
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රථම සිනමා නිර්මාණය “ගාමනි” අද (19 දා) සිට ඊ. ඒ. පී. සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ.අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගෝනගල ගම්මානයට 1999 අගෝස්‌තු 25 දා කොටි ත්‍රස්‌තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ගැහැනු, පිරිමි හා ළමුන් ඇතුළු පනස්‌හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කේන්ද්‍ර කර ගනිමින් ගාමනි නිර්මාණය කර ඇත.
“ගාමිනි” තිර රචනය හා අධ්‍යක්‍ෂණය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරය. නිෂ්පාදනය උපාලි රාජපක්‍ෂය. ලියනගේ අශෝකලාල් සිගේරා කැමරා අධ්‍යක්‍ෂණයෙන් එක්‌වන ගාමනී සංස්‌කරණය රවීJද්‍ර ගුරුගේ ය. නදික ගුරුගේ, උදිත ජයසිංහ සංගීතයෙන්ද, සරත් වීරසේකරගේ ගී රචනා දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ ගායනයෙන් ද එම ගීයේ සංගීතයට රෝහණ වීරසිංහගේ දායකත්වය ද ලැබී ඇත.
සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, බිමල් ජයකොඩි, ඩබ්ලිව්. ජයසිරි, ගීතා කාන්ති ජයකොඩි, වීණා ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, දමිතා අබේරත්න, මහේන්ද්‍ර පෙරේරා, සුජානි මේනකා, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු. ජගත් බෙනරගම, රංජිත් රූපසිංහ, ජගත් චමිල, දර්ශන් ධර්මරාඡ්, මුතු තරංගා, අනුරුද්ධිකා පාදුක්‌කගේ, අසේල ජයකොඩි, දිව්‍යා දර්ශනී, මල්කාන්ති ජයසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.