Published On:
Posted by gossip lanka live
Romeo & dante sinhala teledrama
ආදරය සහ වෛරය එකට කැටි වූ ‘රෝමියෝ සහ දාන්තේ’රයන් වික්‍රමනායක නම් වූ ඔහු ජීවිතය අලුතෙන් පටන් ගන්නට ඉටා ගත්තේය. ඒ ඔහු තමන් මුහුණ දුන් ආර්ථික සාමාජික හා මානසික ගැටලුවලට විසඳුමක් ලෙසය. ඔහු අලුතෙන් ආරම්භ කළ ජීවිතය සාර්ථක වූයේය. එහෙත් අතීතයේ වේදනාබර අත්දැකීම් යළි යළිත් සිහිපත් වීම නිසා ඒවායින් ගැලවීමට ඔහු නව මං සොයන්නේය.
මේ අතර තම සැමියාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත් ගැහැනියක වන අපේක්ෂා වික්ර්මනායක තනිවම ජීවිතයට මුහුණ දීමට උත්සාහ දරන්නීය. මේ උත්සාහයේ දී ඇය තමාට හමුවන නොයෙක් පුද්ගලයන්ගේ ආදර කතා, රැවටීම් ඉදිරියේ නොසැලී අවබෝධයෙන් යුතුව නැඟීසිටීමට උත්සාහ දරන්නීය.
නිෂාදි වික්ර.මනායක අපේක්ෂා වික්රඉමනායකගේ දියණියයි. පියාගේ වියෝවත් මවගේ හිතුවක්කාර ක්රි යා පිළිවෙත් නිසාත් නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දෙන ඇය ස්වාධීන ජීවිතයක් ගතකිරීමට උත්සාහ දරන්නීය.
විශ්වවිද්යානල තරුණයකු වන කළණ විජේවීර තමන්ට හදිසියේ හමුවන තරුණියක නිසා මානව පේර්සාමය දයාව හඳුනාගන්නෙකි.
එමෙන්ම මේ සියලු චරිත හා බැඳී සිටින දැරණියගල තම බිරිය යෙහෙළියක සමඟ විදේශගත වීම නිසා කම්පනයට පත්වී ඒ සියල්ල අමතක කරන්නට උත්සාහ දරන්නෙකි.
ආදරය, ප්රේ්මය, විරහව, වෛරය සියල්ල එකට කැටි වූ ’රෝමියෝ සහ දාන්තේ’ ටෙලි නාට්යිය බෙනට් රත්නායකගේ අධ්යේක්ෂණයකි. මෙහි නිෂ්පාදනය සමන්මලී හේවාමාන්නය.
පාලිත සිල්වා, කාංචනා මෙන්ඩිස්, රුවන්ති මංගලා, ජනක කුඹුකගේ, ඕෂධී ලියනගේ, උදාර රත්නායක, කාංචන කොඩිතුවක්කු, බුද්ධික දමයන්ත, ගාමිණී ජයලත්, ක්ලීටස් මෙන්ඩිස් ආදී වූ නළු නිළි රැසක් මෙහි රඟපාති.
ඉසවි







