Published On:
Posted by gossip lanka live

Kumari munasinghe Talk About jackson anthony- Gossip Lanka News

කුමාරි මුණසිංහ

කුමාරි මුණසිංහ විදියට ඔබේ පවුල් පසුබිම ගැන සඳහන් කරනවද?
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අපි පදිංචිවෙලා හිටියේ ගණේමුල්ලේ. සාමාජිකයින් අටදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා මම. ගැහැනු හතර දෙනෙක් සහ පිරිමි හතරදෙනෙක් තමයි අපේ පවුලේ ඉන්නේ.
ඔබ ජැක්සන් ඇන්තනීව හඳුනාගන්නේ කොහොමද?
අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට තමයි මුලින්ම හඳුනාගත්තේ. ජැක්සන් උසස් පෙළ කලා පංතියේ හිටියේ. මම උසස්පෙළ විද්‍යා පන්තියේ හිටියේ. ඒ වුණාට පාසලේ නාට්‍ය වැඩසටහන්වලදී, සංගීත වැඩසටහන්වලදී අපි දෙන්නා නිතරම මුණ ගැසුණා. ඒ වුණාට ඒ කාලේ අපි දෙන්නා අතර ප්‍රේමයක් ගොඩනැගිලා තිබුණේ නෑ. ලොකු හිතවත්කමක් විතරයි තිබුණේ.
ඒ කාලේ හිටපු හිතවත් ජැක්සන්ගේ ගතිගුණ කොයි වගේද?
බොහොම කෙළිදෙලෙන් ජීවිතය ගෙනියපු කෙනෙක්. ඒ වුණාට අපේ පුංචි පුංචි ප්‍රශ්න සඳහා බුද්ධිමත් විසඳුම් ලබාදුන්න කෙනෙක් ඔහු. ඒ කාලේ ඉඳන්ම ලස්සන, උස, සුදු කෙනකුට මගේ ප්‍රේමය හිමිවෙන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ තිබුණෙ නෑ. ඊට එහා ගිය අමුතු ගති පැවතුම් තිබුණ කෙනෙක් ගැන තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම බලාපොරොත්තු වුණ ගති පැවතුම්වලට ලොකු සමීපතාවයක් ජැක්සන්ගේ ගති පැවතුම්වල තිබුණා. අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගේ ප්‍රශ්නවලදී උත්තර හොයන්න උදව් වුණා. ඒ හින්දා තමයි අපි දෙන්නටම දෙන්නා විශේෂ වුණේ.
ඔය දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ඇතිවුණේ කොහොමද?
අහවල් දවසේ කියලා දිනයක් කියන්න බෑ. සමීපව ඇසුරු කරනකොට ඉබේටම ඇතිවුණා. මම දවස් දෙක තුනක් දැක්කෙ නැත්නම් ජැක්සන් හොයලා බලනවා. ජැක්සන් කතා කළේ නැත්නම්, දැක්කේ නැත්නම් මම හොයනවා. ඔය වගේ අපි දෙන්නට දෙන්නා නැතුව බැරිව ගියා.
එතකොට ආදරය ප්‍රකාශ කළේම නැතිද?
අපි දෙන්නා යාළුවෝ විදියට සමීපව ඇසුරු කරත්දී ජැක්සන්ටත් වෙන ප්‍රේමවන්තියක් හිටියා. මටත් වෙන ප්‍රේමවන්තයෙක් හිටියා. අපි දෙන්නම මේ ප්‍රේමයෙන් බැට කාලා හිටියේ. අපි අතර වැඩිපුර කතා බහට ලක් වුණෙත් මේ ගැනමයි. අපි දෙන්නට දෙන්න මේ ප්‍රශ්න විසඳගන්න උදව් කර ගන්නකොට අපි දෙන්නම හිතුවා අපි දෙන්නා එකතු වුණොත් මේ ප්‍රශ්න ඉවරයිනේ කියලා.
ඊට පස්සෙ ඔය දෙන්නා ප්‍රේමවන්තයෝ වුණා. එහෙම නේද?
නෑ. තවදුරටත් යාළු මිත්‍රකම් පවත්වත්දී සම්බන්ධයක් නොමැතිවත් අපි දෙන්නට පද හැදෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි හිතුණේ එහෙම වුණාට වරදක් නෑ කියලා.
මේ ප්‍රේම සම්බන්ධයට මවුපිය ආශිර්වාදය ලැබුණද?
අපෝ නෑ. දෙපාර්ශ්වයෙන්ම දැඩි ලෙස විරෝධතා මතු වුණා. ජැක්සන් කතෝලික. මම බුද්ධාගමේ. නමුත් අපේ අප්පච්චි මේ සම්බන්ධය දිහා වෙනස් විදිහකට බැලුවා. මිශ්‍ර නොවුණු පවුල්වල විවාහයෙන් බුද්ධිමත් දරුවන් බිහිවෙනවා කියලා අපේ අප්පච්චි දැඩි ලෙස විශ්වාස කළා. ඒ නිසා අපේ සම්බන්ධයට අප්පච්චි යම් තරමක ළිහිල් ප්‍රතිපත්තියක් දරුවා.
විවාහයට මවුපිය කැමැත්ත ගත්තේ කොහොමද?
අපේ සම්බන්ධයට කොච්චර විරුද්ධ වුණත් අපි දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි වුණා. අපි ගෙදරට හොරෙන් කොහොම හරි මුණ ගැහුණා. අන්තිමේ අම්මල තාත්තල තීරණය කළා කොච්චර කිවුවත් මේක නවත්වන්නේ නැති නිසා කැමැත්ත දෙන්න. ඊට පස්සේ අපිට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබිලා විවාහ වුණා.
විවාහයෙන් පස්සෙ ජැක්සන් වෙනස් වුණාද?
විවාහවෙන්න කලින් තිබෙන ගතිගුණ ඒ විදියටම විවාහයෙන් පස්සෙත් පවත්වාගෙන යන්න කාටවත්ම බෑ. පවුල් බර දැනෙනකොට, දරු මල්ලො ලැබෙනකොට මේ වටපිටාව තුළ ඕනම මනුෂ්‍යයෙක් වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ කාටවත්ම එහෙම ඉන්න පුළුවන් කියලා. ඒ වුණත් පාටියකට වගේ ගිහින් ජැක්සන් ළිහිල් වෙච්ච ගමන් පරණ ජැක්සන් මතු වෙනවා.
ජැක්සන් වෙනත් නිළියන් එක්ක රඟපාද්දී ඔබට ඊර්ෂ්‍යා හිතෙනවද?
කවදාවත් නෑ. මම දන්නවා ඒක රඟපෑමක් විතරයි කියලා. මමත් නිළියක් විදියට වෙනත් කෙනකුට ප්‍රේම කරන විදියේ රංගනයන් කරන්න වෙලා තිබෙනවා. කලාවට සම්බන්ධ නැති කෙනෙක් වුණා නම් සමහරවිට මට එහෙම හිතෙන්න තිබුණා.
කලා ක්ෂේත්‍රයේ සිදුවන දේවල් ඔබ දෙදෙනා සාකච්ඡා කරනවද?
වෙලාවක් තිබුණොත් කතා කරනවා. ඒත් බොහෝවිට අපිට එහෙම කරන්න වෙලාවක් නෑ. සමහරදාට දෙන්නට දෙන්නා මුණ ගැහෙන්නෙත් නැති තරම්. මම නින්දට ගියාම ජැක්සන් එනවා. ආපහු උදේට උයලා පිහලා මම ඔෆිස් එනවා. අපි ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්.
ජැක්සන් සමඟ ගෙවන විවාහ ජීවිතේ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම. ජැක්සන් කියන්නේ මතු මතුත් මගේ ස්වාමියා ලෙසින් ප්‍රාර්ථනා කරන පුද්ගලයෙක්. ජැක්සන්ගේ වරදක් දකිනවා නම් මම දකින්නේ එයා දරුවන්ට අසීමිතව ආදරය කරන නිසා ඔවුන්ගේ වැරැදි බොහෝවිට වරදක් ලෙසින් දකින්නේ නැති එක විතරයි.
ජැක්සන් දඩබ්බර ගතිගුණ තිබෙන හිතුවක්කාර චරිතයක්ද?
නෑ. ඔහු දඩබ්බරත් නෑ. හිතුවක්කාරත් නෑ.
ජැක්සන් ඇන්තනි කියන පුද්ගලයාව ඔබ දකින්නේ කොහොමද?
ඔහු හරියට හඳුනාගත් ඕනම ගැහැනියක් ඒ වගේ පුරුෂයෙක් තමාගේ සැමියා කරගන්න කැමැතිවෙයි. එහෙම කැමැති වුණත් වැඩක් නෑ. එයා මගේයි.
හේමාලි විජේරත්න

Wasana Gene-Nissanka & Kumari Munasinghe

About the Author

Posted by gossip lanka live on 6:37 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:37 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for " Kumari munasinghe Talk About jackson anthony- Gossip Lanka News"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.