Published On:
Posted by gossip lanka live

Anjula rajapaksha අහිංසක චරිතයකට වඩා නපුරු චරිතයක කරන්න දේවල් තියෙනවා.

අංජුලා රාජපක්ෂ අපට සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි. ඇයගේ රංගන ඇතුළත් ටෙලිනාට්යට මේ දිනවල රූපවාහිනී නාළිකා කීපයකම දැකගත හැකි ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් අංජුලාගේ වත්මන් තොරතුරු පිළිබඳව කතා කරමු.
‘තරු පිරි අහස’ ටෙලිනාට්යශයේ ‘ආන්යා ’ ට ප්රේගක්ෂකයින් ගොඩක් ආදරේ ඇති නේද?
ඇත්තටම ඔව්. ජෝසප් ජෙරම් අධ්ය‍ක්ෂණය කරන ‘තරු පිරි අහස’ ටෙලිනාට්යකයට මේ තරම් ප්රුතිචාර ලැබෙයි කියල මම හිතුවේ නෑ. එහි මම නිරූපණය කරන ‘ආන්යාර’ චරිතයට හොඳ ප්රතතිචාර ලැබෙනවා. බොහෝ ප්රේයක්ෂකයින් මේ ටෙලිනාට්යරය වටා ඉන්න බව ලැබෙන ප්රයතිචාර වලින් පෙනෙනවා. පසුගිය අවුරුදු කීපය තුළ මම රඟපෑ ටෙලිනාට්යේ චරිත අතරින් ආන්යාඉගේ චරිතය තමයි ප්රෙේක්ෂකයින් වැඩියෙන් ම වැළඳගත්තේ.
පසුගිය දවස්වල ඔබ චිත්රපපටයක රූපගත කිරීම්වලට සම්බන්ධ වී සිටියා නේද?
ඔව්. ඒ ‘වීර්යා’ චිත්රබපටය. එහි මම නිරූපණය කරන්නේ කාමිණී කියන මුඩුක්කු පරිසරයක ජීවත්වන තරුණියකගේ චරිතයක්. ‘කාමිණී’ හැසිරෙන්නේ අඳින්නේ පලදින්නෙ ඉතා පොහොසත් තරුණියක් වගේ. ඇය ඇසුරු කරන අය දන්නෙ නෑ ඇය මුඩුක්කු පරිසරයක ජීවත්වන කෙනෙක් කියල. කාලෙකට පසුවයි චිත්රිපටයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම හරිම ආශාවෙන් ‘වීර්යා’ චිත්රුපටයේ රඟපෑවා.
ඔබ මේ වනවිට චිත්රයපට කීයක රඟපාල තියෙනවාද?
චිත්ර පට 6 ක මේ වනවිට රඟපාල තියෙනව. ඒ, පෙම් කැකුළ, මගේ වම් අත, සෙව්වන්දි, නිලම්බරේ, සදාකල් ඔබ මගේ සහ වීර්යා කියන චිත්රනපට.
මේ දවස්වල ඔබ මොනවගේ වැඩවලට ද සම්බන්ධ වෙලා ඉන්නේ?
රිදී සිත්තම්, අහස් ගව්ව, ඇන්ඩ් කොම්පැනි කියන ටෙලිනාට්යශවල රූපගත කිරීම්වලට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නව.
‘ඇන්ඩ් කොම්පැනි’ සාමාන්යර ආකාරයේ ටෙලිනාට්යලයක් නෙමෙයි නේද?
ඔව්. ඒක හාස්ය’ මුසු වුණු කාලීන දේශපාලනික තේමාවක් ඔස්සේ රචනා වන ටෙලිනාට්යියක්. සාමාන්යන ටෙලිනාට්ය  නොබලන විවිධ බුද්ධි මට්ටම්වල විවිධ වයස් මට්ටම්වල ප්රේනක්ෂකයින් මේ ටෙලිනාට්ය  නරඹනවා. මෙහි මම රඟපාන්නේ දේශපාලන චරිතයක් නෙමෙයි. මම නියෝජනය කරන්නෙ රටේ සාමාන්ය් මහජනතාව. මේ ටෙලිනාට්යතයට විශාල ප්රසතිචාර ප්රයමාණයක් ලැබෙනවා.
ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමැති නැති ද?
අපොයි නෑ. දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ කොහෙත්ම කැමැත්තක් නෑ.
හාස්ය  රංගන ශිල්පිනියන් ලංකාවේ අඩුයි. ඒ නිසා ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඔබේ අදහසක් නැතිද?
හාස්ය  රංගන ශිල්පීන් ශිල්පිනියන් අඩුවෙන්න හේතුව තමයි ඒ රංගනයේ ඇති අපහසු බව. කෙනෙක් හිනස්සන එක හරිම අමාරු වැඩක්. මර්සි එදිරිසිංහ මහත්මියගෙන් පසුව හාස්යය රංගන ශිල්පිනියන් බිහිවී නෑ. හාස්යව රංගනය අපට පුරුදු වෙලා කරන්න බැහැ. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ඉතින් එවැනි රංගනයක් කරන්න මට පුළුවන් කියල මම හිතන්නේ නෑ. හාස්යැ රංගනයෙන් ප්රේනක්ෂකයින් සිනහ ගැන්වීම ලොකු පිනක්.
ඔබට බොහෝ විට රඟපාන්න ලැබෙන්නේ නපුරු චරිත නේද?
ඔව්. මේ වනතෙක් මට ලැබිල තියෙන ගොඩක් චරිත නපුරු චරිත. මම ඒ චරිත මගේ උපරිම කැපවීමෙන් කළා. ඒවාට හොඳ ප්රිතිචාර ලැබුණා. අහිංසක චරිතයකට වඩා නපුරු චරිතයක කරන්න දේවල් තියෙනවා. ඒ චරිත මගේ රංගන හැකියාව පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා කියලයි මම හිතන්නේ.
ඇත්තම අංජුලා නපුරු ද?
අපෝ නෑ. සාමාන්යර ජීවිතයේ දී මම නපුරු කෙනෙක් නෙමෙයි. හැබැයි මට කවුරු හරි වැරැද්දක් කළොත් මට තරහ යනවා.
ඔබ රංගනයට යොමු නොවුණා නම් කවුරු වේවිද?
අනේ මන්දා. පුංචිම කාලෙ මම ආසා කළේ වෛද්ය වරියක් වෙන්න. ඊට පසුව මම ආසා කළේ නීතිඥවරියක් වෙන්න. ඊටත් පස්සෙ සංගීත අංශයට යොමුවෙන්න මම ආසා කළා. නමුත් අද මම රංගන ශිල්පිනියක්.
මේ වනවිට ඔබේ රංගන හැකියාව පෙන්වන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවාද?
මම රංගනයට ඇවිත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා. ඒ කාලය තුළ මම විවිධ චරිත රඟපෑවා. කිසියම් නිර්මාණයකට දායක වෙද්දී ඒ චරිතය ලොකු ද, පොඩි ද, කොට ද, දිග ද කියල බලන්නේ නැහැ. මට යමක් කරන්න තියෙනවා නම් මම ඒ චරිතය බාර ගන්නවා. මම රඟපාල තියෙන සෑම චරිතයක් ම උපරිම කැපවීමෙන් රඟපාල තියෙනවා. රංගනයේදී ලබන අත්දැකීම් එක්ක ඉදිරියේදී මීටත් වඩා හොඳ රංගනයන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයි කියල මම හිතනවා.
දැන් ඉතින් කළ වයසත් හරි නේද?
ඒක නම් ඉතින් එහෙම තමා. මම තාම විවාහය ගැන හිතල නෑ. තාම සුදුසු කෙනෙක් සොයාගෙන නෑ.
ගාමිණී සුසන්ත
ඡායාරූපය - ඉන්දික මල්ලවආරච්චි

About the Author

Posted by gossip lanka live on 3:47 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:47 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Anjula rajapaksha අහිංසක චරිතයකට වඩා නපුරු චරිතයක කරන්න දේවල් තියෙනවා."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.