Published On:
Posted by gossip lanka live
ගාස්තු වැඩිනොකළහොත් බස් වර්ජනයකට යනවා -ගැමුණු
| 2010-12-28 කළුතර, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්ක වල පෞද්ගලික බස් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹුන බව ද අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම බස්නාහිර පළාතේ බස් රථ අතිරික්තයක් තිබියදීත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් තවත් බස්රථ රැසකට බලපත්‍ර ලබාදිමට සූදානම් වන බවට ඔහු චෝදනා කරයි බස්නාහිර පළාත තුළ මේ වන විට 20% ක බස්රථ අතිරික්තයක් පවතින බව හෙතෙම පෙන්වාදෙයි. තවත් බස්රථ 20% ක ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කරමින් සිටින බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයෙකු පත්කර සිටිය ද ඔහු සතුව කිසිදු බලයක් නොමැති බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර සිටියේය. ( This News Copy on Adaderana ) | ||||
