Published On:
Posted by gossip lanka live
මාලිංගගෙන් කඩුලු 5ක්/ උපුල් 111යි
ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 78ක ජයක් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියාවට පන්දුවාර 44යි පන්දු 2 ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 28කටකඩුලු 5ක් දවා ගත් අතර උපුල් තරගද නැවත කණ්ඩායමට එකතු වෙමින් අඝනා ලකුණු 111 ක් රැස් කර ගත්තේය.
