
භිනවයෙන් ඉදිකළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ල‘සිපෙට්කෝ නිවහන’ හෙට (19) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්ර ධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.නව ගොඩනැගිල්ල කොළඹ – 09, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ අංක 609 දරණ ස්ථානයෙහි ඉදිකර තිබේ.1999 වර්ෂයේ සිට 2011 ජූලි මස දක්වා කොළඹ 03, ගාලූ පාරේ අංක 109 දරණ ස්ථානයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන කාර්යාලය පවත්වාගෙන ගිය අතර ඒ සඳහා මසකට රුපියල් මිලියන 4 ක කුලි මුදලක් සංස්ථාව විසින් ගෙවන ලදී. නව ප්ර ධාන කාර්යාලය විවෘත කිරීම මඟින් නිසා මාසිකව ගෙවීමට වූ එම කුලී මුදල සංස්ථාවට ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යත සුසිල් ප්රේතමජයන්ත මහතා, නියෝජ්යථ අමාත්යනසරණගුණවර්ධන මහතා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධනමහතා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.ආර්.ඩබ් දසොයිසා යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය. සම්පුර්ණ ඡායාරූපය පහතින් ඇත.