
ජනතාව බියවද්දමින් පිරිස් සැරිසරන බවට ව්‍යාජ කටකථා පැතිරූ බවට සැකපිට පුද්ගලයින් පනස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.එලෙස ජනතාව අතර අනිසි බිය පතුරුවන සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව ගාමිණි නවරත්න පැවසීය.එම ප්‍රචාර මනක්කල්පිත ඒවා බැවින් ඊට නොරැවටෙන්නැයි, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.