Published On:
Posted by gossip lanka live

john abraham bipasha basu love story


බිපාෂාට ජෝන් ගෙන් දැඩි බලපෑම්

 
සරාගී නිළි බිපාෂා බාසු, තමන්ගෙන් වෙන්ව ගිය ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම්ට දොස් පැවරූ බව ඔබට මතක ඇති.
ඇය එදා කියා සිටියේ තමන්ගේ මව, ජෝන් වැනි අයෙකු තම සැමියා වනු දකින්නට අකමැති බවයි. දැන් හෙළි වී ඇත්තේ ජෝන් වංචාකාරයෙකු යැයි ද බිපාෂා චෝදනා කර ඇති බවයි.
දැන් මේ කතා සියල්ලම ජෝන්ට දැනගන්න ලැබිලා. ඒ නිසා ඔහු බිපාෂා ගැන දැඩි කෝපයකින් පසුවනවාය කියලයි ආරංචි. මේ දිනවල රූපගත වෙමින් තිබෙන ෂූට් අවුට් ඇට් වාඩාලාචිත්‍රපටයේ රඟන බිපාෂාව වහාම එයින් ඉවත් කරන්නැයි ජෝන් එහි අධ්‍යක්ෂවරයා ගෙන් ඉල්ලා සිටි බවටත් ආරංචි පැතිරී ගොස් තිබෙනවා.
මේ චිත්‍රපටයේ බිපාෂා රඟපාන්නේ මනෝජ් භජ්ජායි ගේ පෙම්වතිය හැටියටයි. ඇය සහ ජෝන් එකට රඟපාන්නේ විනාඩි කිහිපයක දර්ශනයක විතරයි. බිපාෂා රඟපාන්නේ චිත්‍රා නම් වූ යුවතියකගේ චරිතයක්. මනෝජ්ගේ චරිතය සබීර් නම් වූ තරුණයෙක්.
ජෝන් නිරූපණය කරන්නේ මන්යා සුර්වි නම් වූ පාතාල නායකයෙකුගේ චරිතයක්. ජෝන්, මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට හවුල් වන සන්ජේ ගුප්තා, ඒක්තා කපූර් සහ ශෝභා කපූර් ගෙන් නැවත නැවතත් ඉල්ලා ඇත්තේ වහාම බිපාෂාව ඉවත් කරන ලෙසයි.
නමුත් තවමත් ජෝන් ගේ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලැබී නැති බවයි පැවසෙන්නේ. මේ පිළිබඳව අදහස් දැක්වූ චිත්‍රපට කණ්ඩායමේ සාමාජිකයෙකු පැවසුවේ බිපාෂා සහ ජෝන් අතර යම්කිසි ගැටුමක් සිදුවෙමින් පවතිනු තමන්ට ද දැනගන්නට ලැබුණු බවයි.
මේ අතර ඇතැම් සිනමා ලේඛකයන් බිපාෂා සහ ජෝන් ගෙන් ඉල්ලා ඇත්තේ තම තමන්ගේ කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදා ගැනීමෙන් වළකින ලෙසයි.

About the Author

Posted by gossip lanka live on 8:49 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 8:49 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "john abraham bipasha basu love story"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.