Published On:
Posted by gossip lanka live

Chat With Nethmi umaya සැර කෙනෙක් නෙවෙයි. ආඩම්බර කෙනෙකුත් නෙවෙයි.

 නෙත්මිගෙන් අහමු




මේ රුවන් මාලිගා හි පොඩ්ඩිය. ඉසිවර රණකෙළි හි කාශ්මීරාය. රුව තරමටම ඇගේ නම ද සුන්දරය. ඇය නෙත්මි උමායා අධිකාරිය.
වැඩිපුරම ජනප්‍රිය පොඩ්ඩි ද, කාශ්මීරාද?
මං හිතන්නේ ඒ චරිත දෙකටම මිනිස්සු එක වගේ ආදරෙයි.
ඉන් ගොඩක් ආසාවෙන්ම රඟපෑවේ?
කාශ්මීරා. ඒකට හේතුව කාශ්මීරාගේ ගතිගුණ මගේ සැබෑ ගති ගුණවලට සමානයි.
ඔබේ පියා ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධයි?
ඔව්. මගේ තාත්තා විමලරත්න අධිකාරි. ගජමන් නෝනා, සක්විත්තෝ, ඉංගම්මාරුව වැනි නාටය නිර්මාණය කළේ එයා.
ඔහු නිසා නේද ඔබ රංගනයට එන්නේ?
සත්තකින්ම.
පළමු නිර්මාණය? ගජමන් නෝනා.
කවුරු විදිහටද රඟපෑවේ?
එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. ගජමන් නෝනා ලෙස රඟපෑ වසන්ති චතුරානි ඇන්ටි අකුරු කියල දෙන කුඩා ළමයකුටයි මං හිටියේ.
ගජමන් නෝනාගෙන් පසුව?
ඉටු දෙව් විමන, තිසර පෙරළිය, අග පිපි මල්, දේව දරුවෝ ඇතුළු නාට්‍ය ගණනාවකම රඟපෑවා. ඒ ඉස්කෝලේ යන කාලේ.
පාසලෙන් තහංචි පැන වූයේ නැද්ද?
පුංචි කාලයේදී නම් නැහැ. ඒත් වැඩිහිටි පංතිවලට එද්දී ටිකක් බලපෑම් ආවා.
නෙත්මිව ගොඩක් ප්‍රේක්ෂකයෝ හඳුන ගත්තේ?
රුවන් මාළිගා නිසා. මේ වෙලාවේ එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක යන මහත්වරුන්ට තුති පුදන්න අවස්ථාවක් කර ගන්නවා.
දැන් නෙත්මිට වයස කීයද?
මං ඉපදුනේ 1990. 12. 27. වයස හදල බලන්න.
ඉගෙන ගත් විද්‍යාලය?
කොළඹ විශාකා.
ලග්නයත් කියමු?
ධනු.
ආදරවන්තයා?
ඔන්න වැරැදි ප්‍රශ්නයක් ඇහැව්වා. එහෙම කෙනෙක් නැතෝ.
කවදා හරි ඔබේ සහකරුවා මොන වගේ කෙනෙක් විය යුතුද?
අනිවාර්යයෙන්ම මගේ තාත්තාගේ සිරිත් සහ ගතිගුණවලින් හෙබි අයෙක් තමයි හොයන්නේ.
සිතට එන දේවල් කියන්නේ කාටද?
අම්මට මිසක් වෙන කාටද?
හොඳම යාළුවෙක් නැතිද?
පොඩි කාලේ ඉඳලා මට එහෙම කෙනෙක් හිටියේ නැහැ.
දිගටම රඟපාන්නද හිත?
අනේ නැහැ. මං ඉන්දියාවේ බැංග්ලෝර් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවල්වලයි රඟපෑවේ.
අනාගතයේ බලාපොරොත්තුව මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නද?
අන්න හරි. ඒක තමයි.
ඔබට එන මානසික ගැටලුවලට ඔබටම උපදෙස් ගන්න පුළුවන් ඔබගෙන්ම?
ආයෙත් අහලා.
කාලයක් වැඩිපුරම පිරිමි චරිත රඟපෑවලු?
ඒ ඉස්කෝලේ සමයේ. නාට්‍යයක් කළොත් ඉස්කෝලයේ පිරිමි ළමුයි නැති නිසා මං තමයි පිරිමි චරිත කරන්නේ. අවස්ථා කිහිපයකදීම හොඳම නළුවා හැටියට සම්මානත් රැගෙන තියනවා.
රංගනයට අමතරව ඇති හැකියාවන්?
ටිකක් විතර ගයන්න පුළුවන්. නූර්ති ගීතවලට තමයි ගොඩක් කැමැති.
ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?
සැර කෙනෙක් නෙවෙයි. ආඩම්බර කෙනෙකුත් නෙවෙයි.
ලිපිනය?
269/14,
හතරවැනි පටුමග,
පමුණුව පාර, මහරගම.

About the Author

Posted by gossip lanka live on 9:09 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:09 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Nethmi umaya සැර කෙනෙක් නෙවෙයි. ආඩම්බර කෙනෙකුත් නෙවෙයි."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.