Published On:
Posted by gossip lanka live

Chat With pawani madushani - ආදරවන්තයා? එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ.

සිරස කුමරිය පවනි සමඟ කළ පළමු කතාබහ
සිරස කුමරිය දෙවන අදියර පසුගිය සෙනසුරාදාවේ අවසන් වුයේ පවනි මධුශානි සිරස කුමරිය ලෙස අභිෂේක ලබමිනි. අති විශාල තරගකරුවන් රාශියක් අතරින් ජයග්රානහිකාව වන්නට වාසනාව ලද ඇය ඇඳුම් මෝස්තර නිර්මාණකරණයෙහි යෙදුන අයකි.
අතිශය ජනාදරයට පත් වූ සිරස කුමරිය පළමු අදියරෙන් හඳුනා ගත් දුලානි අනුරාධා, ශලනි තාරකා (පළමු අදියරෙහි කුමරිය) මේ වන විට අප ක්ෂේත්රනයේ කැපී පෙනෙන චරිත බවට පත්ව සිටියි. පවනි ද තව නොබෝ දිනකින්ම ඔවුන් අතරට එකතු වනු ඇත.
මේ දිග හැරෙන්නේ පවනි පුවත්පතකට ලබා දුන් පළමු පුවත්පත් සංවාදයයි.
ඔබ මීට ප්රනථම කිසිදු කලා නිර්මාණයකට දායක වෙලා නැහැ නේද?
ඔව්. ඒත් පාසල් යන කාලයේ ඇති තරම් කලා කටයුතු කළා. අධ්යානපනයෙන් අනතුරුව ෆැෂන් ඩිසයිනින්ග් පිළිබඳ ඉගෙන ගෙන ගියා. එතකොට තමයි සිරස කුමරියට ඇප්ලයි කළේ. ඒ නිසා ඒ කටයුතුත් තාවකාලිකව නැවැත්තුවා.
ඔබ සිරස කුමරිය හා සම්බන්ධ වුණේ ජනප්රි ය වන්නට යැයි කෙනෙකුට හිතන්න පුළුවන්?
ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. සිරස කුමරිය තරගයට ගිය පමණින් ජනප්රිුය වෙන්න බැහැ. මෙම තරගය නෙවෙයි වෙනින් කිසියම් තරගයකට ගියත් ජනප්රිුය වෙන්න බැහැ. ජනප්රිනයත්වය යම්තාක් දුරකට හෝ ලබන්න ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න හැකියාවන් තියෙන්න ඕනේ. අනික මම සිරස කුමරිය වුණයි කියලා පාරේ බැහැලා යන්න බැරි තරම් ජනප්රිබයත්වයක් ලැබිලා නැහැනේ. අනික මං පාසලෙන් ඉවත් වූ දින සිට කලාව කළා නම් මීට වඩා ජනප්රිපයවන්න තිබුණා. මට ඕනෑ වුණේ මේ තරගය හරහා මගේ හැකියාවන් හඳුනා ගන්න.
එහෙම පුළුවන් වුණාද?
සත්තකින්ම, අපිට තරගයේ අතරතුර ටෙලි චිත්ර පටයක රඟපාන්න ලැබුණා. එතකොටයි මට රඟපාන්න පුළුවන් බව මං දැන ගත්තේ.
ඇත්තටම ඔබට රඟපාන්න පුළුවන්ද?
මං හිතනවා. ඒත් ඒ හැකියාව දියුණුකර ගන්න ඕනේ ස්වයං අධ්යරයනයෙන්.
දැනටමත් රඟපාන්න ඇරැයුම් ලැබිලා ඇති වග දැනගන්නට ලැබුණා?
ඔව්. අධ්යුක්ෂවරු කිහිප දෙනෙක් කතා කළා.
සිරස ආයතනය ඔබට නිදහස දීලා තිබෙනවාද රංගන කටයුතුවලට?
ආයතනය දැනුවත් කොට මට නිර්මාණවලට රංගනයෙන් දායකවන්න හැකියාවක් තියෙනවා.
සිරස කුමරිය වීමට ඔබට තිබූ සුදුසුකම් මොනවාද? ඔබට වැඩිය සුරූපී අය අවසන් දොළොස් දෙනා අතර සිටියා නේද?
ලස්සන විතරක් නෙවෙයි, ටීම් වර්ක් එක, නායකත්ව හැකියාව, වෙනත් කලා දක්ෂතා යනාදිය බැලුවා. ඒවාට මට ඉහළ ලකුණු ඇති. ඒකනේ මට කිරුළ හිමි වුණේ.
මං දැන් පවනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් අහන්නයි හදන්නේ?

ඡායාරූපය
අමිත් එස්. සේනාරත්න
අහන්න.
පවනිගේ සම්පූර්ණ නම?
පවනි මදුශානි විජේසිංහ.
පාසල?
ඉස්කෝල දෙකකට ගියා. කොළඹ සංඝමිත්තා සහ ආනන්ද බාලිකා.
පදිංචිය?
ඉපදුණේ කොළඹ. වර්තමාන පදිංචිය කිරිබත්ගොඩ.
උපන් දිනය?
1987. 10. 17
උස?
අඩි 5යි අඟල් 3.
ලග්නය?
කුම්භ.
ආදරවන්තයා?
එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ.
තරගය අතරතුරදී විවාහ යෝජනා කීයක් ආවද?
දෙක තුනක්ම ආවා.
ඔබ ගැන වචන දෙක තුනකින් හඳුන්වන්න?
හිත හොඳ කෙනෙක්.
උදව් කළ පිරිස?
සුසාර දිනාල් මහතා ඇතුළු සිරස පවුලේ හැමෝම.
අවසන් වශයෙන් කියන්න සිරස කුමරියට සහභාගී වෙලා ඔබට ලැබුණු අපූරු අත්දැකීම?
අපට එක්තර අවස්ථාවක තිබුණා කුඹුරු කොටන්න. මං ජීවිතේට කුඹුරු කොටලා නැහැ. මඩ නාගෙන අතට නුහුරු උදැල්ල පාවිච්චි කරමින් කුඹුරු කොටපු හැටි ජීවිතයට අමතක වන්නේ නැහැ.
ප්ර සාද් සමරතුංග
ඡායාරූපය – මාලන් කරුණාරත්න  

pawani madushani  Image Collection

About the Author

Posted by gossip lanka live on 4:07 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:07 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With pawani madushani - ආදරවන්තයා? එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.