Published On:
Posted by gossip lanka live
About adariye teledrama
ආදරවන්තයන්ට තිළිණ කරන ‘ආදරියේ’

එතැන් සිට ඉදිරියට කුමක් සිදුවෙයි ද? නිර්මල, අප්සාරි, අහිංසා සහ චේතිය යන ප්‍රධාන චරිත වටා ගෙතෙන ආදරය කුතුහලය කැටිකරගත් ඒ ප්‍රේමණීය කතාවයි ‘ආදරියේ’.
සංවේදී ටෙලිනාට්‍යයක් වන ‘ආදරියේ’ ආදර හැඟුම් උතුරා ගිය ආදරවන්තයින්ගේ දිනය දා ස්වර්ණවාහිනිය ඔස්සේ පෙම්වතුන් වෙත තිළිණ කෙරිණි. ප්‍රේක්ෂක හදවත්වලට සමීප වූ ජනප්‍රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වන ‘ආදරියේ’ ටෙලිනාට්‍යය ඔස්සේ ජීවිතයේ සංකීර්ණත්වය තුළ ආදරය, බලාපොරොත්තු, විවිධ වූ අපේක්ෂාවන් සඵල කරගන්නට වෙරදරන නූතන පරම්පරාවේ ජීවන අරගලය මනාව, විදහා දැක්වේ.
| අධ්‍යක්ෂ තිසුල දීප තඹවිට උපදෙස් දෙමින් |
අපේ සිනමාවට අභිමානයක් එක්කරමින් සිනමාවේ ප්‍රශස්ත කැමරා අධ්‍යක්ෂකවරයෙකු ලෙස 43 වන හුස්ටන් අන්තර් ජාතික සිනමා උලෙළේ දී ‘බඹර වළල්ල’ චිත්‍රපටය වෙනුවෙන් ජගත් සම්මානයෙන් පිදුම් ලද තිසුල තවත් සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට සමත් විය.
සිනමාවෙන් ලද අත්දැකීම් මත පුංචිතිරයේ ද දක්ෂතම අධ්‍යක්ෂවරයකු බවට පත්වූ තිසුල මීට පෙර ‘සඳ නුඹ නම්’, ‘වන්දනා’ වැනි ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයා අතර නමක් දිනාගත්තේය. තිසුලගේ නවතම ටෙලි නිර්මාණය වන ‘ආදරියේ’ හී ප්‍රධාන චරිත ලෙස අප්සාරි ලෙසින් නදීෂා හේමමාලිත්, නිර්මල ලෙස ධනංජය සිරිවර්ධනත් අහිංසා ලෙසින් අනර්කලී ආකර්ෂාත් චේතිය ලෙස බුද්ධික ජයරත්නත් රංගනයෙන් එක්වෙති.
කොටස් 200කින් සමන්විත වන මෙම ටෙලිනාට්‍යයේ තිර රචනය දක්ෂ පිටපත් රචකයකු වූ රිහාන් රවීන්ද්‍රගෙනි. මීට අමතරව ශ්‍රීමාල් වෙඩිසිංහ, රෙබෙකා නිර්මලී, ගුණවර්ධන හෙට්ටිආරච්චි, කුසුම් පෙරේරා මෙහි සෙසු චරිතවලට පණපොවති.
තුෂාරි වික්‍රමසිංහ
