
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුසියානු රජයෙන් එම්. අයි. 171 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් 14 ක් මිලයට ගැනීමට තීරණය කර ඇත. රුසියානු රජය සැපයූ ණය මුදලකින් මෙම හෙලිකොප්ටර් මිලයට ගැනේ.
මෙම නවතම ප්‍රවාහන හෙලිකොප්ටර් ලබා ගන්නේ රුසියානු රොසබොරොන් එක්‌ස්‌පර්ඩ් නමැති රාජ්‍ය සමාගම මගින් යෑයි කොළඹ රුසියානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.මේ සඳහා රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර ඇත.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා මෙම එම්. අයි. 171 ප්‍රවාහන හෙලිකොප්ටර් යොදා ගැනේ.