Published On:
Posted by gossip lanka live

Chat With lahiru warnakulasooriya


‘ශ්‍රී ලංකන් ලයිෆ්’ වෙතින් සංගීත ලොව ජයගත් ළහිරු වර්ණකුලසූරිය


කලා ලොවට දිනෙන් දින නවක තරු එක්වෙයි. එවන් තරුවක් වූ ළහිරු වර්ණකුලසූරිය ද නවක ගායන ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රතයට එක් වූවෙකි. ඒ 2009 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘ශ්‍රී ලංකන් ලයිෆ්’ වැඩසටහන ඔස්සේ එහි හොඳම ගායකයන් දෙදෙනා අතරට එක් වෙමිනි. ළහිරු අද වනවිට ගායන ක්ෂේත්‍රයේ තමාටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට වෙහෙසෙමින් සිටියි.
මම තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සංගීතය හැදෑරුවා. මට ගුරුවරුන් වුණේ ෂර්ලි වෛජයන්ත, නිහාල් ගම්හේවා වැනි සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ගුරුවරුන්. ඔවුන්ගෙන් සංගීතය හදාරන්නට, ලැබීම මා ලද වාසනාවක් ලෙසයි මම සලකන්නේ. ඊට අමතරව අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ පදනමට සම්බන්ධ වෙලා.
එහි කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. මේ ලැබූ අත්දැකීම් ඔස්සේ මම පළමු වැනි ගීතය ලෙස ‘වලාරොදක්’ ගීතය රූප රචනය කරමින් ගායනා කළා. එය බොහෝ රූපවාහිනි නාළිකාවල විකාශනය වුණා. මා ගායනා කළ ‘අනන්ත අහස’ ‘මල් වැස්සක සුවඳ අරන්’ වැනි ගීත ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වෙනවා. මේ අතරින් ලොකු වෙනසක් කළ ගීතයක් තමයි ‘ඈ එදා’ ගීතය. මෙය මම ගායනා කළ වෙනස්ම ආරක ගීතයක්.
ළහිරුගේ නවතම ගීත ඇතුළත් ‘සීඩී’ තැටියක් මේ වනවිට එළිදක්වා ඇත. ‘යූ ටියුබ්’ වල Lahiru Warnakula@Gmail.com වෙබ් අඩවිය හරහා ද ළහිරු ගේ ගීත ශ්‍රවණය කිරීමට පුළුවන.
ළහිරු සංගීතය මෙන් ම තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද දක්වන්නේ උනන්දුවක්. ඔහු මේ වනවිට රුසියාවේ මස්කි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරයි.

Ae Eda Song By Lahiru Warnakulasuriya

About the Author

Posted by gossip lanka live on 6:59 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:59 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With lahiru warnakulasooriya"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.