Published On:
Posted by gossip lanka live
piumi purasinghe Wedding මම විවාහ ගිවිස ගත්තා
මම විවාහ ගිවිස ගත්තා
පියුමි පුරසිංහ
පුංචි තිරයේ වෙළෙඳ දැන්වීම් කීපයකින්ම අප හමුවට එන යොවුන් රංගන ශිල්පිනී පියුමි පුරසිංහ මේ වනවිට ටෙලිනාට්‍ය ගණනාවකට සහ චිත්‍රපට කීපයකට තම රංගන දායකත්වය ලබාදී ඇත. මේ දිනවල විකාශය වන “ආදරියේ” සහ “ආදරෙයි අහස තරම්” ටෙලිනාට්‍යවල පියුමිගේ රංගනයන් අපට දැකගත හැකිය.
පසුගිය මාර්තු 24 වැනිදා උදෑසන අප ඇයට ඇමතුවේ “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට ඇය එක්කර ගැනීම සඳහාය. එදින ඇය විවාහ ගිවිස ගන්නා දිනය විය. එදින ඇය කෙතරම් කාර්ය බහුල වුණද “රසඳුන” හා කතා බහට ඇය එක්වූයේ ඉතා කැමැත්තෙනි.
පියුමි මොනවද ඔබ මේ දිනවල නිරත වෙලා ඉන්න කලා කටයුතු?”ආදරෙයි අහස තරම්”, “ආදරියේ” කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට මේ දවස්වල සහභාගි වෙනවා. මම රඟපෑ ටෙලිනාට්‍ය කීපයක්ම ඉදිරියේදී විකාශය වේවි.
සිනමාවට ඔබේ දායකත්වය තරමක් අඩුයි නේද?
”මේ වනවිට මම චිත්‍රපට 3 කට සහභාගී වෙලා තියෙනව. තුෂාරා, වැඩබැරි ටාසන් I සහ II ඒ චිත්‍රපට 3 යි.
ඔබේ පළමු රංගනය ඇතුළත් වුණේ...?
”මම ටෙලිනාට්‍ය රංගනයට එන්න පෙර රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලට සහභාගි වුණා. මගේ පළමු රංගනය ඇතුළත් වුණේ “නිලංජනා” ටෙලිනාට්‍යයේ.
වෙළෙඳ දැන්වීමක රංගනයත් ටෙලිනාට්‍යයක රංගනයත් අතර ඔබ දකින වෙනස..
”වෙළෙඳ දැන්වීමක් කියන්නෙ ඉතා සුළු කාලයක් ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන නිර්මාණයක්. ඒ වුණත් ඒ රංගනයත් හරියටම කරන්න ඕන. ටෙලිනාට්‍යයක රඟපෑමේදී ඒ චරිතයේ රිද්මය, ස්වභාවය ටෙලිනාට්‍ය පුරාම රැකගන්න ඕන. ඒක ඉතාම අසීරු දෙයක්.”
නිළියක් වීම ඔබේ බලාපොරොත්තු ඉටුවීමක්ද?
”නැහැ. රංගනයට එන්න කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. ඒක අහම්බෙන් සිදුවූ දෙයක්. නමුත් ක්ෂේත්‍රයට ආවට පසුව රඟපාන්න මට ආශා හිතුණා. ඒ නිසා දිගටම රංගනයේ හිටියා.”
නිළියක් නොවුණා නම් ඔබ...?
”ව්‍යාපාරිකාවක්. දැනුත් මම කැමැති ව්‍යාපාරයක් කරන්න. බොහෝදුරට ඒ ව්‍යාපාර කටයුත්ත ළඟදීම පටන්ගන්න හැකිවේවි.”
මොනවගේ ව්‍යාපාරයක් ද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
”මෝස්තර නිර්මාණය සහ ඇඳුම් නිර්මාණය තමයි මගේ ව්‍යාපාරය. මම ඉතාම කැමැතියි ඒ ක්ෂේත්‍රයට. ඒ පිළිබඳව මම හදාරල තියෙනවා.”
ඔබ ළඟදීම විවාහ වෙන්න යන බව ආරංචි වුණා?
”විවාහ උත්සවය දැන්ම ගන්න බලාපොරොත්තුවක් නෑ. ඒක 2013 අවුරුද්දෙ ගන්නයි බලාපොරොත්තුව. අද (24) මා විවාහ ගිවිසගත්තා.”
කවුද ඔබේ අත ගත්තෙ...?
”ඔහු රෙමී රාජ්ලාල්. ඔහු ව්‍යාපාරිකයෙක්. අවුරුදු කීපයක දැන හැඳුනුම්කමකින් පසුවයි අපි විවාහ ගිවිසගත්තෙ.”
විවාහයෙන් පසුව ඔබ රංගනයෙන් ඉවත් වෙනවද?
”විවාහයෙන් පසුව මම මූලිකත්වය දෙන්නෙ මගේ විවාහ ජීවිතයට. ඉන්පසුව රංගනයේ ඉන්නවද එයින් ඉවත් වෙනවද කියල තවම හරියට තීරණය කරල නෑ. ගොඩක් දුරට වසරකට නිර්මාණ දෙක තුනකට පමණක් දායක වේවි.
රාජලාල්ව ඔබට හමුවුණේ කොහොමද?
”ඔහු මට හඳුනාගන්න ලැබුණේ මගේ මිතුරියකගේ සාදයකදී. ඒ අවස්ථාවෙදි ඇතිවුණු හිතවත්කම ප්‍රේමයකට හැරුණා. ඒ විදියටයි අපි දෙන්නා ළංවුණේ.”
ඔහු ඔබේ ජීවන සහකරුවා කරගන්න තරම් ඔහු තුළ තිබුණු සුවිශේෂතා?
”ඔහු මට ගොඩක් ආදරෙයි. ඒ වගේම මාව හොඳින් තේරුම් ගැනීමේ හැකියාව ඔහුට තියෙනව. ඔහුත් සමඟ ඕනෑම දෙයක් පිළිබඳ කතාබහ කරල විසඳුමකට එන්න පුළුවන්. අනෙක් වැදගත්ම දේ තමයි ඔහු මා කෙරෙහි තබා තිබෙන විශ්වාසය. රංගන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් සමඟ සිදුවන විවාහය ලොකු විශ්වාසයක් මත සිදුවිය යුතුයි කියලයි මම හිතන්නේ. මා කෙරෙහි හොඳ විශ්වාසයක් ඔහුට තියෙනව. මේවා තමයි ඔහු මගේ ස්වාමියා කරගන්න හේතු වුණු කරුණු.”
ඔබේ සැමියා ඔබ රඟපානවට අකැමැතිද?
”අකැමැත්තක් නෑ. නමුත් මම ගොඩක් කාර්යබහුල වෙනවට ඔහු කැමැති නෑ.”
වෘත්තීය වශයෙන් රංගනයේ යෙදෙන්න පුළුවන් කියා ඔබ සිතනවද?
”අපේ රටේ වෘත්තීය වශයෙන් රංගනය තෝරාගන්න බොහෝවිට අමාරුයි. හැබැයි වෘත්තීය නළු නිළියන් පිරිසකුත් ඉන්නව. ඒකට සුවිශේෂී හැකියාවකුත් වාසනාවකුත් තියෙන්න ඕන. පෞද්ගලිකව මම නම් වෘත්තීය නිළියක් වෙන්න කැමැති නෑ. වෘත්තීය වශයෙන් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නයි මම කැමැති.”
ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
”මගෙ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනව ඒකට. හැබැයි ඒකට තව අවුරුදු දෙක තුනක් විතර ගත වේවි. අද විශාල වශයෙන් ටෙලිනාට්‍ය හැදෙනව. ඒ අතරේ තවත් ටෙලිනාට්‍යයක් කිරීම අවදානම් සහිත වැඩක්.”
නළු නිළියන් සහ ජනපි‍්‍රය පුද්ගලයින් පිළිබඳව වෙබ් අඩවිවල පළවන දේවල් පිළිබඳ ඔබේ අදහස..?
”ඔය වෙබ් අඩවි පවත්වාගෙන යන අය ඒවා පවත්වා ගෙන යන්නෙ ඒවට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්න ජනපි‍්‍රය පුද්ගලයින් පිළිබඳ පුංචි දේවල් විශාල කරල ගොතල මවල දාලා. අපි ඒවට කලබල වෙන්න නරකයි. ඇතැම්විට ඒ පළවන දේවල්වල පුංචි ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනෙ.”
මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු...?
”මම විශ්වාස කරනව ඉදිරියටත් කලාවේ රැඳිල ඉන්න මට පුළුවන් වේවි කියලා. ඒ මොකද මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් නිසා කලාව දාල යන්න මට අමාරුයි.






