Published On:
Posted by gossip lanka live
Live Chat with Malshaකුමාරතුංගලාගේ තුන්වෙනි පරම්පරාවෙන් කලාවට එක්වූ මල්ෂා ගැනයි මේ
ක්ලීටස් අංකල් (ක්ලීටස් මෙන්ඩිස්) අධ්‍යක්ෂණය කරන පරපුර චිත්‍රපටයේ සංජනා කියන චරිතය තුළින් තමයි මම රඟපෑමට එකතුවන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් තුන්දෙනෙකුයි නිළියන් තුන්දෙනකුයි ඉන්නවා. රංජන් රාමනායක, චිලී සහ දිලංග කියලා නවක නළුවකුයි ප්‍රධාන පිරිමි චරිත රඟපානවා. කාංචනා මෙන්ඩිස් (රංජන්ගෙ පෙම්වතිය) මේනකා පීරිස් (චිලීගෙ පෙම්වතිය) සහ මම (දිලංගගෙ පෙම්වතිය) තමයි ප්‍රධාන නිළියන් තුන්දෙනා.* ඔබේ පියාත් මේ චිත්‍රපටයේ රඟපානවා.ඔව්. තාත්ති තමයි මගෙ පෙම්වතාගෙ පියාගෙ චරිතය රඟපාන්නේ. චිත්‍රපටයේ මගෙ තාත්තිගෙ චරිතය රඟපාන්නේ රවි අංකල් (රවීන්ද්‍ර රන්දෙනිය).
* නිළියක් වෙන්න පුංචි කාලෙ ඉඳන් ආශාවක් තිබුණද...?
(හිනැහි) පුංචි කැමැත්තක් තිබුණා. මම පුංචි කාලෙ මාව චිත්‍රපටවලට ඉල්ලලා තිබුණත් අම්මියි තාත්තියි වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ. තේරෙන වයසෙදි මමම කැමැත්තෙන් ඉදිරිපත් වුණොත් යන්න ඉඩදෙනවා කියලලු ඒ අය හිතාගෙන ඉඳලා තියෙන්නේ.
* මල්ෂගෙ එකම නංගි කලාවට එකතුවෙන්න ආශා නැද්ද...?
මගේ නංගී මලීෂා. දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබනවා. එයා කවදහරි අධ්‍යක්ෂණයට පිවිසෙන්නයි හිතාගෙන ඉන්නේ.
* කවදාහරි පවුලෙ අය එකතුවෙලා චිත්‍රපටයක් කරනවද...?
එහෙම අදහසක් තියෙනවා. පරපුර නරඹලා තමයි මම දිගටම රඟපානවද කියල තීරණය කරන්නේ. මේ චිත්‍රපටයේ තාත්තිටයි මටයි එකට රඟපාන්න වෙන්නෙ නැහැ. කතාවේ හැටියට මගෙ පෙම්වතා පොඩිකාලෙදිම එයාගෙ තාත්ති මියගිහින්. චිත්‍රපටයක තාත්තිත් එක්ක එකට රඟපාන්න ආශයි. නංගි චිත්‍රපටයක් කළොත් ඉතින් මටයි තාත්තිටයි ඒකේ රඟපාන්න වෙනවනේ.
* රංජන් රාමනායකත් ඔබේ ඥාතියෝ.
ඔව්, රංජන් රාමනායක මගෙ අංකල්. චිත්‍රපටයේ ෂූටිං ගියාම මම එයාට අංකල් කියල කතාකළා. ඒ වෙලාවේ මට කිව්වා 'මෙතැනදි අංකල් කියන්න එපා අයියා කියන්න කියලා' (හිනැහේ) කොහොමත් චිත්‍රපටයේ දර්ශනතලයේ හරිම සුන්දරව තමයි කාලය ගෙවුනේ. ප්‍රථම චිත්‍රපටය වුණාට මම කලා ලෝකේ අය නාඳුනන අය නමෛයිනේ. පුංචි කාලෙ ඉඳන් මම ඒ අයව හඳුනනවා.
* විජය කුමාරතුංග ගැන මල්ෂා තුළ මතකය කොහොමද...?
විජය කුමාරතුංග කියන්නේ මගෙ තාත්තිගෙ බාප්පා. මගේ සීයා. විජය සීයා ඉතාම හොඳ කෙනෙක් බවත් ගොඩක්ම ලස්සන කෙනෙක් බවත් මම අහල තියෙනවා. මම ඉපදුනේ 87දි. විජය සීයා මියගියේ 88දි. ඒ හින්දා මම ජීවමානව ඔහුව දැකපු මතකයක් නැහැ. විජය සීයගෙ මරණය ගැනත් මම හරියටම දැනගත්තේ වයස 10දි විතර. ඊට කලිින් තාත්ති ඒ ගැන මොකුත් කියල තිබුණෙ නැහැ.
* විජයගෙ මරණය දැනගත්තම මල්ෂට මොනවද හිතුනේ...?
එක දවසක් පත්තරේක අපේ පවුලේ ආටිකල් එකක් කළා. ඒ වෙද්දි තාත්තිත් දේශපාලනයට ඇවිත්. විජය සීයා මරල දැම්ම වගේ මගෙ තාත්තව මරන්න එපා කියල මම කිව්ව බව ඒ ආටිකල් එකේ තිබුණා. මම එහෙම දෙයක් කිව්වෙ නැහැ. ඒ වෙද්දි විජය සීයගෙ මරණය ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. ඔය ආටිකල් එක දැකල පංතියේ යාළුවෝ ඒ ගැන මගෙන් ඇහුවා. මම ගෙදර ඇවිත් තාත්තිට ඒ ගැන කිව්වම තමයි තාත්ති විජය සීයගෙ මරණය ගැන හැමදේම කිව්වේ. ඒ වෙලාවේ හිතට ලොකු දුකක් දැනුනා.
* ඔබේ පියාගෙ චිත්‍රපට අතරින් කැමති චිත්‍රපට මොනවද...?
'තුන්වැනි ඇහැ' චිත්‍රපටයට ගොඩක් කැමතියි. නොම්මර 17ටත් කැමතියි.
* ප්‍රියකරන නළු නිළියෝ හා චිත්‍රපට මොනවාද...?
සරෝජා, නොම්මර 17, ගඟ අද්දර චිත්‍රපටවලට කැමතියි. චතුරිකා පීරිස්ටයි, රොෂාන් රවීන්ද්‍රටයි කැමතියි. හොඳ චිත්‍රපටයක් ගැන ආරංචි වුණාම ඒක හොයාගෙන හරි බලනවා. මගෙ ප්‍රියතම නිළිය මාලනී ෆොන්සේකා. කවදහරි එයා එක්ක එකට රඟපෑමේ ආශාවකුත් තියනවා.
* පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්න.
මම ඉගෙනගත්තේ විචලි ඉන්ටර්නැෂනල් කොලේජ් එකේ. ඉන්පසුව එංගලන්තයට ගිහින් නීතිය හැදෑරුවා. 2010දි මම විවාහවුණා. මගෙ සැමියා හර්ෂමාන පණ්ඩිතරත්න. එයා ගෘහ නිර්මාණ ශිල්පියෙක්.
* රඟපානවට සැමියා විරුද්ධ වුණේ නැද්ද...?
නැහැ... මම ආශා කරන දේට එයා ඉඩදෙනවා. අනික ඉතින් දිගටම රඟපෑමේ යෙදුනත් නිර්මාණ මහගොඩක් බදාගෙන කාර්ය බහුල වෙන්න නැහැ.
* මතු දවසක දේශපාලනයටත් එනවද...?
(හිනැහි) දැනටත් මම තාත්ති එක්ක එකතුවෙලා දේශපාලන කටයුතුවල යෙදෙනවා. ඒත් දේශපාලනය තුළින් ඉදිරියට යනවද කියල තවම හිතල නැහැ.