Published On:
Posted by gossip lanka live

Chat with Shimalka Dineshi

නම? ශිමල්කා දිනේෂි බෝදරගම
මෑතක ලැබූ ජයග්‍රහණය? මිස් ඔබ්සර්වර්.
ලැබුණු ජයග්‍රහණ ගැන මොකද කියන්නේ?
සතුටුයි.
කොහොමද ක්ෂේත්‍රයට ආවේ?
මං නිරූපණ ක්ෂේත්‍රයට ආසයි. 2008 දී මොඩ්ලර් ඔෆ් ද නිව් ජෙනරේෂන්, ඇපරල් ක්වීන් වැනි තරගවලට සහභාගී වෙලා ජය ලැබුවා. ඔන්න ඔහොමයි මං ක්ෂේත්‍රයට පිවිසුනේ.
කොහෙද ගම් පළාත?
කළුබෝවිල.
උපන් දිනය?
1987 / මැයි / 07
පාසල?
සිරිමාවෝ බණ්ඩාරනායක, කොලඹ 07.
ලග්නය?
ෙම්ෂ.
වෘත්තිය?
මෝස්තර නිර්මාණකරණය. ඊට අමතරව ගුරුවරියක්.
ඒ කොහෙද?
මරදාන මහබෝධි විදුහල.
සැර වැර කරන ගුරුවරියක්ද?
අපෝ නැහැ. මං හොඳයි.
රඟපාන්න කැමැත්තක් නැද්ද?
තියනවා. හොඳ නිර්මාණයක. විශේෂයෙන් සිනමා පටයක.
රුව රැක ගන්න මොකද කරන්නේ?
මුකුත් කරන්නේ නැහැ.
බොරු කියන්න එපා?
මං කිව්වේ ඇත්ත.
ඔබ පොළවෙ පය ගසා ජීවත් වන කෙනෙක්ද?
ඔව්. මම සාමාන්‍ය කෙනෙක්.
ඒ කියන්නේ ඕන වෙලාවක බස් එකක වුණත් යන්න පුළුවන්.?
ඔව්. කිසිම ප්‍රශ්නයක් නැතිව.
සිතේ තියන දේවල් කියන්නේ කාත් එක්කද?
අක්කත් එක්ක.
ආදරය කරන්නේ මොන වගේ අයටද?
උදව් ඕන අයට.
ඔබේ රුව ගැන සෑහීමකට පත්වනවද?
අනිවාර්යයෙන්ම.
වැඩිපුරම පානය කරන්නේ?
වතුර.
දෙවියන් විසින් බලයක් දුන්නොත් යමක් වෙනස් කරන්න?
ඒ වරය ප්‍රතික්ෂේප කරනවා.
ඔබ වඩාත් ගරු කරන චරිතය?
අම්මා.
පෙම්වතා?
චන්දික සමරනායක.
ඔහු?
ඔරකල් ආයතනයේ කළාප වෙළඳ කළමනාකරුවෙක්.
චන්දිකගෙන් ඔබේ කටයුතුවලට ලැබෙන සහය?
ගොඩක් හොඳයි.
කෙනෙකු ඔබට අනවශ්‍ය අන්දමින් බලපෑමක් එල්ල කළොත්?
ඩෝන්ට් කෙයාර්.
කොට ඇඳුම් සහිත චරිතයක් අඩංගු සිනමා පටයකට ආරාධනා ලැබුණොත්?
පිටපත ගැන සලකලා බලලා යනවා.
පුංචි කාලයේ වැඩිපුරම කියවපු පොත?
හරි අපූරු ඉස්කෝලේ.
ලංකාවේ ඔබ දුටු දක්ෂතම ගායකයා?
දෙන්නෙක් ඉන්නවා. ඒ භාතිය, සන්තුෂ්.
ගායිකාව?
නන්දා මාලිනී.
දුර්වලම සිනමා නිර්මාණය?
ඒකට මට උත්තර දෙන්න අමාරුයි.
ටෙලි නාට්‍ය නරඹනවාද?
ඔව්.
අකැමැතිම ටෙලි නාට්‍ය?
යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවද?
ළඟින්ම ආශ්‍රය කරන්නේ යාළුවො 4 දෙනයි.
ඔබේ හොඳම යාළුවා දුරස් වෙන්න හැදුවොත්?
වළක්ව ගන්නවා.
මුදල්වලටද, මනුස්සයන්ටද මුල් තැන දෙන්නේ?
මනුස්සයන්ට.
වඩාත් කළකිරුණු දවස?
නැහැ.
ඔබ අගය කරන චිත්‍රපට තුනක්?
මහින්දාගමනය.
සුවඳ දැනුණා ජීවිතේ.
ආසයි මං පියාඹන්න.
ඔබ සතු වෙනත් දක්ෂතා?
මට හොඳට පීනන්න පුළුවන්.
ජීවිතයේ ආදර්ශ පාඨය?
මනුස්සයන්ව විනිශ්චය නොකර යුතුයි.
ලංකාව ගැන ඔබ පතන පැතුම?
ආර්ථික අතින් යහපත් වේවා.
පවුලේ තොරතුරු?
අක්කලා දෙන්නයි, අම්මයි, තාත්තයි.

ලිපිනය?

63/1,
විජය මංගලාරාම පාර,
ඇන්ඩර්සන් පාර,
කළුබෝවිල.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

මිත්‍රශීලී කෙනෙක්.

සේයාරූ - මාලන් කරුණාරත්න


About the Author

Posted by gossip lanka live on 9:05 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:05 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat with Shimalka Dineshi"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.