Published On:
Posted by gossip lanka live
රෝසි ගේ මළකඳ තමයි ලු ගෙනියන්න වෙන්නේ
“කෘත්‍යාධිකාරි මණ්ඩලය නීත්‍යානූකූල නොවන බව ප්‍රකාශ කරලා තියෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්වන රෝසී සේනානායක මහත්මිය. එතුමියගේ ප්‍රකාශය පිළිබඳව පරික්ෂා කරලා බලන්නත් අද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළා. ඒ අනුව එතුමයගේ ප්‍රකාශය පිළිබඳව පසුගියදා මාධ්‍යට කරලා තියෙන ප්‍රකාශය පිළිබඳව කරුණු විමර්ශනය කිරිම ඒ විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් වේවි ඉදිරියේදි. ඒ අනුව එතුමියගෙන් මේ පිළිබඳව කරුණු විමසන්න තීරණය කළා. ඒ කරුණු විමසීමෙන් අනතුරුව තමයි ගන්නා ඊළඟ ක්‍රියාමාර්ගවලට යන්නේ.එහෙම නැතිව කිසිඳු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ”
මේ අතර පක්ෂයෙන් නෙරපීම පිළිබඳව රෝසි සේනානායක ඊයේ කොළම පැවති සත්‍යග්‍රහය හා විරෝධතාව අතරතුර අදහස් පළ කළේය.“මාව පක්ෂයෙන් නෙරපලා දාන්න සෙනරත් කපුකොටුව මැතිතුමා තිස්ස අත්තනායක මහලේකම්තුමාට යෝජනාවක් ගෙනල්ලා ඒක ස්ථීර කරලා සම්මත කරගන්න හදනවා. මම කියන්න කැමතියි මගේ මළකඳ තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනියන්න පුළුවන් වෙන්නේ. මාව පන්නන්න කාටවත් බෑ. ඔබ තමුන්නාන්සේලාට හොඳට මතක තියාගන්න. මම ජීවතුන් අතර ඉන්නාතාක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න මගේ හැම දහඳිය බිඳුවක්ම වැය කරනවා කියන්න ඔබ තමුන්වහන්සේලාට මම කියන්න කැමතියි”

