‍යවරියගේ පුටුවේ වාඩිවෙලා ඉන්නේ. වෛද්‍යවරියට රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ එතැන වෙනත් පුටුවක ඉඳගෙන. මේ වෛද්‍යවරියත් මොහුගේ  පහරදීම්වලට ලක්වූ වාර අනන්තයි. පිරිමි රෝගියෝ ආවම ඔහුගේ ඇඟට අත තබන්නට වෛද්‍ය බිරිඳට මොහු තහනම් කරලා තියෙන්නේ. රෝහ‍ලේ නිල නිවසේ ෆාමසියක් පවත්වාගෙන යමින් තමයි බෙහෙත් අලෙවි කරන්නේ. මේ අසාධාරණකම්වලට විරුද්ධව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණ රැලි පවත්වලත් තියෙනවා. ඒත් තවම මේ මනුස්සයා යහතින් ඉන්නවා.

About the Author

Posted by gossip lanka live on 9:39 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:39 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "බෙහෙත් ගන්න ගිය සනෝජාට වෛද්‍යවරියගේ සැමියාගෙන් ප්‍රහාරයක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.