Published On:
Posted by gossip lanka live

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගෙ අදහසක් නෑ - ප්‍රසාදිනි අතපත්තු

ජාතික නාට්‍ය උළෙලේ හොඳම නිළිය ප්‍රසාදිනි අතපත්තු

ඔබ ඔබව හඳුන්වනවා නම්?
මම ප්‍රසාදිනි අතපත්තු. ගම කුරුණෑගල. පාසල් ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට.
වේදිකා නාට්‍ය නිළියක ලෙස ඔබේ පසුබිම සැකසෙන්නෙ?
පාසල් වේදිකාවට සුළු වශයෙන් දායක වෙලා තියෙනවා. නමුත් වේදිකා නාට්‍ය නිළියක යන පසුබිම ගොඩනැඟෙන්නේ 2004 කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හැදෑරීමට ආ පසුයි. මුලින්ම සම්බන්ධ වුණේ පි‍්‍රයංකර රත්නායක මහත්මයාගේ ‘ඊඩිපස්’ වේදිකා නාට්‍යයටයි.
මේ දක්වා වේදිකා නාට්‍ය කීයකට සම්බන්ධ වෙලා තිබෙනවා ද?
දොළහකට පමණ. ඒ අතර ඊඩිපස්, තටු ඇවිත් ඇන්ටිගනි, යෙර්මා, සින්දු පහයි කෝල්ස් පහයි සහ පෙම් යුවළක් වැනි නාට්‍ය විශේෂයි.
මේ ඔබ ලැබු පළමු සම්මානය ද?
නැහැ. මින් පෙර හොඳම සහාය නිළිය ලෙස යෞවන සම්මාන උලෙළේ සම්මානය හිමි වුණා. ඒ සින්දු පහයි කෝල්ස් පහයි යන වේදිකා නාට්‍යය සඳහා.
ඔබව හොඳම නිළිය බවට පත් කළ ‘වරුණි’ ගැන කතා කළොත්?
‘වරුණි’ ඇය ජීවත් වන්නේ ධනුෂිකා නයනකුමාරි නිෂ්පාදනය කළ ‘ජනේලයෙන් පනින්න ද? යන වේදිකා නාට්‍ය තුළයි. ගමෙන් විශ්ව විද්‍යාලයට තේරුණු විශ්ව විද්‍යාලය තුළ විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින් සහ ඒවට මුහුණ දෙමින් තමාගේ පේ‍්‍රමය ආරක්ෂා කරගැනීමට සටන් කරන යුවතියක් තමයි ‘වරුණි’.
මෙය විශ්ව විද්‍යාල සිසුන්ගේ සැබෑ භූමිකාව ද?
එහෙම කිව්වට වරදකුත් නැහැ. විශ්ව විද්‍යාල සිසුන් විඳින දුක් ගැහැට, ආදරය, ඔවුන්ගේ බෝඩිම් ජීවිත, පිටත දේශපාලනය විශ්ව විද්‍යාල තුළට ගලා ගෙන එන අයුරු මේ සියල්ලක්ම ‘ජනේලයෙන් පනින්න ද’ වේදිකා නාට්‍යයෙන් තාත්වික ලෙස දිග හැරෙනවා. ඒ නිසාම අව්‍යාජ ලෙස නිර්මාණය වූ නාට්‍යයක් ලෙස බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ද ලැබී තිබෙනවා.
නාට්‍ය උලෙළ නියෝජනය කරන වේදිකා නාට්‍ය ඉන්පසු වේදිකා ගත වෙන්නේ නැහැ. මේ පිළිබඳ ඔබගේ මතය?
ඔව් එය සැබෑවක්. එසේ වූ විට අපට යම් තරමක හෝ ප්‍රචාරයක් ලැබෙන්නේ රූපවාහිනී හෝ පුවත්පත් හරහයි. එය ඉතා සුළු ප්‍රමාණයක්. ඉන් පසු මෙවැනි වේදිකා නාට්‍යයක් තිබුණා ද කියලවත් මිනිසුන්ට මතක නැහැ.
‘ජනේලයෙන් පනින්න ද’, වේදිකා නාට්‍ය නෙළුම් පොකුණෙ වේදිකා ගත කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඉතින් මේ නාට්‍ය වගේම රාජ්‍ය නාට්‍ය උලෙළෙ හොඳම වේදිකා නාට්‍ය සඳහා නිර්දේශ වුණු අනෙකුත් නාට්‍යවලටත් මෙවැනි අවස්ථා ලැබෙනවා නම් හොඳයි.
ඒ තුළින් ලංකාව පුරා විහිදී සිටින වේදිකා නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට මෙම නාට්‍ය නැරැඹීමට අවස්ථාවක් නැති වෙනවා නේද?
‘ජනේලයෙන් පනින්න ද’ වේදිකා නාට්‍ය ගැන කතා කළොත් කොළඹදී මේ නාට්‍යයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
සමස්තයක් වශයෙන් වේදිකා නාට්‍ය ගැන කතා කළහොත් කොළඹින් පිටතට ගෙන යෑමේදී මූලිකවම ආර්ථික වශයෙන් බලපෑමක් තිබෙනවා.
මුදල් වැය කරලා විශාල ප්‍රචාරයක් ලබා දෙන්න තරම් වේදිකා නාට්‍ය කරුවා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නැහැ. මේ වන තෙක් ‘රංග භූමි’ වැඩසටහන හැරුණු විට වේදිකා නාට්‍ය පිළිබඳ විමසා බැලෙන වැඩ සටහන් බිහි වී නැහැ.
ඉතින් ප්‍රචාරණයේ යම් යම් අඩුපාඩු තිබෙන නිසා වේදිකාගත වීම් සීමා වෙනවා.
ඒ කියන්නෙ වේදිකා නාට්‍ය හැදෙන්නේ කොළඹ ජීවත් වන පේ‍්‍රක්ෂකයන්ගේ රසවින්දනය සඳහා පමණක් ම ද?
පරිවර්තන හෝ ස්වතන්ත්‍ර හෝ වේවා සෑම වේදිකා නාට්‍යයක්ම නිර්මාණය වන්නේ මිනිස් ජීවිතය හා සමාජය ගැනයි.
එනිසා ඕනෑම වේදිකා නාට්‍යයක් සෑම මිනිසුනටම රස විඳීමේ හැකියාව තිබෙනවා.
ඔබ වෘත්තීය මට්ටමේ වේදිකා නාට්‍ය නිළියක් ද?
නැහැ. මම කොළඹ විශාඛා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාවේදී ගුරුවරියක් වශයෙන් සේවය කරනවා.
ඉදිරි වැඩ කටයුතු?
මේ වන විට මාලක දේශපි‍්‍රයගේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණා.
ඒ කියන්නේ ඉදිරියේදී ඔබත් වේදිකාවෙන් සමුගෙන සිනමාව හෝ ටෙලි නාට්‍ය තෝරා ගනීවි ද?
ආර්ථික වශයෙන් ලාභ ලබන කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ නැහැ.
ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමට මගේ අදහසක් නැහැ. මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ නිසා මගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ගුණාත්මක හා අර්ථවත් නිර්මාණ පමණක් එනම් වේදිකාව හෝ වේවා සිනමාව හෝ වේවා රංගනයෙන් දායක වෙනවා.
වේදිකා නාට්‍ය නිළියක ලෙස ඔබගේ සාර්ථකත්වය දෙස ආපසු හැරී බැලුවොත්.
මාව මේ තැනට ගෙන ආ පි‍්‍රයංකර රත්නායක මහතාව සිහිපත් කළ යුතුයි. මේ සෑම දියුණුවකම පසුපස ඉන්නේ එතුමයි.
මගේ මව පියා සහෝදරයා ගෙන් ලැබෙන සහායත් විශාලයි. මගේ රංගන ජීවිතයේ හොඳම විවේචකයන් හා විචාරකයන් වන්නේ මගේ පවුලේ උදවියයි.

About the Author

Posted by gossip lanka live on 9:48 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:48 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගෙ අදහසක් නෑ - ප්‍රසාදිනි අතපත්තු"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.