Published On:
Posted by gossip lanka live

Maname Movie By jackson anthony ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් ‘මනමෙ’ සිනමාවට නැඟේ



පිරිත් සජ්ඣායනය කරමින්
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සිය දෙවැනි සිනමා කෘතිය වූ ‘අබා’ චිත්‍රපටයෙන් පසු නවතම සිනමා අධ්‍යක්ෂණයට පසුගියදා මුල පිරුවේ ය. ජැක්සන් සිය තෙවැනි සිනමා කෘතිය සඳහා පාදක කොට ගන්නේ ප්‍රකට ‘මනමෙ’ පුරාවෘත්තයයි.
‘මනමෙ’ කතා තේමාව ඇතුළත් වන්නේ ජාතක කතා සංග්‍රහයේ චුල්ල ධනුද්ධර ජාතකයෙහිය. එහෙත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘මනමෙ’ නාට්‍යය නිර්මාණය කළේ මනමෙ සින්දු නාඩගම ඇසුරිනි. චුල්ල ධනුද්ධර ජාතකයේත්, මනමේ නාඩගමේත් මනමේ කෝලමේත් හමුවන මනමෙ කුමරිය ඉතා නුගුණ ගති ඇත්තියක් වුවත් මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ නාටකයේදී මේ අදහස වෙනස් කළේ ය.
ඔහු ‘මනමෙ’ කුමරිය දෙස බැලුවේ සුබවාදී ස්ත්‍රී දර්ශනයකි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මේ සුබවාදී ස්ත්‍රී දර්ශනය ඔස්සේ චුල්ල ධනුද්ධර ජාතකය දෙස සිනමාත්මකව ආපසු හැරී බැලීමක් ලෙස ජැක්සන් සිය සිනමා ප්‍රයත්නය හඳුන්වයි.
ගිවිසුම් අස්සන් කරමින්
පසුගියදා හෙලන්කා ආයතනයේ පැවැත්වූ චාම් උත්සවයකින් ‘මනමෙ’ සිනමා කෘතියේ ආරම්භය සනිටුහන් කෙරිණි. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඇරඹුණු මේ උලෙළට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දයාබර බිරිය වන ලලිතා සරච්චන්ද්‍ර මැතිනියය.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් තම දරුවෙකුට මේ බාරධූර කටයුත්ත පැවරුවා සේ ඉතාම ගෞරවනීය බලාපොරොත්තුවකින් යුතුව තමන් ජැක්සන් ඇන්තනී වෙත ආශිර්වාද කරන බව ඇය පැවසුවා ය. චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත නිෂ්පාදන කළමනාකාර අශෝක ආරියරත්න, ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා සහ ජයන්ත ජයලත් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
පොල්තෙල් පහන දල්වමින්
මෙම සතිය ඇතුළත ‘මනමෙ’ චිත්‍රපටයේ මූලික පූර්ව නිෂ්පාදන වැඩකටයුතු ආරම්භ වන අතර එය මෙම වසර අවසන් වීමට පෙර රූපගත කොට නිම කරනු ඇත. ‘මනමෙ’ නිෂ්පාදනය කරනු ලබන්නේ රියල් ඉමේජ් ප්‍රයිවට් ලිමිටඩ් චිත්‍රපට සමාගම වෙනුවෙන් ආර්. සදේශ්කුමාර් සහ ශ්‍රීමතී සදේශ්කුමාර් ය.
 ඔවුන්ගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය වන ‘සුපර් සික්ස්’ චිත්‍රපටය. ‘කුස පබා’ චිත්‍රපටයෙන් පසු ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිත ය. ‘මනමෙ රියල් ඉමේජ් ප්‍රයිවට් ලිමිටඩ් චිත්‍රපට සමාගමේ සිවුවන චිත්‍රපටයය.
‘මනමෙ’ සිනමා නිර්මාණය සඳහා මේ වනවිටත් නළු නිළියන්, කාර්මික ශිල්පීන් තෝරා ගනිමින් පසුවන බවත් නුදුරු දිනකදීම ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යයට ඉදිරිපත් කරන බවත් ජැක්සන් ඇන්තනී පවසයි.


 

About the Author

Posted by gossip lanka live on 6:57 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:57 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Maname Movie By jackson anthony ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් ‘මනමෙ’ සිනමාවට නැඟේ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.