
පානදුර වෙරළ තීරයේ පෙම් සුව විඳින පෙම්වතුන්ගෙන් කප්පම් අයකළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.වෙරළ තීරයට පැමිණෙන පෙම්වතුන් බිය කර ඔවුන්ගෙන් මුදල් අයකිරීම මෙම පුද්ගලයා විසින් කළක් තිස්සේ කරගෙන ගොස් තිබේ. දැනට අධිකරණ නිලධාරියෙකුගේ නිල නිවසක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටින මෙම පොලිස් කොස්තාපල්වරයා කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු බවද පැවසේ. පානදුර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.