Published On:
Posted by gossip lanka live
Chat With Anusha damayanthi
සුදුසු කෙනෙක් හමුවුණොත් විවාහ වෙනවා
අනූෂා දමයන්ති
කොහොමද
අනූෂා,
මොනවද
මේ දවස්වල කරන කලා කටයුතු?
මේ දවස්වල
නර්තන පුහුණුවීම්වල යෙදිල ඉන්නව. ඒ; ළඟදිම පැවැත්වෙන විදේශීය සංචාර කීපයකට සහභාගිවෙන්න තිබෙන නිසා.
පසුගිය දිනවල මම ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ රූපගතකිරීම්වලට සහභාගි වුණා. එහි අධ්යක්ෂවරයා
සනත් අබේසේකර. ඒක දැවැන්ත සිනමා නිර්මාණයක්. එම චිත්‍රපටයේ මම නිරූපණය කළේ නාග රැජනගේ
චරිතය. මගේ රංගනයට නර්තනයකුත් ඇතුළත් වුණා. නාග ලෝකය කියන දේ පවතින බවට අදත් මිනිසුන්
තුළ විශ්වාසයක් තිබෙනවා. මෙම චිත්‍රපටයේ රඟපාන්න ලැබීම මම ලද භාග්‍යයක්.
ඔව්. මම එහිදී
සැබෑ නාගයකුත් වේදිකාවට ගෙනාවා. ‘නාගීනා’ නර්තනය ඩාන්සින් ස්ටාර් තරගය දිනන්න මට
උපකාරී වුණා කියල මම හිතනව. සමහර විට මගේ ඒ නර්තනය හිතේ තිබුණු නිසා වෙන්න ඕන සනත්
අබේසේකර මහතා මට ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයට ආරාධනය කළේ. හැබැයි, මේ චිත්‍රපටයේ නර්තනය ‘නාගීනා’ නර්තනයට වඩා සංයමයෙන් ඉදිරිපත් කළ යුතු වුණා. දළදා වහන්සේ වන්දනා
කරන ආකාරයට තමයි මේ නර්තනය ඉදිරිපත් කළේ. මෙම චිත්‍රපටයට අමතරව රොජර් සෙනවිරත්න
නිෂ්පාදනය කරන නාලක වෙදමුල්ල අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයටත් සූදානම් වෙනවා.
එහි වලව්වක ජීවත්වන චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඒ වගේම තවත් දැවැන්ත චිත්‍රපටයකට
මේ දිනවල සූදානම් වෙනවා. එය සටන් කලාව ආශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපටයක්. ඒ
සඳහා සටන් කලාව පිළිබඳවත් මම මේ දිනවල ඉගෙන ගන්නවා.
‘සිරි
දළදා ගමන’
චිත්‍රපටයේ
රඟපාන්න අවස්ථාව ලැබීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
මම බෞද්ධයෙක්.
දළදා හාමුදුරුවො තමයි අපේ මුදුන්මල්කඩ. දළදා වහන්සේ ගැන නිර්මාණ රාශියක්
බිහිකරන්න පුළුවනි. මෙවැනි චිත්‍රපටයක් ලංකාවේ නිර්මාණය වීමත් ඉතාම වැදගත්. එහි චරිතයක්
නිරූපණය කරන්න මමත් වාසනාවන්ත වුණා. මෙහි නාග රැජනගේ නර්තනය නිර්මාණය කළේ චන්දන වික්‍රමසිංහ
විසින්. මගේ නර්තනය රූපගත කරපු වෙලාවෙ එතන සිටි අය කිව්ව ඇත්තටම ඒ වෙලාවෙ එතැන හාස්කමක් සිදුවන
බව ඔවුනට දැනුණු බව.
ඉතිහාසය
සහ ආගම සම්බන්ධ නිර්මාණ රැල්ලක් දැන් බිහිවෙමින් තිබෙනවා...?
ඒක රැල්ලක්
වුණත් ඒක ඉතාම හොඳ දෙයක්නෙ. මෙවැනි තේමා ඔස්සේ නිර්මාණය වන්නේ දැැවන්ත කෘති. ගැඹුරක්
ඇති කෘති. මෙවැනි නිර්මාණ බිහිකිරීම මඟින් ආගම ඉතිහාසය ගැන හොඳ අවබෝධයක්
ජනතාවට ලැබෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්.
ඔබ
ආගමට ළැදිද?
මම මගේ ආගමට
ගොඩක් ළැදියි. ඒ වගේම මම සරස්වතී මෑණියන්වත් අදහනවා. ආගම දහමට අනුව ජීවත්වෙන්න මම
හැමවිටම උත්සාහ කරනවා.
නර්තන
ප්‍රසංගයක් කිරීමේ ඔබේ ආශාව ඉටුවන්නේ කවදාද?
”ඩාන්සින්
ස්ටාර් ඩාන්ස්’ තරගයෙන් මම
ජයගත්තට පසුව බොහෝ දෙනෙක් මට කිව්ව නර්තන ප්‍රසංගයක් පවත්වන්න කියල. නමුත් මට
තාම ඒක කරගන්න ලැබුණේ නෑ. මම මේ දවස්වල සිටින කාර්ය බහුලත්වය නිසා මගේ ඒ ආශාව
ටිකින් ටික කල්දමන්න සිදුවුණා.
හැබැයි මේ
අවුරුද්ද අවසානයේ හරි ලබන අවුරුද්දේ මුල හරි මට මගේ නර්තන ප්‍රසංගය පවත්වනවාමයි.
නිවේදන
කටයුතුවලින් දැන් බැහැර වෙලාද?
ස්වර්ණවාහිනියේ
‘ඩාන්සින්
ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ තමයි
මම නිවේදිකාවක් ලෙස කටයුතු කළේ. ඒ සඳහා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදීත් එවැනි
වැඩසටහනකට ආරාධනයක් ලැබුණොත් මම
සතුටින් බාරගන්නවා.
කලාකරුවන්
පිළිබඳව වෙබ් අඩවිවල පළවන ඕපාදූප ගැන ඔබ දකින්නේ කොහොමද?
ඔවැනි දේවල්
තාක්ෂණයේ දියුණුව සමඟ ඇතිවුණු නරක දේවල්. ඒවා නවත්වන්න අපිට බැහැ. කලාකරුවන්
විදියට තමන්ගේ වටිනාකම දැනගෙන කටයුතු කරනවා නම් ඕපාදූප නිර්මාණය වෙන විදියට
හැසිරෙන්නේ නැතිනම් ඔය වෙබ් අඩවිවල පළවෙන්න දේවල් ඉතිරි වෙන්නෙ නැහැනෙ. ඒ නිසා තමන්
පරිස්සම් වීමයි වඩා වැදගත්. ඒ වගේම ඇතැම් අය තමන්ගේ ජනප්‍රියත්වය සඳහාත් මේ වෙබ් අඩවි
පාවිච්චි කරන බව පේනවා.
ඔබ
සොයන සහකරු තවම හමුවුණේ නැතිද?
ඔව් තවම
හමුවුණේ නෑ. විවාහවෙන්න ඕන නිසා මම විවාහවෙන්නෙ නෑ. මම විවාහ වෙන්නෙ ඔහුත් එක්ක ජීවිත
කාලයම එකට ඉන්න බලාගෙනයි. අපේ පවුලේ අය තදින්ම කේන්දර විශ්වාස කරනවා. ඒ ගැලපීම් අනුව
සුදුසු කෙනෙක් හමුවුණොත් විවාහ වෙනවා.
ගාමිණී සුසන්ත
ඡායාරූප
ටෙනිසන් එදිරිසිංහ
ටෙනිසන් එදිරිසිංහ
source - Silumina.lk