Published On:
Posted by gossip lanka live

අනුරාධපුරයට අයිස් වර්ෂාවක්

පසුගිය වසර 122ක ඉතිහාසයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 39.1 ක් පසුගිය සිකුරාදා (05) පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා.

පෙරේදා එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.6ක් දක්වා පහල බැස තිබූ අතර මෙම උෂ්ණත්වය තවත් දශම දෙකකින් ඉහල ගියහොත් එය දිවයිනෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

මීට පෙර උෂ්ණත්වය පොළොන්නරුවේ ඉහල ගියේ 2011 වසරේ ජූලි 7 වනදාය. ඒ සෙල්සියස් අංශක 36.8ය. පසුගිය වසරේ එම වාර්තාගත උෂණත්වයට වඩා මේ අනුව අංශක 3කින් මෙම වසරේ උෂ්ණත්වය වැඩිවී තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව මීට පෙර උෂ්ණත්වය ඉහල ගොස් තිබෙන්නේ මීට වසර 122කට පෙරයි. 1890 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වාද, ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.8 දක්වා වැඩිවී තිබුණා.

එම ප්‍රදේශ වල කැලෑ ශීග්‍රයෙන් එළි කිරීම මෙලෙස උෂ්ණත්වය ඉහල යෑමටත්, වර්ෂාව නොලැබී යාමටත් හේතුවී ඇත

අනුරාධපුරයට අයිස් වර්ෂාවක්

මේ අතර අනුරාධපුර දිස්ත්‍රිකයට වර්ෂාව රහිත කාලගුණය අවසන් කරමින් පෙරේදා (06) ඇදහැලුණු වර්ෂාව සමඟ ගලෙන් බිදුණු වැව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් ලැබී තිබෙනවා.

පෙරේදා සවස තද සුළගත් සමඟ ප්‍රදේශයට වැර්ෂාව ඇද හැලී ඇති අතර, ඒ සමඟ විනාඩි විස්සක පමණ කාලයක් විශාල ප්‍රමාණයේ අයිස් කුට්ටි වැටුණු බව ප්‍රදේශවාසින් පවසනවා.

Read more: www.gossip9.com

About the Author

Posted by gossip lanka live on 10:07 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:07 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "අනුරාධපුරයට අයිස් වර්ෂාවක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.