Published On:
Posted by gossip lanka live

Chat With luxman radavana

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...!

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බැහැ එතුළ ඇත්තෙම දුකක්

හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නැහැ වැරැදිකාරියේ ඉතින්

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමටද
මං ආයෙ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නෙ නැහැ කඳුළු පූජා කර


පද රචනය – ලක්ෂ්මන් රදාවාන

සංගීතය සහ ගායනය - රොෂාන් ප්‍රනාන්දු


ලක්ෂ්මන් රදාවාන

”මා පද රචනය කළ ගීත රැසක්ම අද ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකාවලින් ප්‍රචාරය වෙනවා. ඒ වගේම දුරකතන සඳහා රිංගින් ටෝන්ස් ලෙසත් මං ලියපු ගීත ගණනාවක් යොදාගෙන තිබෙනවා. ඒත් ඒවාට මා හට ලැබිය යුතු කර්තෘභාග කිසිම ආයතනයකින් ලැබෙන්නේ නැහැ. ඉස්සර නම් ගීතයක් ලබාගන්නා විට ගෙවීමක් පද රචකයාට කළා. රොෂාන් ප්‍රනාන්දු හැර අනෙකුත් ශිල්පීන් ගෙවීම් කරන්නේ අපි කිහිප වරක් සිහිපත් කළෝතින් තමයි. ගී පද රචකයා එලෙසින් යාචකයෙක් විය යුතු ද?”

’ගී මිහිර’ ගෙනෙන්නට එක්වෙමින් ගී පද රචක ලක්ෂ්මන් රදාවාන මුලින්ම සඳහන් කළේ වර්තමානයේ දී ගී පද රචකයින් බොහෝ දෙනෙකු හට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුවක් පිළිබඳවය. “මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්” (ලක්ෂ්මන් හිල්මි ) – “වලා යහනේ සඳ සැතපෙන යාමේ” (රොෂාන් ප්‍රනාන්දු) – “නිල් අහස් තලේ රන් ඉරමල” (ශානිකා වනිගසේකර) – “මගෙ අනංගයා” (සුප්‍රියා අබේසේකර) වැනි ජනප්‍රිය ගීත ගණනාවක පදමාලා හිමිකරු ලක්ෂ්මන් ය. මේ දිනවල නිතරම ඇහෙන “දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්” ගීතය නිර්මාණය වූ අයුරු ලක්ෂ්මන් අප සමඟ පැවසුවේ මෙලෙසින් ය.

”ආදරයේ වේදනාව උරුම කරගත්තු ප්‍රේමවන්තයකුගේ අතීතාවර්ජනයක් මේ ගීතයේ සංකල්පනාවට ඇතුළත් වෙන්නේ. රූපවාහිනී නාට්‍ය, පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති, කවි නිසදැස් සහ කතාංගවල චරිත ඇසුරෙන් කාලයක් පුරාම මගේ හිතේ මේ සංකල්පනාව වරින් වර ඇති වෙමින් නැති වෙමින් පැවතුණා. ඒ අතර මගේ අජිත් නම් මිතුරෙකුට මේ හා සමාන අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුණා. යළි කවදාවත්ම පෑහෙන්න බැරි විදිහටම ඔහුට ඔහුගේ පෙම්වතියගෙන් වෙන් වීමට සිදුවී තිබුණා. ඔහු ඒ වින්ද දුකට සීමාවක් තිබුණා යයි මම හිතන්නේ නැහැ. මිතුරු අපි කවුරු දැනගෙන උන්නත් ඒ දුක් කන්දරාව ඔහුගේ ඇස් දෙක තරමට දන්න වෙන කවුරුවත්ම නැති වග ඔහුගේ ඇස් දෙකෙන්ම මං දැක්කම මටත් නොදැනීම මේ ගීතයේ පද බැඳුණා.”

”අපිට එදනෙදා ජීවිතයේ කියවන්න, දකින්න, අහන්න සහ අත්දකින්න ලැබෙන සිදුවීම් අතරේ සංවේදී හිතකට මෙවැනි සංකල්පනා අනන්තවත් තිබෙනවා. බොහෝ විට ප්‍රේමවන්තියන්ගේ දුක දැක සංවේදී වන නමුත් ප්‍රේමවන්තයෙකුගේ දුක දැක සංවේදී වෙන නිර්මාණකරුවන් විරලයි. එවැනි විරල අවස්ථාවක් ලෙස මගේ මිතුරාගේ දුක මට හැඟුණු මේ ගී සංකල්පනාව මම දකිනවා. ආදරයේ දුක උරුම වර්තමාන පෙම්වතුන්ගේ අවශ්‍යතාවයක් මේ ගීතයෙන් ඉටු වී ඇති නිසා දවසින් දවස මේ ගීතයට රසික රසිකාවියන් වඩ වඩාත් සමීප වන බවක් මට හැඟෙනවා.”

ජෝජ් රොබ්සන් ද සිල්වා

About the Author

Posted by gossip lanka live on 7:09 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:09 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With luxman radavana"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.