Published On:
Posted by gossip lanka live

රංජන්ගේ ආදරය ඉල්ලන නුවර ඇන්ටී

එක්සත් ජාතික පක්‍ෂ සබරගමු පළාත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ප‍්‍රවීන නළු රංජන් රාමනායක විවාහවීමට පොරොන්දුදී එය කඩකළ බවට චෝදනාකරමින් පැමිණිලි කළ නුවර ගුරුවරිය රංජන්ට වඩා වැඩිමහළු අයෙක් බව  වාර්තා වේ.ඇය සිය වයස සගවා රංජන්ට චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

අධිකාර වාසල මුදියන්සේලාගේ දඹවින්න උඩවත්ත බණ්ඩාර නාමල් විජේරත්න ලෙස පෙනී සිටින ඇගේ නියම නම දයාංගනී උද්‍යානි අශෝකමාලා විජේරත්නය.
ඇගේ සැබෑ උපන්දිනය 1955 දෙසැම්බර් 04 වැනිදා බවත්, එහෙත් ඇය පොලිස් පැමිණිල්ල සටහන්කරන විට ලබාදුන් 688493730 V ජාතික හැදුනුම්පතට අනුව ඇගේ උපන්දිනය 1968 දෙසැම්බර් 14 වැනිදා බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.එම පැමිණිල්ලට අනුව ඇගේ ලිපිනය 259/19, කටුගස්තොට පාර, මහනුවර ලෙස දැක්වේ.
සැබෑ උපන්දිනයට අනුව ඇගේ වයස අවුරුදු 55කි. කෙසේවුවද ඇය පෙනී සිටින්නේ වයස අවුරුදු 42 ක අයෙකු ලෙසය.මෙම තොරතුරු හෙළිවීමත් සමග මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඇගේ වැටුප් අත්හිටුවා ඇත
.
පොලිස් අධිකාරිවරයෙකු වූ තිලක් බැද්දෙවෙලගේ බිරිය වන ගීතා බැද්දෙවෙල එම පැමිණිලිකාරියගේ එකම පන්තියේ අධ්‍යාපනය ලබා ඇති බවත්, ගීතා බැද්දෙවෙලගේ මේවන විට වයස අවුරුදු 55ක් බවත් අනාවරණවී ඇත.මොවුන් නුවර මහාමායා බාලිකා විදුහලේ එම පන්තියේ අධ්‍යාපනය ලබා තිබේ.
මෙම කාන්තාව මෙසේ රංජන්ට චෝදනා කිරීමට ඉදිරිපත්වී ඇත්තේ ජනමාධ්‍යට සම්බන්ධ නුවර පළාතේ ඇමතිවරයෙකු සමග තිබෙන සම්බන්ධයක් නිසා බව ද වාර්තා වේ.

About the Author

Posted by gossip lanka live on 9:48 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:48 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "රංජන්ගේ ආදරය ඉල්ලන නුවර ඇන්ටී"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.